Saturday, October 24, 2015

බෝසත් දරුවන් තනන දහම් පාසල









අධ්‍යාපනය යන්නෙහි පුළුල් අර්ථය වන්නේ.. ‘ තමා තුළ ඇති හැකියාවත් , ශක්තියත් , මතුකොට ගෙන ගුණාත්මකව හා සාර්ථකව ඉහළ තලයකට ගමන් කිරීම .. යනුයි. ..

අලෝකෝ උදපාදී , විජ්ජා උදපාදී , පඤ්ඤා උදපාදී
න අනනසුතෙසු ධම්මේසූ ..

යන්නෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලද අවස්ථාවේ උදාන වාක්‍යයෙහි දේශනා කර ඇත්තේ ද මෙවැනිම අදහසකි. එම නිසා අධ්‍යාපනයෙහි යෙදෙන සෑම පුද්ගලයෙකුටම ගුණාත්මකව ඉහළ තලයකට යාමට නම් පාසල් අධ්‍යාපනය පමණක්ම ප්‍රමාණවත් නොවන බව තර්කයෙන් තොරව පිලිගත යුත්තකි. මෙහිලා ‘’දහම් පාසල’’ තුළින් ලබන දැනුම හා ආභාෂය දරුවන් තුළ ගුණාත්මක චාර්යාවන් ඇති කිරීමට ඉමහත් පිටුවහලක් වේ.

උසස් කුල උපතක්
දහස් ගම් බිම් තිබුණත්
පිරිස් බල සිටියත්
උසස් නැත සිප් සතර නැතහොත් .. ‘’

උසස් කුලය , දේපළ මිල මුදල් , පිරිස් බලය ආදී සෑම දේ ලැබුණත් , නිසියාකාර උගත්කමක් නැති කල උසස් පුද්ගලයෙකු වීමට නොහැකි බව එදා ‘සිරිත් මල්දම ‘ කෘතියෙහි කතවරයා (මුහන්දිරම් ඇම් ඇල් සිල්වා ශූරීන්) කියා තිබේ. වර්තමාන සමාජය තුළ සදාචාරය හා ගුණ ධර්ම පිරිහී යාමට හේතු වූ කරුණු රාශියක් තිබේ. සමාජ වි්‍යාඥයෙකු වු සර් අයිවර් ජෙනින්ස් පෙන්වා දෙන ආකාරයට පුද්ගලයන්ගේ එකතුව යනු සමාජයයි.
තරගකාරී රටාවකට හුරු වී ඇති පුද්ගල එකතුවකගෙන් සැදුම් ලත් වර්තමාන තරගකාරී සමාජය තුළ ආගම දහම කෙරෙහි ඇති නැඹුරුව අඩු වී යාම සදාචාරය හා ගුණධර්ම පිරිහී යාමට එක් හේතුවක් බව මගේ හැඟීමයි. ‘’සහතික’’ හඹා යන වර්තමාන අධ්‍යාපන රටාව තුළින් අපේ පැරැණි සිරිත් විරිත් ගිලිහී යාමත් ගෝලීයකරණයට හසුව , විදේශීය ගති පැවැතුම් අගය කිරීම හා වැළඳ ගැනීමත් අපේ සිංහල සංස්කෘතිය හා සභ්‍යත්වය පිරිහීයාමට හේතු වූ බව අප විසින් පිළිගත යුතුව තිබේ.

මගෙ පැටවු ටිකක්..මාත් ඉන්නව මේකෙ ඔන්න



සදාචාරය හා ගුණ ධර්ම රැක ගැනීම ආගම දහමට නැඹුරු වූවන්ගේ ලක්ෂණයකි. බෞද්ධයන් පමණක් නොව ක්‍රිස්තියානි මුස්ලිම් ආදී අන්‍ය ආගමිකයන් පවා තම ආගමික නායකයාගේ අණට කීකරුව ආගමානුකූලව ජීවත්වීමට දහම් අධ්‍යාපනය උගනිති. සෑම ආගමක් තුළින්ම උත්සාහ කරනුයේ වරදින් මිදුන සමාජයට වැඩදායක පුද්ගලයෙකු හැඩ ගැස්වීමයි. බෞද්ධයන් වූ අප ඈත අතීතයේ පටන් ම දරුවෙකුගේ උපතේ පටන් මෙලොවින් සමුගන්නා තෙක්ම ආගමානුකූල වත් පිලිවෙත් පිළිපැදීම සිරිතකි. විවාහ දිනයේ දී පෝරු මස්තකප්‍රාප්ත වන නව යුවළට අත පැන්වත් කිරීමත් , ජය මංගල ගාථා යනාදිය කියා ආශීර්වාද කිරීමත් සිංහල බෞද්ධයන්ගේ සිරිතකි. නව යුවළ නව නිවසක පදිංචි කරනුයේ ද මහා සංඝරත්නයේ ආශීර්වාද මැද සෙත් පිරිත් සජ්ඣායනා කිරීමෙනි.

එතැන් පටන් මාතෘත්වය ලැබීමට සූදානම් වන අවස්ථාවේ පවා ‘ අංගුලිමාල පිරිත’ ඇතුළු සෙත් පිරිත් සජ්ඣායනා කිරීම , බෝධි පූජා පැවැත්වීම වැනි ආගමික වතාවත් ඉටු කිරීම සිදු කෙරේ. අලුත උපන් කිරි කැටියා මුලින්ම රැගෙන යන්නේද පන්සල වෙතය. ඉඳුල් කට ගෑම අකුරු කියවීම , ආදී ජීවිතයේ විශේෂිත වූ සෑම සිදුවීමකදීම පන්සල මහා සංඝරත්නය මුල්කර ගැණිනි. එම රාමුව තුළ තැනුන දරුවා සමාජයට බොහෝ වැඩදායක පුද්ගලයෙකු වූහ.
එදා බෝ සෙවණ යට , විහාර ගෙය තුළ අකුරු කියවු දරුවාගේ් සිත තුළ ඇති වූ පහන් හැඟීම් දරුවා වරදින් මුදා ගැනීමටත් , තැන්පත් දරුවෙකු කිරීමටත් යම් තරමක් දුරට හෝ හේතු වු බව සත්‍යයකි. පාසල හා දහම් පාසල තුළ අප දකින වෙනසද මෙයමය. පාසලේ පන්ති කාමරයකට සීමාවන දරුවාගේ සිත පන්සල් භුමියේ දී චෛත්‍යය , බෝ මළුව , බුදු ගෙය වැනි ස්ථාන තුළ රැඳී පවතී. පවට බිය වීම , බොරු කීමෙන් ඈත්වීම දහම් පාසල් දරුවන් තුළ නිබඳව ඇත්තේ එබැවිනි එදා නූගත් යැයි සැලකුන සමාජයේ වැඩිහිටියන් පුරුදුව සිටියේ දරුවාට ගල්ලෑල්ලක් , ගල්කූරක් අරන් දී ගමේ පන්සලේ නායක හාමුදුරුවන් වෙත භාර දීමය. පන්සල් භූ®මිය , භික්ෂු , සංඝයා සමඟ ගැටෙමින් අකුරු උගත් දරුවා මහා උගතකු නොවූවද , සමාජයට හිතාකාමී ප්‍රගතිශීලී පුද්ගලයෙකු විය. අද පාසල මතින් වැඩි අධ්‍යාපනයක් ලබන දරුවාට වඩා එදා පන්සල් අධ්‍යාපනය තුළින් අධ්‍යාත්මික දියුණුවක් ලැබූ දරුවා සමාජයට වැඩදායක වූයේ ය.
                                                                      
                                                               භක්ති ගීත




ඉගැන්වීම් ක්‍රියාවලියේ දී බලාපොරොත්තු වන ප්‍රජානත , ආවේදන , හා මනෝචාලක යන අංශ තුළම සම්පූර්ණ කෙරෙන එකම අධ්‍යාපන ආයතනය ‘’ දහම් පාසල’’ බව කියා දෙන්නට මම මෙය මහගු අවස්ථාවක් කර ගනිමි. පාසල තුළදී පොත පත ඇසුරින් දැනුම ලබා ගන්නා දරුවාට ජීවිතය ඉදිරියට ගෙන යාමේ බලවේගය එමඟින් ලැබේ. දහම් දැනුම ලබන දරුවාට ජීවිතය ජය ගැනීමේ පාලන බලවේගය දහම් පාසල තුළින් ලැබේ. පාසල තුළින් බුද්ධි වර්ධනය හා සහතික පත් ගොඩ ගසා ගන්නා දරුවාට සදාචාරාත්මක ගුණවගාවන් හා ජීවිත හරයන් උගන්වන්නේ දහම් පාසලයි.

සංයුක්ත නිකායෙහි දෙවතා සංයුතියෙහි ඇතුළත් වුට්ඨි සූත්‍රයෙහි සඳහන් වන පරිදි නැගෙන්නවූත් අතරින් විද්‍යා (ප්‍රඥාව) ශ්‍රේෂ්ඨ වන බව බුදු රජාණන් වහන්සේද දේශනා කර ඇත. ප්‍රඥාව නම් දැනුම හා පැහැදිළි අවබෝධයයි. ලෞකික හා ලෝකෝත්තර සියලු සැප සම්පත් ලබා ගැනීමට ප්‍රඥාව මූලික වන බව අප මහා භාග්‍යවතුන් වහන්සේ දේශනාකර ඇත. ආලවක යක්ෂයා ඇසූ පැනයකට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ‘’ප්‍රඥා ජීවිං ජීවිතමාහු සෙට්ඨං..’’ යනුවෙන් ප්‍රඥාවෙන් ජීවත් වීමට ශ්‍රේෂ්ඨ බව වදාළහ. එසේ නම් සමාජයේ ජීවත් වන අප කා හටත් එදිනෙදා ජීවිතය ගෙන යාමට අවශ්‍ය වන පැහැදිළි අවබෝධය ප්‍රායෝගිකව අත් විදීමට හැකි තවත් එක් ස්ථානයක් ලෙස දහම් පාසල දරුවාට වැදගත් වන්නේ ය.

1886 දී ගාල්ල වල්ලිවත්තේ විජයානන්ද දහම් පාසලෙන් ඇරඹුන දහම් පාසල් සේවාව තුළින් එදා මෙදා තුර සමාජයට දායාද කර දුන් බෝ්සත් දරු පරපුර අප රටට ආඩම්බරයකි. සමාජයට වැඩදායක දරු පරපුරක් තැනීමෙහි ලා නිස්සරණාධ්‍යාශයෙන් සේවාවෙහි යෙදෙන සමස්ත දහම් පාසල් ගුරු පරපුරට අප රටෙහි සියලු දෙනාගේම ප්‍රණාමය හිමි විය යුතුය. කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොතකා තම කාලය හා ශ්‍රමය කැප කරන මේ ගුරු පරපුර අගය කිරිම දෙමාපිය සැමගේම යුතුකමකි. ඔවුනට හිමි ගෞරවය තවමත් සමාජයෙන් නොලැබීම කනගාටුවට කරුණකි.
ඈත අතීතයේ සිට මෙතෙක් අප රටෙහි බිහි වූ දාමරිකයන් හා පාතාල නායකයන්ගේ චරිත කථා පිරික්සීමේ දී පෙනී යන්නේ ඔවුන් අතරින් දහම් අධ්‍යාපනය නොලැබූවන්ගේ ප්‍රතිශතය වැඩි බවය. ලක් ඉතිහාසයේ මෙතෙක් බිහි වූ දරුණුතම ත්‍රස්තවාදි නායකයා ලෙස සැලකෙන වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ චරිතය මේ කියමන සනාථ කිරීමෙහි ලා ඇති හොඳම සාධකයයි. 2009 මැයි 21 දින ‘දිනමිණ’ පුවත් පතෙහි පළ වී තිබූ ආකාරයට ප්‍රභාකරන්ගේ කුඩා අවධිය ගැන ‘’ ධ්ව්ඉධ්ච්ඡ් ඒව් ඡ්ඹ්උඉධ්ඍඡ් ර්ධ්ව්ච්’’ නම් කෘතියෙහි ඔහු සඳහන් කර ඇත්තේ මෙසේ ය. මගේ ළමා කාලය ගෙවී ගියේ හුදෙකලා නිවෙසක කුඩා කවයක් තුළය. .. මෙසේ හැඳුන ප්‍රභාකරන් කුඩා අවධියේ සිටම කැටපෝලය ආයුධය කරගෙන විවිධ හිංසාකාරී ක්‍රියාවනට පෙළඹි ඇත.

කෘමීන් වැනි සතුනට ඉදිකටුවලින් ඇණ මරා දැමීම ඔහුගේ ආශාවක් වී ඇත. ඒ කාලයේ ප්‍රභාකරන්ගේ දෙමාපියන් ඔහු ගැන සැලකිළිමත් වූයේ නම් පාසල් , අධ්‍යාපනය කෙසේ වෙතත් ඔවුන්ගේ ආගමානුකූ®ල අධ්‍යාපනයකට ඔහු යොමුු කළේ නම් ප්‍රභාකරන්ගේ දෛවය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි. ‘’අධ්‍යාපනය’ තුළින් දරුවා ‘පූර්ණ’ පුද්ගයෙකු කරයි ‘ දහම් අධ්‍යාපනය’ තුළින් පුර්ණ දරුවා ‘පරිපූර්ණ’ පුද්ගලයෙකු කරයි’ මේ නිසා තම දරුවාට දහම් අධ්‍යාපනය ලබාදීම අද කාලයේ දෙමාපියන් සතු සුවිශේෂී වගකීමකි’ සාදාචාරාත්මක , ගුණ ධර්ම හෙබි පිරිපුන් මිනිසුන් පිරි සමාජයක් බිහි කිරීමෙහි ලා එය ඉතා වැදගත් වනු ඇත. තරගකාරී සමජයේ ඔබේ දරුවා උගතෙකු , දක්ෂයෙකු පමණක් නොව සාරධර්ම , ගුණ දහමින් හෙබි සදාචාර සම්පන්න දරුවෙකු කිරීමට පියවර ගැනීම දෙමාපියන්ගේ උදාර වගකීමක් බව මතක් කරමු.




‘පඤ්ඤා නරානං රතනං ..’’ මනුෂ්‍යායට ඇති උසස්ම රත්නය ප්‍රඥාව බව අජරසා සූත්‍රයෙහි බුදුරජාණන්වහන්සේ දේශනා කොට ඇත. ලෝකයෙහි, ඇති සියලු සංස්කාර ධර්මයන් ඇති සැටියෙන් දකිනා නුවණ ප්‍රඥාවයි. දහමට අනුමව ජීවිතාවබෝධයක් , දැනුමත් ලබා ගැනීමට ඇති ස්ථානය දහම් පාසලයි. එහෙත් දහම් පාසලට පැමිණීමටවත් වේලාවක් දැන් දරුවන්ට නැත. ඇතැම් උදෑසන පාසලට යන දරුවාට පාසල නිමා වී නිවසට පැමිණෙනවා වෙනුවට යාමට සිදු වන්නේ උපකාරක පන්තිය වෙතය. එවැනි පන්ති කීපයකට සහභාගී වන දරුවා නිවෙසට පැමිණෙන විට රාත්‍රී ආහාරය ගන්නා වෙලාවද පසුවි හමාරය. යාන්ත්‍රික දිවි පෙවෙතක් හිමි වී ඇති වර්මාන දරුවන් ඉරිදා දින පවා උපකාරක පන්තිවලට යොමු කිරීමට වැඩිහිටියන් උත්සුක වෙයි.

දහම් පාසලට පැමිණ ඉගෙන ගන්නට ඔවුන්ට වෙලාවක් නැත. දහම් පාසල තුළ පැවැත්වෙන බාහිර කටයුතු සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි කරවා ගැනීමට පවා නොහැකි තත්ත්වයකට පත්වී තිබීම කනගාටුවට කරුණකි. මෙය වගකිව යුත්තන්ගේ අවධානයට ලක්විය යුතු කරුණක් බව අවධාරණය කරනු කැමැත්තෙමු. අඩුම තරමින් ඉරිදා දිනයන් හි පමණක්වත් උපකාරක පන්ති පැවැත්වීම නවත්වන්නේ නම් එය දැයේ දරුවනට කෙරෙන මහඟු සේවයක් වනු ඇත.
ජාතිකානුරාගය , දේශාභිමානය වැනි හැඟීම් උද්දීපනය කෙරෙන දහම් අධ්‍යාපනය පුද්ගල ජීවිතයකට අත්‍යාවශ්‍යය. අද සමාජය තුළ දරුවකු හට සුමඟට යාමට වඩා නොමඟ යාමට ඇති ඉඩකඩ වැඩිය. පාරිගණක යුගයක ජීවත්වන අපේ දරුවන් මත්කුඩු, මත්වතුර පාවිච්චියට පමණක් නොව ඇතැම් ඖෂධ වර්ග පවා මත් වතුර ලෙස පාවිච්චියට ගැනීමට යොමුවී ඇත්තේ කාගේ වරදින්ද .. ? දෙමාපියනි, අද ඔබ සතු වගකීම ඔබෙන් ගිලිහී ගොස් ඇති බව මතක් කරමු. ඔබේ දරුවා මුදල් ගෙවා ටියුෂන් පන්ති වෙත යැවීමට උනන්දුවන්නා සේම දහම් පාසලට යොමු කිරීමටත් උනන්දු වන්න. අද වැඩිහිටි නිවාස තුළට හිරවී දුක්ගිනි උසුලන වැඩිහිටියන් අතරට අනාගතයේ දී ඔබද එක් නොවන්නට වග බලා ගැනීමට නම් අද ඔබේ දරුවාට දහම් අධ්‍යාපනය ලබා දෙන්න. සැමට තෙරුවන් සරණ ලැබේවා!!!


       මගෙ පැටවු ටිකක්..මාත් ඉන්නව මේකෙ ඔන්න



ආචාර්‍ය මණ්ඩලය




ආචාර්‍ය මණ්ඩලය හා ශිශ්‍ය නායක,නායිකාවන්




Friday, October 23, 2015

ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම


මෙහි පලමු කොටස මෙතනින්
කලින් ලියන ලදි

http://magebima.blogspot.it/2015/09/blog-post.html


ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම යනු ඊශ්‍රායෙලය හා පලස්තීන රාජ්‍යයන් අතර දිගු කලක පටන් අඛණ්ඩ පැවත එන ආරවුලකි. එය පැතුරුණු අරාබි-ඊශ්‍රායෙල අර්බුදයේ කොටසක්ද වේ. ප්‍රධාන වශයෙන්ම මෙම අර්බුදයට හේතුව වී තිබෙන්නේ එකම ප්‍රදේශයක අයිතිය පිළිබඳව දෙරට අතර ඇතිව තිබෙන මතභේදයයි. ඊට"ද්වි-රාජ්‍යය විසඳීමක්" ඇතිකර ගැනීමට නොයෙක්වර උත්සාහගෙන ඇත. එනමුත් "ද්වි-රාජ්‍යය විසඳීමක් මඟින් සටන් ඇතිවී ඇති භූමියේ නිදහස් ඊශ්‍රායෙල ජනපදයක් හා පලස්තීන ජනපදයක් ඇතිකෙරේ. අද වන විට එවැනි විසදුමකට බොහෝ පලස්තීනුවන් හා ඊශ්‍රායෙල ජාතිකයන් එකඟ වී තිබෙන අතර ගාසා තීරයේ හා බටහිර ඉවුරේ අයිතිය පිළිබඳව ඇති ගැටළුව විසඳා ගැනීමට තිබෙන හොඳම විසඳුමද "ද්වි-රාජ්‍යය විසඳීම" බව ඔවුන් පවසයි.බොහෝ ඊශ්‍රායෙල ජාතිකයන්ද පිළිගන්නා පරිදි, බොහෝ පලස්තීනුවන්ගේද අදහස ගාසා තීරය හා බටහිර ඉවුර තම රාජ්‍යයට ඈඳා ගතයුතු බවයි. උගත් සුළු පිරිසක් පමණක් ගාසා තීරය හා බටහිර ඉවුර ඊශ්‍රායෙල හා පලස්තීන ජාතිකයින්ට සම අයිතිවාසිකම් ලැබෙන "තනි රාජ්‍යය විසඳුමක්" සුදුසු යැයි යෝජනා කර තිබේ. එනමුත් අවසාන එකඟවීම කෙසේ සිදුවිය යුතුද යන්න හා අන්‍යෝන්‍යය දායකත්වය පිළිබඳ විශ්වාසනීයත්වය පිළිබඳව තවමත් මතභේද පවතී.

අභ්‍යන්තර හා අන්තර්ජාතික බොහෝ පිරිස් මෙම අර්බුදයට සම්බන්ධ වී තිබේ. සෘජුව මැදිහත්ව ඇති කණ්ඩායම් දෙක වන්නේ, එහුද් ඔල්මට් ගේ නායකත්වයෙන් යුක්ත ඊශ්‍රායෙල රජය හා මොහොමඩ් අබ්බාස් ගේ නායකත්වයෙන් යුක්ත පලස්තීන විමුක්ති සංවිධානයයි. නීත්‍යානුකූල සාකච්ඡා හසුරුවනු ලබන්නේ මැදපෙරදිග චතුරංගිය සේනා(Quartet on the Middle East) ලෙස හඳුන්වන ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, යුරෝපා සංවිධානය හා එක්සත් ජාතීන්ගෙන් සමන්විත බල ඇණියක් මඟිනි.

බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර්ද විශේෂ නියෝජිතයෙක් ලෙස පෙනී සිටියි. ඔහු විසින් විකල්ප සාම ක්‍රියාදාමයක් යෝජනා කරනු ලැබ ඇත. අරාබි ලීගයද වැදගත් මැදිහත් කරුවෙකි. අරාබි ලීගයේ ආරම්භක සාමාජිකයකු වන ඊජිප්තුවද මෙම අර්බුදයට ‍ ඓතිහාසිකව සම්බන්ධ වුනු හවුල්කරුවෙකි.

වසර 2006 සිට පලස්තීන ප්‍රදේශ ප්‍රධාන පාර්ශව දෙක අතර ඇතිවුණු සටන් නිසා බිඳී ගොස් ඇත. මෙම පාර්ශව දෙක වන්නේ ‍‍ෆටාහ් (Fatah) හා හමාස් (Hamas) නම් ඉස්ලාමික සටන් කණ්ඩායම් නිසාවෙනි. මෙම හේතුව නිසා පලස්තීන ජාතික අධිකාරිය පාලනය යටතේ තිබු ප්‍රදේශය බටහිර ඉවුර ‍ෆටාහ් සංවිධානය යටතද, ගාසා තීරය හමාස් සංවිධානය යටතටද බෙදී තිබේ. හමාස් සංවිධානය, පලස්තීන 2006 ඡන්දය ජයග්‍රහණය කලද, ඔවුන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඊශ්‍රායෙලය හා අනිකුත් රටවල් විසින් සලකනු ලබන නිසා මෙම බෙදීම ප්‍රශ්නකාරී තත්වයක් නිර්මාණය කර තිබේ. එම නිසා නීත්‍යානුකූල සාකච්ඡා වලට සහභාගී වීමටද ඔවුන්ට ඉඩ දෙනු නොලැබේ.

මෑතකදී ඇතිවූ සාම සාකච්ඡා වටය 2007 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ අන්නපොලිස් (Annapolis) හීදි ආරම්භ විය. 2008 වසර අවසානය වනවිට මෙම අර්බුදය සමථයකට පත්කිරීම මෙම සාකච්ඡා වටයේදී අරමුණු කර ඇත. සාකච්ඡාවලට සම්බන්ධ පාර්ශව මඟින් අර්බුදයට සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්න 6ක් හඳුනාගෙන ඒවා "අවසාන තත්වය" විසඳීම සිදුකළ යුතු බවට එකඟ වී ඇත. හඳුනාගත් ගැටළු වන්නේ ජෙරුසලම, අනාථයන්, පදිංචිකිරීම්, ආරක්ෂාව, දේශසීමාවන් හා ජලය යන කාරණායි. සාකච්ඡා වටයේදී මෙම කාරණා පිළිබඳව ගැඹුරට සාකච්ඡා කරනු ලබයි.

ඊශ්‍රායෙල හා පලස්තීන ජන සමාජයන් තුළ මෙම අර්බුදය පිළිබඳව බොහෝ මතවාද හා අදහස් ගොඩනැගී ඇත. ("සාම ක්‍රියාදාමය පිළිබඳව වූ ඊශ්‍රායෙල - පලස්තීන මත" යන ලිපිය ද කියවා බලන්න). මෙම මතභේදයට ගොදුරුව සිටින ජනකොටස් ඊශ්‍රායෙල හා පලස්තීනුවන් ලෙස පමණක් නොව ඔවුනොවුන් අතර වෙනත් බෙදීම්ද ඇතිකර ගෙන තිබේ.

මෙම අර්බුදයේ වඩා සැලකිය යුතු කරුණක් වන්නේ මේ ජන කොටස් තුළ ඇතිව තිබෙන අධික ප්‍රචණ්ඩත්වයයි. දෙරටේ හමුදා හමුදා අතර ඇතිවන සටන් මඟින්ද, නිල නොලත් සටන්කරුවන්ද, ත්‍රස්තවාදීන් විසින්ද මෙහෙයවනු ලබයි. තුවාලකරුවන් හෝ මරණයට පත්වන්නන් හමුදාවට පමණක් නොව දෙපාර්ශවයේ අහිංසක ජනතාවට අයත් වේ.

බටහිර ඉවුර නොමැතිව ඊශ්‍රායෙලයේ පටුම ස්ථානයට දුර සැතපුම් 9 ක් පමණ වෙයි. මෙම තත්ත්වය ඉදිරියේදි අරාබි සන්ධානයට පහසුවෙන් ප්‍රහාර එල්ල කළ හැකි තත්ත්වයක් වෙතැයි බොහෝ අය බිය වූහ. ඊටත් වඩා එවැනි හමුදාවක් සටන් කරතොත් එසේ කරන්නේ බටහිර ඉවුරේ උස් බිම්වල සිටය. ජෝර්දාන් ඟග තරණය කිරීමට සිදු නොවන හෙයින් ආක්‍රමණයද පහසු වනු ඇත.

පලස්තීන භූමීයේ සිට ඊශ්‍රායෙලයට කසම් රොකට් ප්‍රහාර එල්ල කිරීමද සැළකිල්ලට ගත යුතු බරපතල කරුණක් විය. 2006 වර්ෂයේදී එනම් ඊශ්‍රායෙලය ගාසා තීරයෙන් ඉවත් වීමෙන් පසු එළැඹි වර්ෂයේ එවැනි ප්‍රහාර එල්ල කිරීම් 1726 ක් සිදුවුණු බව ඊශ්‍රායෙල රජය වාර්තා කළේය. මෙම ප්‍රමාණය 2005 දී එල්ල කළ රොකට් ප්‍රහාර සියල්ලේම එකතුවට වඩා සිව් ගුණයක වැඩි වීමකි.
ඊශ්‍රායෙලය පිළිගැනීමෙන් ඊශ්‍රායෙලය හා පලස්තීනය අතර ඝට්ටනයන් අඩු වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. මෙහි ප්‍රථිපලයක් ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා ද අඩු වනු ඇතැයි ඇතැම් උදවිය විශ්වාස කළහ.

දේශ සීමා සහ අන්තර්ජාතික තත්ත්වය

අතීතයේදි පලස්තීන භූමි ප්‍රදේශය, ජෝර්දානය සහ ඊජීප්තුව අතරේ දේශසීමා පාලනයද ආනයන හා අපනයන පාලන අයිතියද ඊශ්‍රායෙලය විසින් ඉල්ලා තිබුණි.ඒ ඊශ්‍රායෙලය සහ පලස්තීනය එකම ආර්ථික ප්‍රදේශයක් බව ස්ථිර ලෙස ප්‍රකාශ කරමිනි. ඊශ්‍රායෙල භූමියෙන් වෙන් වන යාබද භූමි ප්‍රදේශයක අවශ්‍යතාවය පලස්තීනුවන් විසින් අවධාරණය කර සිටියහ. ඔස්ලෝ සම්මුතියට අනුව ළඟා වුණු තාවකාලික එකඟතාවය තුළ පලස්තීන අධිකාරියට ඒ (Area A) ප්‍රදේශයේ නගරවල පාලනය ලැබුණි. ඊශ්‍රායෙලය ආරක්ෂාව යටතේ පලස්තීන සිවිල් පාලනයට බී පෙදෙස(Area B) යටත් කෙරිණි. සී (Area C) ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඊශ්‍රායෙල පරිපාලනයට යටත් කරන ලදී. පලස්තීන නගරවලට ඇතුළු නොවී ඒවා මග හැර යාමට හැකි වන අයුරින් ඊශ්‍රායෙලය අතිරේක මහා මාර්ග (High Way) තැනුවේය. පලස්තීන අධිකාරියේ පාලනය යටතේ තිබුණු මුල් ප්‍රදේශ නොයෙක් නොයෙක් ආකාරයන් ගෙන් යුත් නොවූවා සේම යාබදවද පිහිටි ඒවාද නොවීය. ඔස්ලො ii සම්මුතියද වයි රිවර් සහ ෂාර්ම් එල් - ෂෙයික් සහ ඊට පසුව කෙරුණු නොයෙකුත් සාකච්ඡාද හේතුවෙන් කාලය ගත වන විට එම ප්‍රදේශ වෙනස් වීම්වලට භාජනය විය. පලස්තීනුවන්ගේ මතයට අනුව වෙන් කරන ලද ප්‍රදේශ ජීවත් වීමට හැකි ජාතියක් නිර්මාණය කිරීමට සුදුසු නොවීය. එමෙන්ම පලස්තීන ආරක්ෂක අවශ්‍යතා පිරිමැසීමට ප්‍රමාණවත් නොවීය. ඊශ්‍රායෙලය ඇතැම් බී පෙදෙස්වලින් ඉවත් වීම ගැන එකඟතාවයක් ප්‍රකාශ නොකළහ. පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍රවීම හේතුවෙන් මෙම සැලසුම අයත්කර ගැනීමත් අත් හැර දැමුණි. මුර පොළවල් සංඛ්‍යාව වැඩි කෙරිණි. එහි ප්‍රථිපලය වූයේ 2003 ග්‍රීෂ්ම ඍතුවේ පටන් මිනිස් බෝම්බ වැඩි වශයෙන් එල්ල වීමයි. අවසාන සිතියම සඳහා එකද පාර්ශවයක් හෝ යෝජනාවක් ප්‍රකාශ කළේ නැත. (ඇතැම් සිතියම් රහසෙන් එළි දැක්විණි)

                A                                                          B










පලස්තීන ආණ්ඩුව


පලස්තීන අධිකාරිය (Palastinian Authority) විවිධාකාර වූ අංශයන් මෙන්ම ඇතැම් විට පලස්තීනුවන්ද හවුල් වීමෙන් දූෂිත වන්නට ඇතැයි සැලකේ. හමාස් සහ වෙනත් ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන සමග පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා උපයෝගී කර ගෙන පලස්තීනුවන් අන්තවාදීන්ට රහසෙන් උදව් කරයි. ඊශ්‍රායෙලය පැත්තෙන් බැලූ කල (විශේෂයෙන් ඊශ්‍රායෙලයේ දක්ෂිණාංශික කණ්ඩායමට අනුව) මෙම තත්ත්වය එතරම් සුදුසු තත්ත්වයක් නොවීය. මේ නිසා කලින් ඊශ්‍රායෙලය පාලනය කළ ලිකුද් පක්ෂය ඇතුළු බොහෝ සංවිධාන ගණනාවක් වර්තමාන පලස්තීන අධිකාරිය පදනම් කර ගත් පලස්තීන රාජ්‍යයක් පිළිනොගන්නා බව ප්‍රකාශ කළහ. කලින් ලිකුද් පක්ෂයේ නායකයෙකුව සිටි ඒරියල් ෂැරෝන්ද ප්‍රද්ධියේ ප්‍රකාශ කරමින් මෙම තත්ත්වය වඩාත් විප්ලවවාදී බව කියමින් ප්‍රතික්ෂේප කළේය.
පලස්තීන අධිකාරියේ කැබිනට් ඇමතිවරයෙකු වූ සඑබ් එරෙකට් කීවේ ඊශ්‍රායෙලය බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ තම බලය පවත්වාගෙන යාමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඊශ්‍රායෙලය පලස්තීන රාජ්‍යයක් ලෙස පිළිගෙන නැත. එසේම ගාසා තීරය සහ බටහිර ඉවුරේ නඩු විමසීමකින් තොරව සැකකරුවන් ඝාතනය කෙරිණි. ඇතැම් අන්තර්ජාතික නිරීක්ෂකයින් උපදෙස් දුන්නේ සාකච්ඡාවල ප්‍රගතියක් පෙන්වන්නේ නම් අභ්‍යන්තර පලස්තීන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිය යනුවෙනි.

ගුවන් කලාපය

බටහිර ඉවුරේ සහ ඊශ්‍රායෙලයේ කි.මි.80 ක් පළලට පමණක් ගුවන් කලාපයක් පිහිටුවීම සිදුවිය. ඊශ්‍රායෙලය බටහිර ඉවුර සහ ගාසා තීරයට ඉහළ අහසේ මෙන්ම ඊශ්‍රායෙලයේද ගුවන් සීමාවන් පාලනය කිරීමේ අයිතිය ඉල්ලා සිටියේය. මෙම ඒකාබද්ධ ගුවන් කලාපයේ පාලනය දෙපාර්ශවය විසින්ම හවුලේ පාලනය කිරීම පිළිබඳව වූ පලස්තීන යෝජනාව ඊශ්‍රායෙලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

පලස්තීන හමුදාව

යුද්ධයක් කිරීමට තරම් ප්‍රමාණවත් හමුදාවක් පලස්තීනයට නොසිටිය යුතු යයිද එවැනි හමුදාවක් සිටිය යුත්තේ ඊශ්‍රායෙලයට පමණක් යැයිද ඊශ්‍රායෙල කැබිනට්ටුව ප්‍රකාශයක් කළේය. එහෙත් පලස්තීනයේ පොලිස් හමුදාවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායෙලය එකඟතාවය පළ කළේය. එවැනි පොලිස් හමුදාවක් සාමාන්‍ය පොලිස් රාජකාරිවලට අමතරව සීමාසහිත ප්‍රමාණයක යුද කටයුතු කිරීමේ හැකියාව තිබීම ගැනද ඊශ්‍රායෙලයේ එකඟත්වය පළ විණි. IDF හමුදා ඉදිරියේදී බිහිවන පලස්තීන රාජ්‍යයකට තර්ජනයක් මෙන්ම ස්වාධීනත්වයට බාධාවක් බව පලස්තීනුවෝ තර්ක කරමින් කියා සිටියහ. පලස්තීන රාජ්‍යයකට තමන්ගේම ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බව ඔවුන් තහවුරු කරන ලදි.මෙයට ඊශ්‍රායෙලයේ ප්‍රතිචාරය වූයේ හමුදාවක් ගොඩනංවමින් තිබියදී ගිවිසුමක් අත්සන් කිරීම යනු අයහපත් අදහස් විදහා පෑමක් බවයි.

2000 ඩේවිඩ් කඳවුරු සමුළුව

2000 වසරේ බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා විසින් පලස්තීන ජනාධිපති යසර් අර්ෆත් හා ඊශ්‍රායෙල අගමැති ඊහුඩ් බැරක් අතර සාම සාකච්ඡා කැඳවීය. වාර්තාවන අන්දමට එහිදී බැරක් විසින් පලස්තීන නායකයාට කරන ලද යෝජනාව මෙසේය. එනම් බටහිර ඉවුරෙන් හා ගාසා තීරයෙන් දළ වශයෙන් 95% ක් නැගෙනහිර ජෙරුසලමේ පලස්තීන ස්වෛරීත්වය යටතේ පැවැත්වීමටද යුදෙව් ජනාවාස 69 ක් (එය බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසවලින් 85 % ක් අයත් කර ගනී) ඊශ්‍රායෙලයට පවරා ගැනීම ද යෝජනා කළේය. මේ අතර මොහු බටහිර ඉවුරේ ප්‍රදේශවල 10% ක ප්‍රදේශයක තාවකාලික ඊශ්‍රායෙල පාලනයක් යෝජනා කළ අතර එම ප්‍රදේශයේ යුදෙව් ජනාවාස රැසක් පැවතිණි. පලස්තීන මූලාශ්‍රයන්ට අනුව ඉතිරි ප්‍රදේශය පලස්තීන පාලනය යටතේ පවතිනු ඇත. තවදුරටත් ඇතැම් ප්‍රදේශ ඊශ්‍රායෙල කෙටි මාර්ග හා මුර කුටිවලින් භේදනයට ලක්විය හැකිය. ආරක්ෂක මාර්ග ඇති වන්නේ කෙසේද යන්න මත පදනම්ව මෙම ඊශ්‍රායෙල මාර්ග ඔවුන්ගේ යෝජිත රාජ්‍යය පුරා නිදහසේ සැරිසැරීම අවහිර කරන අතර පලස්තීන සරණාගතයන් අවශෝෂණයට ඇති හැකියාව අවම කරනු ඇත.
ජනාධිපති අර්ෆත් මෙම පිළිගැන්වීම ප්‍රතික්ෂේප කළේය. වාර්තාවන අන්දමට ජනාධිපති ක්ලින්ටන් විසින් අර්ෆත්ට සාධාරණ ප්‍රදානයක් යෝජනා කරන ලෙස ඉල්ලා සිටියද ඔහු කිසිවක් යෝජනා කර නැත. ඊශ්‍රායෙලය හා පලස්තීන ඉල්ලීම් සංසිදුවන ස්ථාවර විසඳුමක් එක්සත් ජනපද පීඩනයේ තීව්‍රතාව වැඩිවන ආකාරයෙන් යෝජනා නොවීය. ඩේවිඩ් කඳවුරු සමුළුවේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් ක්ලින්ටන් ජනාධිපතිවරයා පලස්තීන නායක අර්ෆත්ට බැන වැදිණි. සමුළුවෙන් පසු ගෙවීගිය මාසවලදී ක්ලින්ටන් හිටපු සෙනෙට් සභික ජෝජ් මිචෙල්ව කරුණූ සොයාබැලීමේ කමිටුවක නායකත්වයට පත්කළහ. ඔවුන් විසින් පසුව මිචෙල් වාර්තාව ඉදිරිපත් කරන ලදී. පසුව තාබා සමුළුවේදී 2001 ජනවාරි මාසයේදී ඊශ්‍රායෙල සාකච්ඡා කණ්ඩායම නව සිතියමක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවේදී තාවකාලික ඊශ්‍රායෙල පාලන ප්‍රදේශ ඉවත් කළ අතර පලස්තීන පාර්ශවය මෙම යෝජනාව තව දුරටත් සලකා බැලිය හැකි එකක් බව පිළිගත්තේය. මේ වකවානුවේදී අගමැති බැරක් තව දුරටත් සලකා බැලීම සිදු නොකළ අතර එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය. ඊළඟ මාසයේදී එනම් 2001 පෙබරවාරිවලදී දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂයේ අපේක්ෂක ඒරියල් ෂැරොන්ව ඊශ්‍රායෙල අගමැතිවරයා ලෙස තෝරා ගන්නා ලදී.

සම්පත් සහ ජලය බෙදීම

තමන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයන්ගෙන් එකක් ලෙස පලස්තීනුවන් සැලකුවේ යහපත් පරිසරයක ජීවත් වීමට තරම් අවශ්‍ය ඉඩම් හා වෙනත් සම්පත්ය. එබැවින් ඊශ්‍රායෙලය වෙනුවෙන් බොහෝ සම්පත් අත හැරීමට ඔවුනට බල නොකළ යුතු යයි ඔවුන් අදහස් කළේ ඒ මගින් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටීමට ලක් විය හැකි හෙයිනි.
මැද පෙර දිග කලාපයේ ජලය යනු දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සාධකයකි. ඊශ්‍රායෙලය ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා ග්‍රීන් ලයින් නම් ප්‍රදේශය පුරා විහිදී තිබුණු විශාල ජල නිධිවලින් ජලය ලබා ගැනීම, ඊශ්‍රායෙලය- පලස්තීන ගැටුම්වලට හේතුවක් වී පැවතුණි. පලස්තීන බල ප්‍රදේශයට අයත් බිමෙහි තැන්පත් වී තිබෙන ජලය ළිං කිහිපයක් ඔස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රයෝජනය පිණිසලබා ගැනිණි. මේ ගැන බොහෝ දෙනෙකු ප්‍රශ්න කළේ “ඊශ්‍රායෙලයේ ප්‍රයෝජනය පිණිස ඔවුන්ගේ ජලය පාවිච්චි කිරීමේ නීත්‍යානූකූල භාවය කුමක්දැ?"යි අසමිනි.
ඊශ්‍රායෙලය මෙම ප්‍රදේශයෙන් ලබාගත් ජලයෙන් 77% ක්ම බටහිර ඉවුර ප්‍රදේශයට සපයන බවද, මෙම තර්ක ඉදිරිපත් කළ විවේචකයින් විසින්ම පෙන්වා දෙන ලදී. ඊශ්‍රායෙලය බටහිර ඉවුරේ අයිතිය ලබා ගත් කළ එම පෙදෙස්වල ජලය ප්‍රයෝජනයට ගනු ලැබුවේ අඩු ප්‍රමාණයකි. එහෙත් ඒ වන විටත් පලස්තීනයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඊශ්‍රායෙලය පරිභෝජනය කරනු ලැබිණි. 1950 දී ඊශ්‍රායෙලය බටහිර ජල නිධියේ නිෂ්පාදනවලින් 95% ක ජල පරිභෝජනයක්ද ඊසාන ජල නිධියෙන් 82% ක ප්‍රමාණයක්ද ප්‍රයෝජනයට ගත්තේය. මෙම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගන්නා ලද්දේ 1967 ට පෙර තිබු දේශ සීමාවන්ට අනුව ඊශ්‍රායෙලය පැත්තෙනි. 1999 වන විට මෙම සංඛ්‍යාවන් පිළිවෙලින් 82% සහ 80% ප්‍රමාණයක් දක්වා පහත වැටුණි.

අවසානයේ ඊශ්‍රායෙලය 11 වැනි ඔස්ලෝ සම්මුතිය ගෙන හැර දක්වයි. මෙම සම්මුතියට අනුව දැනට පවත්නා සම්පත් සීමිතව ප්‍රයෝජනයට ගනිමින් පාලනයක් සහිතව පරිභෝජනයට දෙපාර්ශවයම එකඟ වූහ. මෙහිදි බටහිර ඉවුරේ ඊශ්‍රායෙල ජල නිෂ්පාදනයේ නීත්‍යානූකූල භාවය පලස්තීන අධිකාරිය විසින් පැහැදිලිව තහවුරු කරන ලදී. පලස්තීනයට අවශ්‍ය ජල ප්‍රමාණයේ යම් අඩුවක් වුවහොත් එම ප්‍රමාණය සැපයීමට නැගෙනහිර ජල නිධි (ජලය නිෂ්පාදනය සඳහා) කැණීමට පලස්තීනයට ඉඩ දීමටත් ඊශ්‍රායෙලය එකඟ විය. ඔස්ලෝ සම්මුතියේ අරමුණ තාවකාලික විසඳුමක් බවත් දශකයට වඩා කාලයක් එය සාර්ථකව නොපවතින බවත් කියමින් බොහෝ පලස්තීනුවන් විරෝධය පෑහ. එම ගිවිසුමේ නම වූයේ “ඊශ්‍රායෙල - පලස්තීන අන්තර්වාර් ගිවිසුම” යන්නයි.
මෙම ගිවිසුමෙන් රට තුළ හා මුහුදු සීමාවේ ස්වභාවික වායු ඉන්ධන සහ ඛනිජ තෙල් සඳහා කැනීම් කිරීමට හා පරීක්ෂණ පැවැත්වීමට පලස්තීන බලාධිකාරියට ඇති අයිතිය තහවුරු කරන ලදී.

සමූහ දඬුවම්

ඊශ්‍රායෙල ආරක්ෂක හමුදාව විසින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් කළ ඇතැම් ඉල්ලීම් සත්‍ය වශයෙන්ම අයුතු සමූහ දඬුවම් නියම කිරීමක් බව මානව හිමිකම් සංවිධාන සහ පලස්තීනුවෝ කියා සිටියහ. මේවාට ආක්‍රමණික යුද ක්‍රියා මාර්ග ද ඇතුළත් විය. ඊශ්‍රායෙලය තරයේ කියා සිටියේ මෙම යුද මෙහෙයුම්වල සහ ගාසා තීරයට විදුලිය කපාහැරීමේ ඉලක්කයන් වන්නේ ත්‍රස්තවාදීන්ට සැපයෙන පහසුකම් නවතා දැමීම බවයි.
මෑත ඉතිහාසයේ පලස්තීනයේ ආධාරකරුවෝ මෙම යෙදුම පාවිච්චි කළේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ඇතැම් ඊශ්‍රායෙල හමුදා ක්‍රියාකාරකම් හැඳින්වීමට සහ ඊශ්‍රායෙල මරණවලට වගකිව යුතු මිනිස් බෝම්බකරුවන් විනාශ කිරීම සඳහා වූ ඊශ්‍රායෙල ප්‍රතිපත්තිය හැඳින්වීමටයි. බ්‍රිතාන්‍ය ආඥා පත්‍රය (British Mandate) නිකුත් කළ කාලයේ පටන් සිදුවෙමින් පැවති මෙම ක්‍රියාව 2005 පෙබරවාරි මස ඊශ්‍රායෙලය විසින් නතර කරන ලදී. සමූහ දඬුවම් (Collective punishment) සඳහා වූ මෙම ඉල්ලීම තව දුරටත් දිගු කරනු ලැබුවේ ඊශ්‍රායෙලයේ අභ්‍යන්තර මාර්ග බාධක හා මුර පොළවල් පලස්තීනය තුළ පිහිටුවීම සඳහාය. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීමට මෙම ක්‍රියාමාර්ග ගතයුතු බවට ඊශ්‍රායෙලය තරයේ කියා සිටියේය.
බොහෝ මානව හිතවාදී සංවිධාන විසින් ගාසා තීරයට බාධා හා අවහිර කිරීම් විවේචනයට ලක් කරන ලදී. 2008 වසරේදී සමූහ දඬුවම් ස්වරූපයෙන් කරන ලද මෙම බාධා කිරීම් ජීනිවා සම්මුතියට අනුව නීත්‍යානුකූල නොවීය. ඊශ්‍රායෙලයද ජිනීව සම්මුතියේ සාමාජිකයකු විය. මෙම සංවිධානවලට ඇම්නෙස්ට් ජාත්‍යන්තරය ද, සේව් ද චිල්ඩ්රන්, කැෆොඩ්, කෙයා ඉන්ටර් නැෂනල් සහ ක්‍රිස්ටියන් ඒඩ් ද ඇතුළත් විය. කෙසේ වෙතත් ඇතැමෙක් තර්ක කරන්නේ සමූහ දඬුවම් යන වචනය අන්තර් ජාතික නීතියේ භාෂාව මෙහෙයවීමක් පමණක් බවයි. එහෙත් මෙය නීති විශාරදයින් විසින් සහ විචාරකයින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

ගාසා අවහිර කිරීම පිළිබඳ විවාදය

ඊශ්‍රායෙල රජය විසින් ගාසා තීරයට ඉන්ධන සහ විදුලිය සැපයීම කපා හැරීමද සිවිල් ජනතාව සඳහා පැනවූ සමූහ දඬුවමක් ලෙස හඳුන්වනු ලැබීය. යුද නීතිය යටතේ මෙය ඊශ්‍රායෙල වගකීම පැහැර හැරීමක් විය. 2008 පෙබරවාරි 7 දා සිට ඊශ්‍රායෙල රජය ගාසා තීරයට කෙලින්ම විකුණමින් සිටි විදුලිය අඩු කළේය. මෙයින් පසු ඊශ්‍රායෙල මහාධිකරණයේ නියෝගයක් නිකුත් විය. එයින් ගාසා තීරයට සපයන තෙල් ප්‍රමාණය තහුවරු කළේය. එම නියෝගයෙන් “ගාසා තීරයට සපයන ලද තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් අපගේ පැහැදිලි කිරීම වන්නේ පසුගිය වසරේ ශීත ඍතුවේදී එම පෙදෙසට සපයන ලද ඩීසල් ඉන්ධන ප්‍රමාණය හා සමාන ඉන්ධන ප්‍රමාණයක් මේ වසරේදී ගාසා තීරයට සැපයීමට ඊශ්‍රායෙලය භාරගෙන සිටින බවයි. මෙම කාරණයේදී පෙන්නුම් කරන ලද්දේ ගාසා තීරයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලැබෙන බවත් එය සාධාරණ ප්‍රමාණයක් බවත්ය. මෙම තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලියේදි පලස්තීනුවන් විසින් ඊශ්‍රායෙල ජාතිකයින් දෙදෙනෙකු මරු මුවට පත් කළ බවත් ජෙරුසලම් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කළේය.

පලස්තීන සමාජය ප්‍රචණ්ඩ ක්‍රියාවන්වලට පෙළඹීම සහ සමාජයම ආකල්පඊශ්‍රායෙල ජාතිකයින්ට තිබුණු ප්‍රධාන ගැටළුව නම් ප්‍රධාන පලස්තීන නායකයින් විසින් ඊශ්‍රායෙල පාලනය පිළිගැනීමට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රවර්ධනය කිරීමයි. ඊශ්‍රායෙලය නොපිළිගන්නා ලෙසට පලස්තීනුවන් සහ ප්‍රජා සංවිධාන විසින් මාධ්‍යයන් වෙත කරන ලද ප්‍රකාශ මෙහිදී ඊශ්‍රායෙලවරුන් විසින් පෙන්වා දෙන ලදී.

අල්ලා ගත් භූමි ප්‍රදේශවල තත්ත්වය

අත්පත් කර ගත් පලස්තීන් භූමිය” යනු බටහිර ඉවුර සහ ගාසා තීරය හැඳින්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාවිච්චි කරන ලද යෙදුමකි. මෙම ප්‍රදේශය 1967 දී පැවති සය දින යුද්ධයේදී ඊශ්‍රායෙලය විසින් ඊජීප්තුවෙන් සහ ජෝර්දානයෙන් අත්පත් කර ගත් කොටසකි. ඊශ්‍රායෙල රජය මෙහි තත්ත්වය දැක්වීම පිණිස යොදන්නේ “අර්බුද සහිත ප්‍රදේශය” (Disputed Territories) යන්නයි. ඇතැම් ප්‍රදේශ අත්පත් කර ගත්තා යයි හැඳින්විය නොහැක්කේ කිසිදු ජාතියකට ඒවාට පැහැදිලි අයිතියක් නොමැති බැවිනි. එසේම 1967 දී ඊශ්‍රායෙලය එම ප්‍රදේශ අල්ලා ගන්නා විට ක්‍රියාකාරී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමයක් නොතිබුණි. මෙම ප්‍රදේශ තවමත් “ජුදෙයා සහ සමාරියා” යනුවෙන් ඇතැම් ඊශ්‍රායෙල කණ්ඩායම් විසින් හඳුන්වනු ලබන්නේ පුරාණ කාලයේ සිට පැවත එන ඓතිහාසික ප්‍රාදේශික නාම පදනම් කර ගනිමිනි.
1980 දී ඊශ්‍රායෙලය නැගෙනහිර ජෙරුසලම අත්පත් කර ගත්තේය. එම වසරේම අගෝස්තුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ඈඳා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඊශ්‍රායෙලය කෙදිනක හෝ බටහිර ඉවුර හෝ ගාසා තීරය යා කර නොගත්තේය. කලාපය තුළ පිහිටි සියලුම රාජ්‍යයන්හි දේශපාලන නිදහස, භූමියේ අයිතිය, ස්වාධීනත්වය පිළිගැනීම සියලු ප්‍රශ්න නැතහොත් ආරවුල් ඇති විය හැකි අවස්ථා ඉවත් කිරීම සියලු රාජ්‍යයන්හි ජනතාවට බියෙන් හා සැකෙන් තොරව සාමකාමීව ජීවත් වීමට ඇති අවස්ථාව සහ මෑත දී ඊශ්‍රායෙලය අල්ලා ගත් ප්‍රදේශ වලින් ඊශ්‍රායෙල හමුදා ඉවත් වීම ආදි කාරණා ඉටු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරනය කර ගෙන සිටියේය.අවසානයට එහි සඳහන් සියලු ඉල්ලීම්, අදහස් මෙන්ම අභිප්‍රායන්ද අවුල් සහිත විය.
ඊශ්‍රායෙලයේ අදහස වී තිබුණේ බටහිර ඉවුරේ අරාබි ජාතීන් බොහෝමයක් සිටි ප්‍රදේශ (ප්‍රධාන යුදෙව් ජනාවාස හැර) සහ සම්පූර්ණ ගාසා තීරය පසු කලෙක ස්වාධීන පලස්තීන රජයක කොටසක් විය යුතුය යන්නයි. කෙසේ වුවද මෙම රාජ්‍යයයේ නිෂ්චිත මායිම් ප්‍රශ්නකාරී විය. උදාහරණයක් වශයෙන් 2000 වර්ෂයේදී බටහිර ඉවුරේ 92% ක ප්‍රමාණයක් ද සම්පූර්ණ ගාසා තීරයද ඇතුළත් නිදහස් පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමට අවස්ථාවක් එහුඩ් බරක් විසින් යසර් අර්ෆත්ට ප්‍රදානය කරන ලදී. එහෙත් ආරක්ෂක වැඩ පිළිවෙලෙහි බලපෑමත්, වෙනත් හේතුන්ද නිසා අර්ෆත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
ඇතැම් පලස්තීනුවෝ ඔවුනට සම්පූර්ණ බටහිර ඉවුරද, ගාසා තීරයද, නැගෙනහිර ජෙරුසලමද අයිති යයි කියති. මෙම ප්‍රමාණය අඩු කිරීමට කෙරෙන ඕනෑම ක්‍රියාවක් ඔවුන්ගේ අයිතීන් තදබල ලෙස අහිමි කිරීමක් යැයි පලස්තීනුවෝ කියති. මේ සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීමේදී ඔවුන් කියා සිටියේ මෙම භූමි ප්‍රදේශයේ සීමාවන් අඩු කිරීමට ගන්නා ඕනෑම ක්‍රියා මාර්ගයක් තමන්ගේ මූලික අවශ්‍යතාවයන් අහිමි කිරීමේ සතුරු ක්‍රියාවක් වන බවයි.
‘හමාස්’ වැනි වෙනත් පලස්තීන කණ්ඩායම් අවධාරණය කර කියා සිටියේ බටහිර ඉවුරේ, ගාසා තීරය, නැගෙනහිර ජෙරුසලම පමණක් නොව මුළු ඊශ්‍රායෙලයම පලස්තීනය විසින් පාලනය කළ යුතු යයි යනුවෙනි. මෙම කාරණය නිසා හමාස් සංවිධානයට සාම ක්‍රියාවලිය පෙනුණේ “ආගමික වශයෙන් තහනම් සහ දේශපාලනික වශයෙන් සිදු විය නොහැකි එකක්” ලෙසිනි.

පලස්තීන අනාථයින්ගේ ගැටළුව


2002 පැවති දෙවැනි ඉන්ටිෆාඩා සමයේදී කඩා දමන ලද බලාටා සරණාගත කඳවුර
ඊශ්‍රායෙල රාජ්‍යය නිර්මාණය කිරීමෙන් පසු නෙරපා දැමුණු හෝ පළා ගිය පලස්තීනුවන් සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් පැවත එන්නන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 4 ක් පමණ වේ.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සහ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී යෝජනා කර සම්මත කරගන්නා ලද කරුණු සාක්ෂි වශයෙන් පෙන්වා දෙමින් 1948 සහ 1967 යුද්ධය නිසා අනාථ වූ පිරිසට සහ ඔවුන්ගේ දරුවන් හට එම යුද්ධවලට කලින් ඔවුන් සිටි ප්‍රදේශවලට යාමට ඔවුන්ට අයිතියක් තිබෙන බව පලස්තීනය වෙනුවෙන් කථා කළ මැදිහත්කරුවෝ අවධාරණය කර සිටියහ. මෙම අනාථ පිරිසට 1949 සටන් විරාම සමයේ තාවකාලික වාසස්ථානවල සිටි අයද ඇතුළත් වෙයි.
2002 අරාබි සාම ඇරඹුම, අනාථ ගැටළුවට සාධාරණ විසඳුමක් අපේක්ෂාවෙන් සමතය වීමට යෝජනා කළ බව ප්‍රකාශ කරන ලදී. පලස්තීන ජාතිකයින් සහ අන්තර්ජාතික ප්‍රධානින් කාරණා කීපයක් මත පලස්තීන අනාථයින්ට ආපසු පැමිණීමට තිබෙන අයිතිය සාධාරණීකරණය කළහ.
  • මූලික වශයෙන් කීප දෙනෙක් හැගන්, ලෙගි සහ ඉර්ගුන් ක්‍රියා හේතුවෙන් පලස්තීනුවන්ට පිටමං වීමට සිදු වුණු බව ප්‍රකාශ කළහ. “1947/12/1 - 1948/6/1 කාලය තුළ පලස්තීන අරාබිවරුන්ගේ විගමනය” නමැති හැගනොන් බුද්ධි තොරතුරු වාර්තාවකින් පහත කරුණු තහවුරු කරයි.
පිටමං වූවන්ගෙන් අඩු ගණනේ 55% ක ප්‍රමාණයකට එසේ පිටමං වීමට සිදු වූයේ අපගේ (හැගනාහ්/DF) ක්‍රියා කාරකම් හේතුවෙනි. ලෙහි සහ ඉර්ගුන් ක්‍රියාකාරකම් මෙම විගමනයන්ගෙන් 15% කට සෘජු ලෙසම බලපෑ බව. සම්පාදකවරු කියා සිටියහ. තවත් 2% ක් ඊශ්‍රායෙල හමුදා විසින් නිකුත් කරන ලද නෙරපීම් නියෝග නිසාද 1% ක් පැවති තත්ත්වය ඔවුන්ගේ මානසික වශයෙන් ඇඳ වැටීම නිසාද සිදු විය. මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම විගමනයන්ගෙන් 73% ක් කෙලින්ම ඊශ්‍රායෙලවරුන්ගේ ක්‍රියාවන් නිසා සිදු වූ බවකි. මෙයට අමතරව 22% ක ප්‍රමාණයක් වෙන්වීමට හේතු වූයේ පලස්තීන ජනතාව පෙළුණු බිය සහ අවිශ්වාසය නිසා බැව් එම වාර්තාව පෙන්වා දෙයි.
  • අරාබි නායකයන් පලස්තීන අරාබීන්ට පළා යාමට උදව් කළා යැයි කියන ඊශ්‍රායෙල මතය අලුත් ඉතිහාසඥයින් (New Historians) විසින් විවාදයට ලක් කරන ලදී.
  • ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම යුදෙව්වෙකුට ආපසු පැමිණීමට හැකි වූ ඊශ්‍රායෙල නීතිය යුදෙව් නොවන අයට වෙනස් ලෙස සැලකීමක් යැයි ඇතැම් අයට පෙනී ගියේය. එය යුදෙව් නොවන අය මෙන්ම තමන් කලින් සිටි ප්‍රදේශයට ආපසු ඒමට නොහැකි වූද ඉහත කී පරිදි පුරවැසි භාවය සඳහා ඉල්ලීම් කිරීමට නොහැකි වූද පලස්තීනූවන්ට විශේෂයෙන් බලපෑවේය.
  • ප්‍රශ්නයට අදාළ ශක්තිමත් නීතිමය පදනම වන්නේ 1948 දී ක්‍රියාත්මක කළ එක්සත් ජාතීන්ගේ 194 වැනි යෝජනාවයි. එහි මෙසේ විස්තර කර ඇත. ආපසු පැමිණ තම අසල්වාසීන් සමග වාසය කිරීමට කැමති අනාථයින් එසේ කිරීමට ප්‍රථම අවසර ලැබිය යුතුය. එසේ නොපැමිණෙන අයට ඔවුන්ගේ දේපල සඳහා වන්දි ගෙවිය යුතුය. මේ සඳහා අන්තර් ජාතික නීති හෝ ඊට සමාන ක්‍රමයක් අනුගමනය කළ යුතුය. රජය හෝ බලයලත් ආයතන විසින් මෙම කාර්යයන් ඉටු කළ යුතුය.එක්සත් ජාතීන්ගේ 3236 වැනි යෝජනාවෙන් පලස්තීනූවන්ට ඔවුන්ගේ අයිතීන් අහිමි කරමින් නිවාස හා දේපලවල පරම අයිතිය ලබා ගැනීමට තිබෙන හිමිකම තහවුරු කරයි. එක්සත් ජාතීන්ගේ 242 වැනි යෝජනාව මගින් අනාථ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගැනීමේ වැදගත්කම තහවුරු කරයි.
2000 වර්ෂයේ පැවති කෑම්ප් ඩේවිඩ් සමුළුවේදී එහුඩ් බරක් විසින් දෙන ලද අවස්ථාවෙන්, පවුල් නැවත එක් කිරීමට ගත් උත්සාහය සහ මූල්‍යමය වන්දි ගෙවා ප්‍රශ්නය බේරුම් කර ගැනීමට බොහෝ ඊශ්‍රායෙල වරුනට ඉඩකඩ විවෘත විය. අනිත් කරුණු විරෝධතාවන්ට භාජනය විය. මෙම විරුද්ධතාවයන් සඳහා ඉදිරිපත් කළ පොදු තර්ක වූයේ,
  • ජෝර්දානය හැර සියලු අරාබි රටවල් ඔවුන්ගේ රට තුළ සිටින පලස්තීන අරාබි ජාතිකයින්ට පුරවැසි භාවය ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අරාබි අනාථ ප්‍රශ්නය වැඩි වුණු බව ඊශ්‍රායෙලය කියා සිටීම. මෙම තත්ත්වය නිසා දුගී භාවය සහ ආර්ථික ගැටලු පැන නැගී ඇති බව MFA ලේඛන පෙන්වා දෙයි. පසුව විසඳන ලද නමුත් ලෝක යුද්ධයෙන් පසු අනාථයින් සම්බන්ධ විශාල ගැටලු මතු වී තිබුණි. මෙම ප්‍රශ්නය තවමත් ඒ අයුරින්ම පවතින්නේය.
  • 1948 යුද්ධය සමයේ අරාබි ඉහළ පෙළේ කමිටුව සහ අරාබි රාජ්‍යයක් පලස්තීනුවන්ට පලා යාමට උදව් කළේය. එසේ කරන ලද්දේ යුදෙව් රාජ්‍යය පරාජය කිරීම පහසු වීම සඳහා බවත් පලස්තීන අනාථ ප්‍රශ්නයේ මුල පිළිබඳ සැලකිල්ල දැක්වූ ඊශ්‍රායෙලය ප්‍රකාශ කළේය. යුද්ධයට පෙර තිබූ සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ඊශ්‍රායෙල සටන් කණ්ඩායම් සහ ඊශ්‍රායෙල හමුදාව විසින් පලස්තීනුවන්ගේ දේපල අහිමි කොට ඔවුන් බලහත්කාරයෙන් අනාථයන් ලෙස පිටමං කළ බව පලස්තීනයේ ප්‍රකාශය විය. එහෙත් මේ දක්වා එම ගැටළුව ඉතිහාසඥයින් විසඳා නැත. තවමත් 1948 දී පලස්තීනුවන් පිටමං කිරීමේ කාරණය විවාදයට බඳුන් වෙමින් පවතී.
  • අරාබි ලෝකය තුළ යුදෙව් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ගැලවීම පිණිස පලා ගිය යුදෙව් අනාථයින් 900,000 න් කිසිවෙකුට ඔවුන් කලින් සිටි රටවල්වලින් කිසිදු වන්දියක් ලබාදීමක් හෝ ඔවුන්ගේ රටවල්වලට ආපසු කැඳවීමක් කර නැත. To no objection on the part of Arab leaders – a precedent has been set whereby it is the responsibility of the nation which accepts the refugees to assimilate them.
  • දසලක්ෂ ගණනක් අසරණ දුප්පත් අනාථයින් රට තුළට පැමිණීමෙන් කලාපයේ සිමීත සම්පත් අවසානවේය යන මතයේ බොහෝ ඊශ්‍රායෙලවරු එල්බ සිටිති. (මෙම අනාථයින්ගෙන් එක් අයෙකුවත් නැවත අවට පිහිටි අරාබි රටවල් විසින් ඔවුන්ගේ රටවල්වලට කැඳවා නැත)
  • ඊශ්‍රායෙලය විසින් පලස්තීනුවන් නව පලස්තීන රාජ්‍යයකට පිවිසීමේ අයිතිය පිළිගත් නමුත් ඔවුන් ඊශ්‍රායෙලයට පැමිණීම යුදෙව් රාජ්‍යයේ යහපත් පැවැත්මට බලවත් අනතුරක් විය හැකියයිද, පලස්තීන අනාථයින් රට තුළට ගලා ඒම ඊශ්‍රායෙල රාජ්‍යයේ විනාශයට මුල පිරිමක් විය හැකියයි ද ඔව්හු කල්පනා කළහ. මන්ද කියතොත් එම කාරණය නිසා ඊශ්‍රායෙලය තුළ අරාබි ජාතිය මහජාතිය බවට පත් වන හෙයිනි. මෙය අනිවාර්‍යයෙන්ම යුදෙව් රාජ්‍යයේ ඉරණම තීන්දු කරන්නක් වනු ඇත.

************************************************************************************


ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා තවමත් අවසන් නැත. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එල්ල කළ තවත් එක් අභූත චෝදනාවක් වූයේ රසායනික අවි ප්‍රහාර, විශේෂයෙන්ම සුදු පොස්පරස් යුද කටයුතු වලට යොදාගන්නා බවයි. අවසානයේ සැබැවින්ම ඒවා භාවිතා කළේ කවුදැයි හෙළි විය. නමුත් දඬුවම් දෙන්නට දැන් LTTEයක් ඉතිරිව නැති නිසා එම චෝදනා ඉබේටම අහෝසිව යනු ඇත.

නමුත් තවමත් සුදු පොස්පරස් යුද කටයුතු සඳහා යොදාගැනේ. ඒ ගාසා තීරයේ ය. මේ දැක්වෙන්නේ ගාසා තීරයේ පලස්තීනයට අයත් කොටසේ පාසලකට එල්ලවූ ඊශ්‍රායල සුදු පොස්පරස් ප්‍රහාරයකි. සැබැවින්ම එය මල්වෙඩි සංදර්ශනයක් තරමට අලංකාර ය. නමුත් ප්‍රතිඵලය සංදර්ශනය තරමට සුන්දර නැත. පාසල් ළමුන් රාශියක් මෙහිදී මරුමුවට පත්වේ. දැන් අපට අසන්නට තිබෙන්නේ ඇත්තේ එකම පැනයකි. එනම් 'ලෝක පොලිස්කාරයා' හෙවත් ඇමරිකා එක්සත් ජනපදය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ සුපැහැදිලි යුද අපරාධකරුවන්ට එරෙහිව කළ හැක්කේ කුමක්ද යන්නයි...........

පුදුමයකට මෙන් ඊශ්‍රායලය මෑතකදී ලංකාවේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි කියා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ඡන්දය දුනි..........





Wednesday, October 21, 2015

මුන්නේශ්වරම් කෝවිල ශ්‍රී ලංකාවේ ----හලාවත




බෞද්ධයන්ට කිසිසේත් අදාල නැති හින්දු දෙවිවරු ඉතා සූක්ෂම ලෙස බෞද්ධ වතාවත් සහ නූගත් නාමික බෞද්ධයන්ගේ ඔළුගෙඩි ඇතුලට රිංගාගෙන හමාරයි.


මුන්නේශ්වරම් කෝවිල ශ්‍රී ලංකාවේ හලාවත ප්‍රදේශයේ පිහිටි වැදගත් හින්දු ආගමික සිද්ධස්ථානයකි. ප්‍රසිද්ධ හින්දු වීර කාව්‍යයක් වන රාමායණයේ එන රාම රජු මෙම සිද්ධස්ථානය හා සම්බන්ධ බව පැවසුන ද අවම වශයෙන් ක්‍රි.පූ. 1000 දක්වා හෝ දිවෙන අතීතයකට මෙම කෝවිල හිමිකම් කියයි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු මෙම කෝවිල, දකුණු ඉන්දියානු කලාපයෙහි, ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු පෞරාණික හින්දු සිද්ධස්ථාන පහ අතරින් එකකි.
පුදබිම් සංකීර්ණයේ ප්‍රධාන කෝවිල, හින්දු බැතිමතුන්ගේ උතුම් හා වැඩි ම ගෞරවයට පාත්‍ර වූ ශිව දෙවියන් උදෙසා කැප කර ඇත. ගණ දෙවියන්, අයියනායක දෙවියන් හා කාලි මෑණියන් වෙනුවෙන් කැප කළ තවත් දේවාල තුනක් ද බෞද්ධ විහාරයක් ද පුදබිම් සංකීර්ණයට අයත් වේ. බෞද්ධ හා කතෝලික ජනතාවගේ ද පූජාවට පාත්‍ර වන මුන්නේශ්වරම් කෝවිලට 19 වැනි සියවසේ අග හාගය වන විට පැමිණි බැතිමතුන් අතරින් වැඩි පිරිසක් සිංහල බෞද්ධයින් විය. බෞද්ධ විහාරය සහ අයියනායක දේවාලය හැරුණු විට අනෙකුත් දේවාලවල පරිපාලනය හින්දුවරුන් විසින් කරගෙන යනු ලැබේ.
හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, හලාවත නගරයේ සිට කි.මී. 2 ක් පමණ දුරින් මුන්නේශ්වරම් කෝවිල පිහිටා ඇත.
මෙම ප්‍රදේශය කෝට්ටේ රාජධානියට අයත්ව පැවති සමයේ දී කෝවිල අවට වූ ගම් විශාල සංඛ්‍යාවක් ගම්වර වශයෙන් ශිව කෝවිලට ලබා දී ඇත. පෘතුගීසි ආක්‍රමණවලින් මෙම කෝවිල දෙවරක් ම විනාශ කෙරුණු අතර එක වරක දී ඒ මත කතෝලික දේවස්ථානයක් ද ඉදි කරන ලදී. නමුත් එම අවස්ථා දෙකෙහි දී ම බැතිමතුන් විසින් නැවත මුන්නේශ්වරම් කෝවිල ගොඩනංවන ලදී. 18 වැනි සියවසේ අග භාගයේ සිදු වූ ආගමික හා ජන ව්‍යාප්තියේ වෙනස්වීම් හේතුවෙන්, කෝවිල අවට පවතින බොහෝ ගම් සහ නගර, කෝවිල් පරිපාලනයට සහ නඩත්තුවට ඍජු දායකත්වයක් නො දැක්වුව ද මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන මංගල්‍ය උත්සවය සඳහා මරදන්කුලම හා උඩප්පුව යන ගම් ප්‍රධාන දායකත්වය සපයයි.
නව රාත්‍රී සහ ශිව රාත්‍රී ඇතුළු ප්‍රධාන හින්දු ආගමික උත්සව, මුන්නේශ්වරම්හි සමරනු ලැබේ. මේ හැර අගෝස්තු හා සැප්තැම්බර් මාසවල, සති 4 ක කාලයක් පුරා මුන්නේශ්වරම් වාර්ෂික මංගල්‍ය උත්සවය පැවැත්වෙන අතර ඒ සඳහා හින්දු බැතිමතුන් මෙන් ම බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් ආගමිකයින් ද ආගම් භේදයකින් තොර ව සහභාගී වෙයි.

ඉතිහාසය

අතීතයේ සිට ම මෙම සිද්ධස්ථානය, නුදුරින් පිහිටි, මුතු කිමිදීම සහ ධීවර කර්මාන්තයට ප්‍රචලිතව පැවති හලාවත නගරය සමඟ මෙන් ම දේවාලයේ නඩත්තුව සඳහා උපකාර කළ, අවට ගම්වල වාසය කළ ප්‍රභූ පුද්ගලයන් සමඟ ද සමීප සබඳතා පැවතිනි. වෙළඳ මාර්ගයන්ට මෙන් ම වරායට ද සමීපව පිහිටීම, ඉන්දියානු ජනතාව මෙන් ම ඉන්දියානු ආකල්ප ද ලංකාව තුළ පැතිර යාමට ඉවහල් විය. බෞද්ධ සහ හින්දු ආගමික දෙවිවරුන් උදෙසා මෙන් ම ගම් භාර අයියනායක හෙවත් අයියනාර් දෙවියන්, වීරමුන්ඩ දෙවියන්, කඩවර දෙවියන් සහ බණ්ඩාර දෙවියන් උදෙසා ඉදි කරන ලද දේවාල, මුන්නේශ්වරම් පත්තුව පුරා දැකිය හැක. මානව විද්‍යාඥ රොහාන් බැස්ටින් මහතා පවසන අන්දමට, ද්‍රවිඩ ජනතාව අදහන ගම් භාර දේවතාවකු වන "මුනිසරන්" දෙවියන් වෙනුවෙන් අතීතයේ දී ඉදි කරන ලද කුඩා දේවාලයක්, පසු කාලීනව රාජ්‍ය අනුග්‍රහය ලබා, ප්‍රධාන ශිව දේවාලය බවට පත්ව තිබේ. ක්‍රි.ව.11 වැනි සියවස වන විට ද දෙවොළ ස්ථාපිතව තිබූ අතර, එමඟින් කාසි ද නිකුත් කර ඇත. පත්තු නායකවරුන්ගේ අනුග්‍රහය මත ආරම්භ වූ මෙම දේවාලය ක්‍රි.ව. 10 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ ඉදි කරන්නට ඇති බව අනුමාන කළ හැකිය. මුහුදු මාර්ගයෙන් වෙළඳාමේ යෙදුනවුන්, වන්දනාකරුවන් මෙන් ම ඉබන් බතුතා වැනි විදේශ සංචාරකයින් ද ක්‍රි.ව. 14 වැනි සියවසේ දී යාපන රාජධානියට අයත් පුත්තලමේ නතර වී මන්නාරම් බොක්ක ඔස්සේ යාත්‍රා කළ බවට සාක්ෂි හමු වේ.අතීතයේ දී පරිපාලන බල ප්‍රදේශයක් වූ "මුන්නේශ්වරම් පත්තුව" හි ග්‍රාමයක් වූ මුන්නේශ්වරම මධ්‍යයේ මෙම දේවාලය පිහිටා ඇත. ගම් 60 කින් යුතු වූ මුන්නේශ්වරම් පත්තුවේ දේශපාලන නායකත්වය දරන ලද්දේ මරදන්කුලම ග්‍රාමයයි. සිංහල රාජධානියට වගකීමට බැඳී සිටි ද්‍රවිඩ ජන නායකයන් විසින් පාලනය කරන ලද "දෙමළ පත්තුව"ට මුන්නේශ්වරම් පත්තුව අයත් විය. ප්‍රධාන දෙවියන් සහ දේවතාවිය ලෙස "ශ්‍රී මුන්නයිනාතර්" දෙවියන් ද "ශ්‍රී වටිවාම්බිකා දේවි" දේවතාවිය ද පිදුම් ලබති.
සන්නස් හා සාහිත්‍යය මඟින් ශිව දේවාලයේ ඉතිහාසය සනාථ කෙරේ. කාලි දේවාලය පළිගැනීම් හා ශාපකිරීම්, සත්ත්ව බිලි පූජා පැවැත්වීම මෙන් ම ආරූඪවීම් පිළිබඳව ද ප්‍රසිද්ධියක් උසුලයි. බැතිමතුන් ආරූඪවීම පිළිබඳව ක්‍රි.ව. 16 වැනි සියවසේ දී ජෙසුඉට් පූජකවරුන් විසින් ද වාර්තා කර ඇත. අයියනායක දෙවියන් වෙනුවෙන් ඉදි කර ඇති දේවාලයේ පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ ප්‍රදේශයේ වෙසෙන සිංහල පවුල් විසිනි. මෙම පුදබිම් සංකීර්ණයට අයත් බෞද්ධ විහාරය ඉදි කරන ලද්දේ ක්‍රි.ව. 19 වැනි සියවසේ අග භාගයේ දී ය. ප්‍රධාන පුදබිම් සංකීර්ණයේ නිරිත දෙසට වන්නට පිහිටා ඇති ගනේෂ කෝවිල, කෝවිල් සංකීර්ණයට එක් වූ මෑත කාලීන ම ගොඩනැගිල්ලයි. එය ක්‍රි.ව. 19 වැනි සියවසේ මුල් භාගයේ දී දකුණු ඉන්දීය ශිල්පීන් විසින් ඉදි කරන ලදී.
මුන්නේශ්වරම කෝවිල, කෝනේශ්වරම් කෝවිල (ත්‍රිකුණාමලය), නගුලේශ්වරම් කෝවිල (කීරිමලේ), තිරුතීකේශ්වරම් කෝවිල (මන්නාරම) සහ රාමේශ්වරම් කෝවිල (ඉන්දියාව) යන කෝවිල් පහ, ශිව දෙවියන් වෙනුවෙන් මෙම කලාපයේ (ශ්‍රී ලංකාව ද ඇතුළුව) ඉදි කරන ලද, පෞරාණික ම කෝවිල් ("ඊශ්වරම්") ලෙස සැලකේ.
http://www.gossipsinhalanews.com/2014/11/buddhist-ruins-discovered-in.html





බොදු උරුමක්


ක්‍රිස්තු පූර්ව 3 වන සියවස රජ කල දේවානම් පියතිස්ස රජු දවස මෙම හින්දු පුද්බිම තුල බවුද්ධ විහාරයක් සහ ශ්‍රීමහා බෝධියේ ශඛාවක් රෝපණය කර බවුද්ධ පරිසරයක්ද සහිතව පැවති බවට පුරාවුර්තවල සදහන් වී ඇත..ස්මහර විටක එසේ සිදුවන්නට ඇත්තේ රාමායනයේ සදහන් පරිදි එකල ගෝකන්න හෙවත් ත්‍රීකුනාමලය ප්‍රදේශයට ගොඩ බැස හින්දු දේවාල ඇති කල අතර,ඉන්දියාවෙන් පැමිනි බද්දකච්චායනාකුමරිය සහ පන්
ඩුකාභය කුමරු ඇතුලුව රාජධානි කරන සමයේ බුදු දහම ප්‍රචලිතව පැවතීමෙන් මෙම තත්වය වර්ධනය වන්නද ඇත.


වර්තමානයේ මහත් මතබේදයකට දුන් හින්දු කෝවිලක් වන මෙය ප්‍රදේශයේ බවුද්ධ ජනතාවගේ මහත් සැලකිල්ලට ලක් වූ ස්ථානයකි.මන්ද වාර්ශිකව පවත්වන විශේශිත ම0ගල්ල නිසා සතුන් බිලි දීමෙන් ඔවුන්ගේ අභිමථාර්තයන් ඉටු කරවා ගැනීම මහත්සේ හෙලා දකින් විවිධ ස0විදාන සත්ව බිලි පූජා ප්‍රතික්ශේප කරති.

හින්දු ආගමේ සත්ව බිලි පූජා ඉහලින්ම අනුමත කරන අතර සතෙකුව කප කොටා ලබන තෘප්තියෙන් ඔවුන්ගේ ජීවන රේඛාව හරියාකාරව ඇද ගනී.අන්න එ
මා සිතන්නෙ මෙය මුන්නේශ්වරම් හින්දු දේවාලයට පමණක් සීමා වූවක් නොවන අතර රටේ පවතින් අනෙකුත් හින්දු දේඅවල වලද මෙලෙස සත්ව බිලිපුජා පවත්වනවා ඇති
භික්ශූන් වහන්සේලාගේඅ සහ විවිධ ස0විදාන විරිද්දවීමෙන් වසරකට මිය යන එළුවන් ඇතුළු සතුන් මිය යාම වැලකී තිබේ .



                                                                       විරෝධතා


සත්ව බිලි පූජා






පොල් ගසන් ස්ථානය



නමුත්........
සිංහල බෞද්ධයන්ට හින්දු දෙයියෝ
ඕනෑම පුද්ගලයෙක් දර්ශනයෙක් හෝ ආගමක් විවේචනය කිරීමේ අයිතියක් තිබිය යුතුයි. එය පුද්ගලික මට්ටමේ වෛරයක් නොව බුද්ධිමය වශයෙන් සංවාදයක් පමණක් විය යුතුය. එසේම තමං කතා කරන්නට යන දේ ගැන පැහැදිලි අවබෝධයක් නැතිව යමක් කතා කරනවානම් එයින් පෙන්වන්නේ ඔහුගේ මෝඩකමයි. ඔවුන්ට අපගේ අනුකම්පාව හිමිවිය යුතුය. එසේත් නැතහොත් පැහැදිලිවම තමං කියනා දේ අසත්‍ය බව දැන දැන එය වසං කොට වෙනකක් කියා පායිනම් එයින් කියා පාන්නේ තමාගේ අලුගුත්තේරු කමයි. එවැන්නක් නිරුවත් කිරීමද අපගේ වගකීමකි

ඉතා පැරණි ආගමක් වන හින්දු ආගම කාලයත් එක්ක විවිධ වෙනස්කම් ඇතිවෙලා තියෙනව, මේ නිසාම මෙහි ඇදැහිලි හා විශ්වාස වල විශාල වශයෙන් වෙනස් කම් දැකිය හැකියි. එක් එක් දෙවිවරුන්ගේ උත්පත්ති කතාද එක් එක් ප්‍රදේශන් අනුව වෙනස් වේ.

බ්‍රහ්ම , විෂ්ණු සහ ශිව හින්දු ආගමේ‍ දෙවි වරු ‍තිදෙනායි. මූලික හින්දු දර්ශනය තුල මෙසේ හඳුන්වනු ලබන්නේ සංකල්පයක් මිස ලෝක පාලක දෙවියෙක් ගැන නොවෙයි. මෙහි බ්‍රහ්ම නමින් හැ‍ඳින්වෙන්නේ උත්පාදක ශක්තියයි. එනම් යමක් හට ගැනීමට ඇති විභවය යි. විෂ්ණු නමින් හඳුන්වන්නේ පැවැත්මයි. එසේම ශිව නමින් අඳුන්වන්නේ විනාශයයි. ආත්මය හැර ලොව සෑම දෙයක්ම බ්‍රහ්ම විෂ්ණු සහ ශිව යන ධර්මයට හසුවන බව මූලික හින්දු දර්ශනයේ ඉගැන්වීමයි. එසේම මේ සංකල්ප තුනේ අනුරූප ස්ත්‍රී ස්වරූපයන් වන්නේ සරස්වතී, ලක්ෂමී සහ පාර්වතී යන සංකල්පයි. නමුත් පසුකාලීනව මේවාට දේවත් වයක් ආරූඩ වුනා, මූලික හින්දු දර්ශනය පෝෂණයවුනේ විවිධ ඍෂිවරුන්ගේ දේශනා මත වුනත් ඒ මත යැපෙන වෙනම සමාජයක් විසින් තමන්ට අවශය පරිදි ඒවා වෙනස් කරගත්ත නිසයි.

මූලික දේව සංකල්ප එසේ බිහිවුනත් අනෙකුත් හින්දු දෙවි වරු බිහිවීමත් මේ ආකාරයෙන්ම සංකල්පමය වශයෙන් ඇතිවී පසුව දේවත්වයන් ආරූඩ වූ ඒවාය. උදාහරණයක් ලෙස ඝන දෙවියන් ලෙසින් හැඳින්වෙන්නේ නුවනට අධිපති දෙවියන් බව සෑම දෙනාම දන්නා කාරනාවක්, නමුත් මේ දෙවියට ඇත්තේ අලි ඔළුවකි, එක් උත්පත්ති කතාවට අනුව කන්දස්වාමිට(කතරගම දෙවියන්ට) හොර ගෑනියෙකුව යාලු කරගන්නට ගිහින් වැඩ වරද්දාගැනීම නිසා අලි ඔළුවක් ආව බව කියවේ. නුවනට අධිපති දෙයියොත් කරගත්ත ගොන් වැඩක් නේද? නමුත් මූලික හින්දු දර්ශනයේ ඝන දෙවියන් හඳුන්වා දුන්නේ මේ ආකාරයටයි.




ඝන දෙවියන්ට ඇත්තේ තියුණු ඇස්දෙකකි - හොඳින් බලන්න. විශාල කන්දෙකකි - හොඳින් අසන්න. එසේම වඩා වැදගත් වන්නේ වාහනය වන මීයා පයින් පාගා සිටීමයි. මීයා ඉතාමත් කලබල කාරී සතෙක්, මීයා විසින් නිරූපනය කරන්නේ ඒකාග්‍රතාවයක් නැති සිතුවිලි. දුවන සිතුවිල පාලනයක කරගැනීමට අප ඤානවන්ත විය යුතුයි. මේ ආකාරයේ ඝන දෙවියන් යනු නුවන ගැන සංකල්පය රූපමය ආකාරයකින් නිරූපණයක් පමණයි. නැතිව යැදිය යුතු, පූජා කළ යුතු ගණ දෙවියෙකු ගැන මූලික හින්දු දහමේ උගන්වන්නේ නැත.

කෙසේ වුවත් හින්දු ආගම, ආත්ම වාදය පදනම් කරගෙන නිමවූවකි. ඕනෑම පුද්ගලයෙකු තුල නොවෙනස් ආත්මයක් ඇති බවත් එය පිරිසිදු කිරීමෙන් ශුද්ධාත්මයක් විය හැකි බවත් ඒ ආගමේ උගන්වයි. අනෙකුත් ඇදැහිලි හා අනේක විද පුදපුජා පසුකාලිකව බමුණන් විසින් තම වාසියට ගෙඩනගා ගත් ඒවා පමණි.

ලොව කලින් කලට විවිධ දාර්ශනිකයෝ පහල වෙති, විවිධ අදහස් පළ කෙරෙති. සමහර පැරණි දර්ශනික මත නැවත නැතත් විවිධ පුද්ලයන් විසින් දේශනා කරයි. බුදුන්ගේ සමහර සූත්‍රදේශනාවල චක්‍රාවාට, චක්‍රාවාට පොකුරු සහ වෙනත් සක්වල ජීවින් ගැන සඳහන් කෙරුනත් එවැනිම මත සහ සොයාගැනීම් නැවතත් විද්‍යාඥයින් විසින් සොයාගෙන පලකොට ඇත. එකම සත්‍ය විවිධ අය මගින් නැවත නැවත පුණුරුච්චාරණය වීම සොභාවිකය. එවැනි පුණුරුච්චාරණයන් විවිධ ආගමික ග්‍රන්ථ අතරද දැකිය හැක. බෞද්ධයන් නිතර අවිගත්තෝ අවියෙන් නසති කියා පිරුලක් කියයි. කඩු ගත්තො කඩුවෙන්ම නැසෙති කියා බයිබලයේ සඳහන්ව ඇත. බුදුරදුන් විසින් වරෙක මිත්‍යා දෘෂ්ඨිකයෙකු සරණ යන තවත් අයෙකු අන්දයෙක් තවත් අන්දයෙකුට කන වැල අල්ලනවාට සමාන බව දේශනා කොට ඇත., පසුව බිහිවුනත් The blind leading the blind නමින් බයිබලයේ නව තැස්තමේන්තුවේද ප්‍රසිද්ධ පාටයක් සටහන්ව ඇත. (බයිබලය කලින් කලට සංස්කරණය වූ බැවින් යම්කිසි වැදගත් කමක් ඇති යමක් හදිසියෙන් හෝ සොයාගැනීමට හැකිවුවද, ලිවීමට කීයවීමට වත් නොදත් අයෙකු අතින් බිහිවුණා යැයි සැ‍ලකෙන කුරාණය තුලින් එවැන්නක් බලාපොරොත්තු වීමද උගහටය.)

මෙයින් අදහස් වන්නේ මේ සියලුම ආගම් එකක් කියාද? නැත. කිසීසේත්ම නැත. හින්දු හෝ වෙනත් දර්ශනයක බෞද්ධ අදහස්වලට ආසාන්න අදහස් යම් පමණකින් තිබීමෙන් මේ සියල්ල එකම මූලයෙකින් ඇතිවූ බව හෝ එකම බව ඉන් හැඟවෙන්නේ නැත. බෞද්ධ අභිධර්ම පිටකයෙහි එකදු කොටසක් හො වෙන කිසිදු දර්ශනයකින් හෝ ආගමිකින් උපුටා දැක්වීමට නොහැකවීමෙන්ම එහි ඇති ඒකීය භාවය පැහැදිලි වේ. ආත්මවාදය සහ පුනුරුප්පත්තිය ප්‍රතික්ෂේප කරන බෞද්ධ ධර්මයට හැර අනෙක් දර්ශනයන් හෝ දේව වාදී ආගම් වලට නවීන විද්‍යාවට හෝ වෙනත් ඕනෑම පහරකට ඔරොත්තු දෙන පිට කොන්දක් ද නැත. ඒ නිසා ඔවුනට බෞද්ධ අදහස් මතවාද ණයට ගැනීමට සිදුවීම ගැන අනුකම්පා කළ යුතුය.






Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular