Saturday, February 6, 2016

රියසක සතර මත දිවි ගමන ඉදිරියට ( අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඒකක වග්ගයට ඇතුළත් චක්ක සූත්‍රය ඇසුරින්





අපි හැමදෙනාම ජීවිතයේ යම් යම් අවස්ථාවන්හිදී බලාපොරොත්තු, ඉලක්ක ඇති කර ගනිමු. එහෙත් ඒ සියල්ලම ඒ අයුරින්ම සපුරා ගත නොහැකිය. ඒ පුද්ගල විවිධත්වය හා එකිනෙකාගේ චින්තනයේ ඇති විසමතාව නිසයි. එහෙත් ඇතැම්විට සපුරාගත හැකි අපේක්‍ෂා වුවද සපුරාගත නොහැකිව පසුතැවෙන, අපේක්‍ෂා භංගත්වයට පැමිණ ජීවිත යාත්‍රාව අතරමඟ කඩා බිඳ දමාගන්නා පිරිසක් ද සිටිති. බෞද්ධයකුගේ ජීවිතය එසේ අතරමඟ කඩා හැලෙන්නක් විය නොහැකි ය. ඒ ඔහු බුද්ධිමත්ව කටයුතු කරන්නකු නිසයි. චක්ක සූත්‍රයට අනුව, ජීවන යාත්‍රාවට අවශ්‍ය රෝද සතර නම්, 
සුදුසු ප්‍රදේශයක වාසය, 
ත්‍පුරුෂ ඇසුර, 
තම සිතෙහි පිරිසුදු බව 
 පෙර කරන ලද පින් ඇති බවයි. (පතිරූප දෙසවාසො සප්පුරිසුපස්සයො අත්තසම්මා පනිධි පුබ්බෙ ච කත පුඤ්ඤතා) බුදුදහම පිළිබඳ කතා කරන ඇතැමුන්ගේ මතය මෙය පාර ලෞකික යහපත සඳහා හෙවත් පරලෝ යහපත පිණිස දෙසන ලද්දක් බවයි. මේ මතය වැරැදි බව චක්ක සූත්‍රය මනාව ඔප්පු කරයි. චක්ක සූත්‍රයට ඇතුළත් ව ඇත්තේ කෙනකුගේ මේ ජීවිතය සාර්ථක කර ගැනීමට වුවමනා කරන කරුණු සතරකි. එහි පරලොවක් ගැන කතා නොකෙරේ.
භෞතික හා සමාජීය සබඳතාවලින් තොරව අප කිසිවකුටත් ජීවත් විය නොහැකි ය. 
උපතටත් පෙර සිටම පරිසරය සමඟ සබඳතා පැවැත්වූවත් සෘජු සබඳතාවක් ගොඩනැඟෙන්නේ උපතින් පසුවයි. මරණය දක්වාම මේ පාරිසරික බැඳීම පවත්නා සේම අවශ්‍ය ද වෙයි.
 සිදුහත් තාපසතුමෝ විමුක්තිය සොයා යන ගමනේ දී නේරංජනා ගඟ චමත්කාර ලෙස ගලායන ආකාරය දුටහ. තවත් පසෙකින් වෘක්‍ෂ ලතාවන්ගෙන් සැදුම් ලත් නිසල පරිසරයත් ඊට නුදුරින් වූ ගොදුරු ගමත් දැක, බවුන් වඩන්නට එම පරිසරය ඉතාම යෝග්‍ය බව වටහා ගත්හ. එහි නැවතුණි. ගයා ශීර්ෂයේ වැඩ සිටිමින් තම අභිමතාර්ථය සපුරා ගත්හ. පුද්ගල අපේක්‍ෂාවන් සපුරා ගැනීමට, පරිසරයෙන් ලැබෙන සහාය පෙන්වාදීමට තවත් උදාහරණ අවශ්‍ය නොවේ. මංගල සූත්‍රයේ, ‘පතිරූප දේසවාසෝ ච’ යනුවෙන් එය මංගල කරුණක් ලෙස දක්වා ඇත්තේ ද එනිසයි. එහෙත් සෑම කෙනකුටම තමන් බලාපොරොත්තු වන පරිසරයක ජීවත් වන්නට නොලැබේ. එසේ වුවත් කැපවීම, උනන්දුව හා බුද්ධිය ඇත්නම් අයෝග්‍ය පරිසරයක් වුවත් යෝග්‍ය කරගත හැකි ය. ඒ බව මන්තානි පුත්ත තිස්ස තෙරුන්ගේ කතාව අපට කියාදෙයි. මන්තානි පුත්ත තිස්ස තෙරුන් බුදුරදුන් හමුවට යන්නේ භාවනාව සඳහා පිටත්ව යෑම පිණිස කමටහන් ලබා ගැනීමටයි. තමන් ඒ සඳහා සුනාපරන්තයට යෑමට අදහස් කරන බව ප්‍රකාශ කරයි. එවිට බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයේ වැසියන් එවැනි දේට අකැමැති, රළු අදහස් ඇති දරුණු පිරිසක් බව පවසා ඔවුන්ගෙන් දොස් පරොස් ඇසීමට සිදුවනු ඇතැයි වදාළ සේක. එහෙම වුණොත් ඔවුන් මට බැණ වැදුනා විතරයි පහර දුන්නේ නැතැයි සිතා තමන් හිත හදා ගන්නා බව තිස්ස හාමුදුරුවන්ගේ පිළිතුර විය. ‘හොඳයි, අතින් පයින් ගැහුවොත්? යැ’යි යළි ප්‍රශ්න කළ විට තිස්ස හිමියන්ගේ පිළිතුර වූයේ, ඔවුන් මට අතින් පයින් තැලුවත්, දඩු මුඟුරු ආදියෙන් පහර දුන්නේ නැතැයි හිත හදා ගන්නා බවයි. තිස්ස හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න රාශියක් විමසීමෙන් පසු උන්වහන්සේ ඊට ලබාදුන් පිළිතුරුවලින් සෑහීමට පත් බුදුරජාණන් වහන්සේ තිස්ස සුනාපරන්තයටම යා යුතුයැයි පිටත් කරන්නේ උන්වහන්සේට රුදුරු පරිසරය වුව ද ජය ගැනීමට හැකියාවක් තිබූ නිසයි. අපට ලැබී ඇති පරිසරයේ ඇති සියලු බාධක හඳුනාගෙන ඒවාට අවශ්‍ය පිළියම් බුද්ධිමත්ව සිතා තමන්ට යොදා ගත හැකි නම්, ඕනෑම පරිසරයක ජීවත් විය හැකියි.
ජීවිත වාහනය පැදවීමට වුවමනා දෙවෙනි රෝදය නම් සද්පුරුෂ ඇසුරයි. මේ ලෝකයේ ජීවත්වන සැවොම සද්පුරුෂ හෝ අසද්පුරුෂ යන දෙකොටසට අයත් වෙති. ගැටලුවකට ඇත්තේ වෙන් වෙන්ව හඳුනා ගැනීමට නොහැකියාවයි. බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල දී සද්පුරුෂ හා අසද්පුරුෂ ලක්‍ෂණ පෙන්වා දී ඇත්තේ ද පුද්ගලයන් හඳුනා ගැනීමේ පහසුවටයි. අංගුත්තර නිකාය සප්පුරිස සූත්‍රයෙහි, සද්පුරුෂ ලක්‍ෂණ පහක් ඉදිරිපත් කෙරේ. ඒ මෙසේයි.’ඉධ භික්ඛවෙ එකව්වො පුරිසො පාණාතිපාතා පටි විරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරය මජ්ඣපමා දට්ඨානා පටිවිරතො අයං වුච්චති භික්ඛවෙ සප්පුරිසො’
තමන්ටත් අනුනටත් හිරිහැර වෙන, පව්කාර සිතිවිලි ඇති කරගෙන පස් පව්වල යෙදෙන්නන් අසත්‍පුරුෂයන් බව මෙයින් පෙනෙයි. තමන් දුසිරිතෙහි යෙදෙමින් අන් අයද දුසිරිතයට යොදවා ගැනීම අසත්‍පුරුෂයාගේ ලක්‍ෂණයයි. කෙනකුගේ සත්‍පුරුෂකම හෝ අසත්‍පුරුෂකම වෙනත් කෙනකුට දැනෙන්නේ ඒ තැනැත්තාගේ හැසිරීම තුළින් හෝ කතාවෙනි. අසත්‍පුරුෂ ගති ඇති මව්පියන් ජීවත්වෙන නිවෙසක හැදෙන වැඩෙන දරුවන් තුළ ද බොහෝවිට අසත්‍පුරුෂ ලක්‍ෂණ රෝපණය වෙයි. ළදරු හා ළමා අවධියේ දී දරුවන් ඉගෙන ගන්නේ අනුකරණයෙනි. ඒ සඳහා භාවිත කරන්නේ තම ඇස හා කනයි. ඇසට දකින දේ තුළින් හා කනට ඇසෙන දේ තුළින් ඉගෙන ගනී. කුඩා අවධියේ සිටම අසත්‍පුරුෂ හැසිරීම් දරුවන්ගේ ඇස ගැටීම නිසාම ඔවුන් තුළ ඒවා රෝපණය වෙයි. බාලයන්ගේ ඇසුර අත්හළ යුතු බවත් පණ්ඩිතයන්ගේ ඇසුර ලැබීමට කැමැති විය යුතු බවත් බුදුරදුන් වදාළේ, ජීවිත කාලකණ්ණි තත්ත්වයට ඇද දමා විනාශ කරලීමටත්, උසස් මට්ටමට නංවාලන්නටත් පුද්ගල ඇසුර දැඩි බලපෑමක් සිදු කරන නිසයි. පියවරුන් දුසිරිතට ඇබ්බැහි වීම නිසා ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද වැටුණු, නීරෝගීකමෙන් පිරිහුණු, නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලින් පිරුණු පවුල් සංස්ථා වැඩි වෙමින් පවතී. ගැටුම්, ආරවුල් මෙන්ම මිනිස් ඝාතන හා සිය දිවි නසා ගැනීම් ද වැඩි වෙමින් පවතී. සමාජයක මෙවැනි තත්ත්වයක් ගොඩනැඟීමට අසද්පුරුෂ ඇසුර ප්‍රබල බලපෑමක් ඇති කරවයි. අසද්පුරුෂයා තමන් වරදෙහි නිරත වන අතර අනෙක් අයද වරදෙහි යොදවා ගැනීම ඉතා භයානක තත්ත්වයකි.
කායික වාචසික සංවරයෙන් කටයුතු කිරීම ‘අත්ත සම්මා පණිධි’ යනුවෙන් දක්වා තිබේ. ඒ තෙවැනි රෝදයයි. සාමාන්‍යයෙන් පුහුදුන් තැනැත්තන්ගේ ස්වභාව තමනට අහිත පිණිස පවතින දුක් කරදර ගෙන දෙන කටයුතුවල පහසුවෙන් යෙදීමත්, යහපත පිණිස අභිවෘද්ධිය පිණිස හේතුවන වැඩවල අපහසුවෙන් නිරතවීමත් ය.

සත්ව ලෝකයේ මිනිසාට උසස් තැනක් හිමිවන්නේ සෙසු කිසිදු සත්වයකුටවත් හිමි නොවන අතිශ්‍රේෂ්ඨ සිතක් මිනිසා සතු වීම නිසයි. තිරිසනාගේ ස්වභාව සිතෙන දේ සිතුණු තැනදි කිරීමයි. අප හුරු විය යුත්තේ සිතෙන දේ කිරීමට නොව සිතා මතා කටයුතු කිරීමටයි. එය පහසු කටයුත්තක් නොවේ. කුළු හරකකු මෙල්ල කිරීමටත් වඩා අපහසු බවයි. බුදුවදනෙහි දැක්වෙන්නේ. ආත්ම දමනයෙන් තොර තැනැත්තා අර්ථවත් දේ තෝරා ගත නොහැකි, තමා කළ යුතු හා නොකළ යුතු දේ වෙන් කොට හඳුනා ගැනීමට අසමත් වූවෙකි. එමෙන්ම පිළිවෙළකට යමක් කිරීමට ද ඔහුට නොහැකිය. වත්මන් සමාජයේ බහුතරයකගේ ජීවිත අඳුරු ආගාධයට ඇද වැටී ඇත්තේ ආත්ම දමනය නැතිකම නිසයි. ඇස, කන, දිව, නාසය වැනි ඉඳුරන් අසීමිත ලෙස පිනවීමෙහි නිරත වන බැවින්, මිනිස් තිරිසනුන්, මිනිස් ප්‍රේතයන් ලෙස සමහරු හැසිරෙති. ඔවුහු තම දේහය පමණක් නොව සමාජ දේහය ද විනාශය කරා පමුණුවති.
බුදුන් දවස ජීවිතය අවුල් කරගෙන සිටි බොහෝ දෙනා බුදුරදුන්ගේ මඟ පෙන්වීමෙන් ජීවන යාත්‍රාව නිවැරැදි මාවතට යොමු කරගෙන, සසර ගමන නිමා කළේ ආත්ම දමනයෙනි. ජීවිතය අවුල් කරගත් බාහිය තෙරුනට බුදුරදුන් විසින් දෙන ලද උපදේශය උදාන පාලියේ මෙසේ දැක්වෙයි.
‘බාහිය, ඔබ මෙසේ හික්මිය යුතුය, යමක් දකින්නේ හුදු දක්නා ලද්දක් ලෙස සැලකිය යුතු ය. යමක් අසන ලද්දේ හුදු අසන ලද්දක් ලෙස සැලකිය යුතු ය. යමක් සිතන ලද්දේ හුදු සිතන ලද්දක් සේ සැලකිය යුතු ය.’ ඉන්ද්‍රිය ශික්‍ෂණයක් අපේක්‍ෂා කරන්නා අරමුණ ඉන්ද්‍රිය සමඟ ගැටුණු විගස විඤ්ඤාණය මෙහෙයවා කටයුතු කිරීමට හුරුවක් ලද යුතු බව එයින් පැහැදිලි වෙයි.
සිව්වැනි රෝදය ලෙස දැක්වෙන්නේ, පෙර කරන ලද පින් ඇති බවයි. උපතට මෙන්ම උපතින් පසු ජීවිතය පවත්වාගෙන යාමේදීත් සත්වයාට පෙර කරන ලද කර්ම ශක්තියේ බලපෑම ලැබෙන බව බෞද්ධ ඉගැන්වීමයි. කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්ධු, කම්ම පටිසරණො යන බුදුවදන් තුළින් පැහැදිලි වන්නේ කිසිවකුටත් කර්මයෙන් ගැලවී සිටිය නොහැකි බවයි. උපතේදීම ඇතැමුන් පව් කරගහගෙන පැමිණීම නිසා පවුලේ අනෙක් සාමාජිකයන්ට ද ඉඩ කඩම් විකුණා දැමීම, අනපේක්‍ෂිත ලෙස රැකියා අහිමිවීම, තිබෙන වස්තුව නැතිව යෑම, ලෙඩ රෝගවලට ගොදුරුවීම වැනි කරදරවලට මුහුණ පෑමට සිදුවෙයි. එහෙත් කුසල කර්ම ශක්තීන් ඇතිව උපදින දරුවන් නිසා ඔහුත් පවුලත් ගමත් රටත් බබළයි. මොහොතක් සිහි නුවණින් විමසා බලන්න. මගේ ජීවන යාත්‍රාවේ යථෝක්ත රෝද සතර ශක්ති සම්පන්නද? පිළිසකර කළ යුතු දුර්වලතා නැද්ද? මෙලෙස නුවණින් පිරික්සා බලා ඌණතා ඇත්නම් එය හඳුනා ගෙන ඊට පිළියම් වහ වහා යොදා ගැනීම තුළින් සාර්ථක ගමනක නිමාවක් කරා ජීවන යාත්‍රාව පදවාගෙන යා හැකි ය. එය ජීවන ගමනේ ජයග්‍රහණයයි




Wednesday, February 3, 2016

පළමුවැනි නිදහස් උත්සවය ආවර්ජනය කරයි ( 1815 -1948 )

ගමැතිවරුන් නවදෙනකු සඳහා නිදහස් දින කතා සැකසූ බ්‍රැඩ්මන් වීරකෝන්



























නිදහස ඉතාමත් උත්කර්ෂවත් ලෙස සැමරීම අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රමුඛත්වයෙන් එවකට පැවැති රජයට අවශ්‍ය විය.

උත්සවය පැවැත්වීමට තීරණය වූයේ දැනට නිදහස් මන්දිරය පිහිටි ස්ථානයේය. එවකට එය හිස් භූමියක් විය. තුරඟ තරග සමාජයට අයත්ව තිබූ එම බිම් කොටස රුපියල් පන් ලක්ෂයක මුදලට රජය මිලදී ගෙන තිබුණේ ඊට ඉතාමත් සමීප කාලයකදීය.
පිට්ටනියක් වූ එම භූමියෙහි උත්සව සභාව පැවැත්වීම සඳහා තාවකාලික ගොඩනැඟිල්ලක් ඉඳිකිරීම අවශ්‍ය විය. එහි බාහිර සැරසිලි අපේ පුරාණ චිත්‍ර හා මූර්ති සම්ප්‍රදාය අනුව නිර්මාණය කළ යුතු විය.
ඉඳිකිරීම් කටයුතු බාර වූයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවටය. තාවකාලිකව ඉඳිකළ නිදහස් මන්දිරයේ සැරසිලි හා බාහිර අලංකරණ කටයුතු බාර වූයේ එකල ටෙක්නිකල් කොලිජිය යනුවෙන් හැඳින්වූ රජයේ කලායතනයේ චිත්‍ර උපදේශක ජේ.ඩී.ඒ. පෙරේරා මහතාටය.
එකල ඔහුගේ ගෝලයකු වූ කලාසූරී එස්.පී. චාර්ල්ස් මහතා ඇතුළු කීපදෙනෙක් ම අලංකරණ කටයුතුවලට සහායවීම සඳහා පැමිණ සිටියහ. එම අවස්ථාවේ ලද අත්දැකීමක් පිළිබඳව ඔහු 1999 සැප්තැම්බර් මස 20 වැනි දින දිවයින පුවත්පතට මෙසේ පවසා තිබුණි.

“මුල්ම නිදහස් සමරු උත්සවය තිබ්බේ අද ඔය නිදහස් චතුරශ්‍රයේ තියෙන තැනට ඉස්සරහ පිට්ටනියේ. නිදහස් උත්සවය තියන්න නිදහස් මන්දිරයක් එහෙමත් හැදුවා. නිදහස් මන්දිරයට ඉස්සරහ දෙපැත්තේ මකර තොරණ දෙකකුත් හරි ගැස්සුවා. ඔය නිදහස් මන්දිරයේ වැඩ කටයුතු බාරව හිටිය ප්‍රධාන ඉංජිනේරුවරයා දෙමළ කෙනෙක්.
එච්.ආර්. ප්‍රේමරත්න තමයි දෙවැනියා විදියට හිටියෙ. ඉතින් අර මකර තොරණ ගෙනැල්ලා නිදහස් මන්දිරයේ හයි කළොත් ඒකෙ බරට නිදහස් මන්දිරය කඩන් වැටිලා රාජ්‍ය නායකයන්ටත් අනතුරු සිද්ධවෙයි කියලා ප්‍රධාන ඉංජිනේරුවා කිව්වා. ඒ නිසා එයා කිව්වා ඔය මකර තොරණ එතැන හයි කරන්න එපාය කියලා.
ඔතැන ඔය වෙලාවෙ සෝලියස් මැන්දිස් එහෙමත් හිටියා. “ආ... ඕක ඉතින් මම පිදුරුවලින් හරි ගස්සලා දෙන්නම්කො” කියලා. මම නම් හිතන්නෙ එදා සෝලියස් මැන්දිස් කළේ ලොකුම උපහාසයක් කියලයි.

කොහොම වුණත් අන්තිමට සෝලියස් මැන්දිස් පිදුරුවලින් හරිම අපූරුවට මකර තොරණ දෙකක් හැදුවා නෙවැ. පිදුරුවලින් හැදුවට ඕන කෙනෙකුට ඒ තොරනේ සියුම් වැඩ දැක්කම පේන්නේ සිමෙන්ති බදාමවලින් හදලා කියලයි. ඔන්න ඔහොමයි සෝලියස් මැන්දිස්ගෙ වැඩ. ඔය මකර තොරණ යට මුරගල් දෙකකුත් තිබුණා. අපි ඔය මුරගල්වල අච්චු ඒ විදියට ම ගන්න, අනුරාධපුරයට ගිහිල්ලා සතියක් විතර නැවතිලා හිටියා.”
පාර්ලිමේන්තුවේ සෙංකෝලය, සෙනෙට් මංඩල ලාංඡනය, 1974 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ නිල මුද්‍රාව ආදි ඓතිහාසික නිර්මාණ රාශියක් බිහිකර ඇති කලාසූරී එස්.පී. චාර්ල්ස් මහතා වැඩිදුරටත් පවසා තිබුණේ, අනුරාධපුරය ථූපාරාමයේ මුරගල්වල අනුරූ එසේ පළමු නිදහස් දින උත්සවයේ ප්‍රෞඩත්වය වැඩි කර ගැනීම සඳහා එසේ එක්කරගත් බවය.
එක්දහස් නවසිය පනස් හතරේ සිවිල් සේවයට එකතු වී 2004 අප්‍රියෙල් මාසයේ විශ්‍රාම යන විට ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් නව දෙනෙකුගේ ලේකම්වරයා වශයෙන් ඔවුන්ගේ ප්‍රධාන උපදේශකයා වශයෙන් කටයුතු කළ බ්‍රැඩ්මන් වීර‍කෝන් මහතා ලංකාවට නිදහස ලබන කාලයේ දහ අට හැවිරිදි තරුණයෙකි.

“මට හොඳට මතකයි අපේ පළමු නිදහස් දින උත්සවය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියෙයි මම එතකොට ඉගෙන ගනිමින් හිටියෙ. මගෙ පියා පොලිස් පරීක්ෂකවරයෙක්. ඒ කාලෙ අපි හිටියෙ ගල්කිස්සෙ හෝටලය පාරේ නිවසක” බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ප්‍රථම නිදහස් දින උත්සවයට සහභාගිවීම පිළිබඳව පැවසීමට වට පිටාව සකස්කර ගත්තේ එසේය.
එකල ඔහු ඉගෙනුම ලැබූ විෂයන් අතරට දේශපාලන විද්‍යාව ද එක් විෂයක් විය.
“දේශපාලන විද්‍යාව විෂයක් විදියට විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඉගන ගන්න ශිෂ්‍යයකුට තමන්ගෙ රටට නිදහස ලැබීම පිළිබඳ ප්‍රථම නිල උත්සවයේ වටිනාකම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ” බ්‍රැඩ්මන්ගේ එම සිතුවිල්ල නිසා තවත් යහළුවන් තිදෙනෙකු සමඟ ගල්කිස්සේ සිට ටොරින්ටන් චතුරස්‍රයට උදෑසන හතයි තිහට පමණ පැමිණියේය.
උත්සවය සඳහා තාවකාලික ශාලාවක් ඉඳිකර තිබුණි.



“එම ගොඩනැඟිල්ලෙ ඉස්සරහම තරමක උස වේදිකාවක් ඉඳිකරලා තිබුණා. වේදිකාවෙ කැපී පෙනෙන ස්ථාන දෙකක දැවැන්ත ඇත් දත් ජෝඩු තුනක් රඳවලා තිබුණා. මට මතක විදියට වේදිකාව සුදු පැහැති පලසක් අතුරලා තිබුණා. අමුත්තන් වේදිකාවට ගොඩවෙන පඩි පෙළට රතු පලසක් එළා තිබුණා” වසර හැටහයකට පෙර අතීත තොරතුරු බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එකින් එක මතකයට නඟා ගැනීමට උත්සහයක යෙදෙයි.
ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කිරීමේ උත්සවයට බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කිරීම සදහා පැමිණ සිටියේ ග්ලෝස්ටර්හි ආදිපාද හෙන්රි කුමරු සහ එම ආර්යාවය.





බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසන ලෙස අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටියේය. “කළුපාට පසු බිමේ රත්තරන් පාට ඉරි තියෙන සූට් එක. ලෝන් ටේල් කෝට් එක ඇඳලා ටොප් හැට් එක දාල දි‍ලිසෙන සපත්තු දාලා සුද්දෙකුටත් වඩා සුද්දෙක්වගේ,’ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ මුවඟට උපහාසාත්මක සිනහවක් නැඟුණාසේ විය.
ලංකාවේ එවකට ආණ්ඩුකාරයාවූ සර් හෙන්රි මුවර් සහ ඔහුගේ බිරිය ද ප්‍රධාන ආරාධිතයෝ අතර වූහ. එතෙක් ආණ්ඩුකාරයා ලෙස හැඳින්වුණ සර් හෙන්රි මුවර් ගේ නිල නාමය නිදහස ලැබීමෙන් පසු අග්‍රාණ්ඩුකාරයා ලෙස වෙනස් විය.
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසන ලෙස එදින උත්සව සභාවේ ප්‍රධාන ආරාධිතයින් ශ්‍රී ලංකාවේ සියලුම ආගම්, ජාතීන්, සංස්කෘතීන් නියෝජනය කරන්නක් විය. උඩරට - පහතරට, සිංහල, ද්‍රවිඩ, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, හින්දු මහමත් සියලුම ආගමිකයන්ගේ නියෝජනයක් එම ප්‍රභූන් අතර විය. ජී.ජේ. පොන්නම්බලම්, අරුණාචලම් රාමනාදන් සහ ටී.බී. ජයා ඇතුළු විවිධ ජාතීන්ට අයත් ජන නායකයෝ ද එහි වූහ.
“උත්සවය පවත්තපු මන්දිරයෙන් පිටත ස්ටෑන්ඩ් එකක බ්‍රිතාන්‍ය ජාතික කොඩිය ඔසවලා තිබුණා. ඒ අසලම අපේ සිංහ කොඩියත් තිබුණා. ග්ලෝස්ටර් ආදිපාදවරයා බ්‍රිතාන්‍ය ජාතික කොඩිය පහතට දැම්මා. ඩී.එස්. සේනානායක මහතා සිංහ කොඩිය එසෙව්වා.” නිදහස ලැබීම පිළිබඳව සංකේතාත්මක ක්‍රියාදාමය බ්‍රැඩ්මන් වීරකෝන් මහතා එසේ විස්තර කළේය.
ප්‍රථම නිදහස් දින උත්සවයේදි බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් ග්ලෝස්ටර්හි ආදිපාදවරයා කථා කළේය.
න්‍යාය පත්‍රය අනුව ඊළඟ කථාව යෙදී තිබුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක වරයාටය. ඔහු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. ඔහු එවකට ඩී.එස්. සේනානායක රජයේ නියෝජ්‍ය නායකයා මෙන් ම සෞඛ්‍ය හා පළාත් පාලන ඇමැතිවරයා ද විය.
“ඉංග්‍රීසීන්ගෙන් අප ලබා ගත්තෙ ව්‍යවස්ථාදායක නිදහසක්. මේ අපිට ලැබුණු අලුත් නිදහස සාර්ථක වෙන්නෙ මහජනයාට නිදහස ලැබුණොත් විතරයි. කරුණු හතරක් පිළිබඳව මහජනයාට නිදහස ලැබෙන්න ඕනැ. එහෙම නැතිනම් නිදහස යන්න හුදු දේශපාලන සංකල්පයක් පමණක් වේවි.
මහජනතාව සම්පූර්ණ නිදහස් සුවය ලබන්න නම් අවිද්‍යාවෙන් නිදහස් වෙන්න ඕන. අයහපත් සෞඛ්‍ය තත්වයෙන් නිදහස් වෙන්න ඕනෙ. දරිද්‍රතාවයෙන් නිදහස් වෙන්න ඕනෙ. බයෙන් නිදහස් වෙන්න ඕනෙ.” පළමු නිදහස් දින උත්සවයේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බංඩාරනායක මහතාගේ කථාවේ ඇතුළත් වූයේ එම අදහස්ය. එය විනාඩි දොළහක පමණ දීර්ඝ කතාවක් විය.
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසන්නේ බණ්ඩාරනායක මහතාගේ එම කථාව ජීවිත කාලය පුරාම රැව් පිළිරැව් දුන් බවය. රජයේ පරිපාලන සේවයට එකතු වූ පසු එය ඔහුගේ මූලික දර්ශනය බවට පත්කරගත් බවය.







“කොහොම හරි අගමැතිවරුන් නම දෙනෙක් වෙනුවෙන් ඔවුන් නිදහස් දින කළ යුතු කථා සකස් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ හැම අවස්ථාවකම එදා ප්‍රථම නිදහස් දිනය දා බණ්ඩාරනායක මහතා කළ කථාවේ දර්ශනය ඒ කතාවලට එකතු කළා.” අගමැතිවරුන් නම දෙනෙකුට ලේකම්වරයා පවසන්නේ එක්තරා තෘප්තිමත් වූ ආකාරයකිනි.
හතළිස් අටේ පළමු නිදහස් දින උත්සවයේදී ගායනා වූයේ පී.බී. ඉලංගසිංහ විසින් රචනා කර ලයනල් එදිරිසිංහ සංගීතවත් කළ “ශ්‍රී ලංකා මාතෘ, පාලා යස මහිමා ජය ජය...” යන ජාතික ගීතය විය. නමුත් එම ජාතික ගීතය එදිනට පමණක් සීමා විය.

ජාතික ගීතයක් තෝරා ගැනීම සඳහා පැවැත්වුණු තරගයේ පී.බී. ඉලංගසිංහ සහ ලයනල් එදිරිසිංහ විනිශ්චය මණ්ඩලයේ සිට එම ගීතය පළමු තැනට තේරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් විය.
එනිසා ආනන්ද සමරකෝන් පද රචනා කර සංගීතවත් කර ස්වර්ණ ද සිල්වා ගායනා කර තිබූ දේශාභිමාන ගීතයක් වූ “නමෝ නමෝ මාතා” ජාතික ගීතය වශයෙන් පිළිගෙන 1949 දෙවැනි නිදහස් දින උත්සවයේ ගායනා විය.
ප්‍රථම නිදහස් දින උත්සවයේ තවත් විශේෂාංගයක් වූයේ ඉංග්‍රීසීන්ට වසර 133 ක් යටත්ව සිට නිදහස ලැබීම සංකේතවත් කිරීමට පරවියන් 133 ක් නිදහස් කිරීමය. එසේම ලංකාවේ සතර දිග් භාගයෙන් තරුණයෝ සතර දෙනෙක් නිදහස් ලියවිල්ල ලියැවුණු පුස්කොළ හතරක් රැගෙන විත් උත්සව මන්දිරයේ මැද තිබූ පෙට්ටියක තැන්පත් කළෝය.


මෙසේ පැමිණි එක් අයෙක් පසුකලෙක රටේ විදේශ ඇමැති වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාය. එම පුස්කොළ හතර ඇතුළත් මංජුසාව පසු කාලයක ඉඳිකළ නිදහස් මන්දිරයේ තැන්පත් කරන ලදී. අදත් ඒවා එහි නිරුපද්‍රිතව ඇත.

Tuesday, February 2, 2016

නිදහසක් කියා නැත දෙයක්





මනුසත් දෙරණ මත ඉපදී මිනිස් වෙසින් කවි ගී ගයයි මලවුන් එන තුරා මතින් නිදහසක් ඇතිය කියලා අනබෙර තැලුවාට ඉතින් අපට නැත තවම නිදහස ලැබිල අපෙන්
බටහිරටම ආවඩනා සිංහල පුත්තු අපට රටක් ඇත කියලා කියයි සිතු මාරකයෙන් මිදී නැත තව අප මිතුරු හිතාපන් එගැන මොහොතක් මගෙ මිතුරූ
ජාතියක් නැත තවම සිංහල කීවාට කලවම් වෙලා හැම තැන දෙස බස යසට මලගම අද හෙටම ඒවිය පිය මිතුර හිතපන් ටිකක් අප කෙලෙසද නෙතු පියනු
රකිමින් දෙරණ සිටි මිනිසුන් නිහඩ වෙලා ඒ අය ඇයිද මේ ලෙස අද කලකිරිලා දේශපාලනය අද හැම තැන රජ වීලා කෙදිනද පොත පතට එක තැන දෙන්නෙ අපා
ජාතික ආලේ කියලා තෙලෙබනුවෙන් දෙඩුවාට ජාතික හොරුන් වේ සමහර මැතිලාද රට හැදි ගෑවිලා යන දා ඔවුන් නැත කටක් අරින්නේ මිතුරේ කිසිදාක
රැවටී අප සැවොම අද එක තැනට වෙලා හිටියොත් මතු පරපුරක් නොසදා අලස වෙලා ඒරොප්පෙන් ඇවිත් රට අලු දූවිලි කරලා අපේ රට අරන් යයි නැවතත් තිබු තැනටා
ජාතික ධජය නොඑසෙව්වට කමක් නැත රටට වැඩක් ඇති ලෙස කල් ගෙවනු මැන ආසිරි බලය තුනුරුවනේ ලැබෙනු ඇත මේ කවි ලියන මම ගුරුගොඩ සිරිවිමල



Sunday, January 31, 2016

මහවැවෙන් බිහි වූ ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පි සෝලියස් මැන්දිස් මහතා






ඓතිහාසික කැලණිය රාජමහා විහාරයේ බිතු සිතුවම් නිර්මාණය කරමින් ලෝක ප්‍රකට චිත්‍ර කලා ශිල්පියකු වශයෙන් ප්‍රකට වූ වලිමුනි සෝලියස්‌ මැන්දිස්‌ මහා කලා ඇදුරුතුමා ගුණානුස්‌මරණය සිහි ගන්වමින් ඔහුට උපහාරයක්‌ වශයෙන් මෙම ලිපිය පළ කෙරේ.



සෝලියස්‌ පුංචි දරුවාගේ උපන් දිනය වන්නේ 1896 ජුනි 17 වැනිදාය. සෝලියස්‌ මැන්දිස්‌ට සහෝදර සහෝදරියන් අට දෙනකු වූහ.

 ඔහු ගේ සම්පූර්ණ නම වලිමුණි සෝලියස් මැන්දිස් ය. පියා ඩබ්.සිරිනෝරිස් මැන්දිස් සහ මව ක‍රෝලින් හාමි ලෙසත් සඳහන්ය. පියා දේශීය වෛද්‍යවරයෙකි. .සෝලියස් මැන්දිස්ට පිළිගත් ඉහළ අධ්‍යාපනක් නොතිබුණ ද විශ්ව කීර්තියට පත් සිත්තර නාමයක් ලබා ගැනීමේ භාග්‍ය සතු වී ඇත.
තම ගමට ආසන්න නාත්තන්ඩියට සමීප මාවිල පන්සලේ හත්වැනි පංතිය දක්‌වා ඉගෙන ගත් පුංචි සෝලියස්‌ මැන්දිස්‌ පසුව මාදම්පේ කතෝලික පාසලකත්, නාත්තන්ඩිය වීරහේන මහා පිරිවෙනේත් ශිල්ප හැදෑරීය. ඔහුගේ දෙමාපියන්ට උවමනාව තිබුණේ තම පුතු ආයුර්වේද වෛද්‍යවරයකු කිරිමටයි. ඒත් පුංචි කාලයේ සිටම ගමේ පන්සලටත්, පරිසරයටත් ඉතාම ඇලුම් කරමින් තම ස්‌වෝත්අසාහයෙන්ම චිත්‍ර නිර්මාණය කිරීමේ උනන්දුව සෝලියස්‌ට තිබුණි. ඉතාම සන්සුන්, නිහතමානී, නිදහස්‌ව සිතීමට ප්‍රිය කළ ඔහු සෑම චිත්‍රයක්‌ම තමන්ට ආවේණික ශෛලියකින් නිර්මාණය කළේය.
සෝලියස් මැන්දිස් කුඩා කාලයේදී ම මෙමෝනියස් ද සිල්වා නම් වූ සිය මාමා සමඟ බිතු සිතුවම් කලාවේ නිරත වූ බවට සාධක ඇත. මහවැවට නුදුරු මාවිල කුසුමාරාමයේ දක්නට ඇති සිතුවම් ඔහුගේ චිත්‍ර ඇඳීමේ මූලාරම්භය දක්වන සිතුවම් වේ.කලාත්මක වටිනානමටත් වඩා මානව විද්‍යාත්මක වටිනාකමක් ගැබ්වන පරිදි සිය සිතුවම් නිර්මාණ තමාට නිතර දක්නට ලැබෙන භෞතික සාධක ඔස්සේ නිරූපණය කිරීමක් ඇරම්භයේ දී දැකිය හැකිය. සෝලියස් මැන්දිස් ආරම්භක සිතුවම් නිරීක්ෂණය කරන විට එකල ඔහු එම්.සාර්ලිස්ගේ සිතුවම් අනුකරණය කළ බව පෙනේ. සාර්ලිස් චිත්‍ර ශිල්පියාගේ සිතුවම් එකල ජනප්‍රිය වී තිබීම එයට හේතු වන්නට ඇත.
මේ වන විට මාරවිල සුමන කුසුමාරාමයේ සිතුවම් අඳින අයුරු දුටු සෝලියස්‌ ඒ පිළිබඳව බොහෝ උනන්දුවෙන් සොයා බැලීය. එම විහාරයේ විහාරාධිපති හිමියන් සෝලියස්‌ මැන්දිස්‌ගේ උනන්දුව පිළිබඳව අවබෝධ කරගෙන විහාරයේ සිතුවම් නිර්මාණය කරන සිත්තරාහට බාරදී ඇත. මැන්දිස්‌ සිත්තරාගේ සිතුවම් කලා ලොවේ ආරම්භය එය බව වාර්තා වේ. ඉන් පසුව මැන්දිස්‌ සිත්තරා විහාරාරාමවල චිත්‍ර ඇඳීමේ වැඩ භාර ගෙන කරගෙන ගියේ ඉතාම සතුටින් හා කැමැත්තෙන්ය. ඒ අනුව 1912 වසර වන විට මාරවිල සුමන කුසුමාරාම විහාරය, 1915 රණස්‌ගල්ල විහාරයත්, 1920 වන විට ගිරිඋල්ලේ මැද්දෙපොල විහාරයේත්, පොළොන්නරුවේ ශ්‍රී ජයබා විහාරයේත්, උඩුබද්දාව ටැම්පිට විහාරයේත්, මල්වාන ලෙනගම්පල විහාරය ඇතුළු විහාර රැසකට සිතුවම් නිර්මාණය කළේ අනෙකුත් විහාරවල සිතුවම්වලට වෙනස්‌ වූ මඟක්‌ ගනිමින්ය.
මෙම වකවානුව වන විට විදේශ ආක්‍රමණ නිසා විනාශ වී ගිය කැලණිය පූජා භූමියේ නව ප්‍රතිසංස්‌කරණ කටයුතු හෙලේනා විජයවර්ධන ළමා තැනිය අතින් සිදු වෙමින් පැවතුණි. විජයවර්ධන පරම්පරාවේ අයට උවමනා වූයේ කැලණිය විහාරයේ නව බිතු සිතුවම් නිර්මාණය කිරීම සඳහා ඉතාම දක්‌ෂ ශිලපියෙකුගේ සහයෝගය ලබාගැනීමටයි. ඒ අනුව ඒ වන විට රටේ විවිධ පළාත්වල සිතුවම් කරමින් සිටි තරුණ සෝලියස්‌ මැන්දිස්‌ගේ නව ආරක චිත්‍ර ශෛලිය දැක කැලණි විහාරයේ නව විහාර මන්දිරය සහ සිතුවම් නිර්මාණය කිරීමේ භාරදූර අභියෝගය සෝලියස්‌ මැන්දිස්‌ මහතාට පැවරීය. හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසින් මැන්දිස්‌ මහතාව ඉන්දියාවේ අජන්තාව, එල්ලෝරා වැනි ලෝක පූජිත සිතුවම් නැරැඹීමටත්, ඒවායේ ලක්‌ෂණ හඳුනා ගැනීමටත් ඉන්දියාවට යෑවූ බව සඳහන් වේ.
හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ උපදෙස්‌ අනුව 1930 දී කැලණි විහාරයේ සිතුවම් හා මූර්ති නිර්මාණය ආරම්භ කළ මැන්දිස්‌ මහතා 1948 පමණ තෙක්‌ බිතු සිතුවම් නිර්මාණය කළේය. මේ සිතුවම් සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නට මැන්දිස්‌ කලාකරුවා අමතක කළේ නැත. ඇසට ඉතාම සුවය ගෙන දෙන වර්ණ උපයෝගී කර ගත්තේය. මකුළු මැටි, පස්‌ වර්ග, ශාකවල පත්‍ර, පොතු, බිත්තර සුදු මදය, තැඹිලි වතුර ආදිය ප්‍රධාන වශයෙන් බදාමයට සහ වර්ණ සඳහා යොදා ගත්තේය. බිත්තර සුදු මද ලබා ගත්තේ බිඳුණු බිත්තරවලින් පමණක්‌ බවද සඳහන් වේ. කැලණි විහාරයේ බිතු සිතුවම් අතර නව විහාර ගෙයි සියලුම සිතුවම් ඇතුළු මූර්ති විහාර මන්දිරයේ නිර්මාණය ද සෝලියස්‌ මැන්දිස්‌ කලාකරුවා අතින් සිදුවීම විශේෂ සිද්ධියකි. ඔහුගේ සෑම රේඛාවක්‌ම, හැඩතලයක්‌ම වර්ණයක්‌ම සිතුවමට උචිතවම යොදා ගත්තේය. හේමමාලා දන්ත කුමරු දළදාව වැඩමවීම, බුදුන් වහන්සේගේ ලංකා ගමන, කැලණිතිස්‌ස කතා පුවත, ලංකා ඉතිහාසය ඇතුළු සිතුවම් රැසක්‌ කදිමට නිර්මාණය කර ඇත. නෙළුම් මල්, පලාපෙති, ලියවැල් මෝස්‌තර නිර්මාණාත්මක ලෙස උචිත තැන්වල යොදා ඇත. චිත්‍ර කලාව හදාරන සිසු සිසුවියන්ටත්, ගුරුවරුන්ටත් සිතුවම් කලාව පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සෑම දෙනාටත් කැලණි විහාර සිතුවම් සෞන්දර්ය විශ්වවද්‍යාලයක්‌ වැනිය. එහි එක්‌ පැතිකඩක්‌ වන්නේ නුවර යුගයේ චිත්‍රත්, නූතන යුගයේ චිත්‍රත් දැකිය හැකි එකම ස්‌ථානය කැලණිය විහාරයයි.

කැලණි විහාරයේ බිතුසිතුවම්



බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශ‍ය ලද පූජනීය ස්ථානයක් ලෙස කැලණි විහාරය බෞද්ධයන්ට සුවිශේෂී වේ. කැලණි විහාරයේ පූජනීය වස්තූන් හැරුණු විට විහාරය තුළ දක්නට ලැබෙන සිතුවම් වැඩි වැදගත් කමකින් යුක්තය. මෙම සිතුවම් නිර්මාණය කරන ලද්දේ සෝලියස් මෙන්ඩිස් නම් වූ සිත්තරාණන් විසිනි. ඉතිහාසය පුරාවට ම කැලණි විහාරය විදේශීය බලපෑම්වලට නතු විය. ඉංග්‍රීසි පාලනයට යටත්ව පැවති යුගයක සෝලියස් මෙන්ඩිස් මහතා විසින් මෙම ඓතිහාසික බෞද්ධ සිද්ධි සිතුවමට නැගීම සංස්කෘතික අතින් ද වැදගත් ය. බුදුන්වහන්සේ මෙරට වැඩමකිරීමේ සිට වැදගත් බෞද්ධාගමික ඓතිහාසික සිද්ධීන් රැසක් මෙතුමන් විසින් සිතුවමට නගා ඇත. ඒ අතර චූලෝදර ම‍හෝදර යුද්ධය, සංඝමිත්තා තෙරණින්වහන්සේ විසින් ශ්‍රී මහා බෝධිය මෙරට වැඩමවීම , හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් දන්ත ධාතූන් වහන්සේ ‍මෙරට වැඩමවීම, මහින්දාගමනය, කාලිංග මාඝ කැලණි විහාරය විනාශ කිරීම හා විජය කුමරා ලක්දිවට පැමිණීම ආදී සිතුවම් වේ. මෙම සිතුවම් කෙතරම් මිනිස් සිත ඇද බැඳ ගත්තේද යත් මෙම අවස්ථාවන් සම්බන්ධයෙන් අපට චිත්‍රරූප මැවෙන්නේ ද මෙන්ඩිස් මහතා විසින් ඒ සඳහා නිර්මාණය කර ඇති සිතුවම් ඇසුරිනි. කැලණි විහාර සිතුවම්හි කැලණි ඉතිහාසය දැක්වෙන සිතුවම් ද අන්තර්ගත වේ. මෙතුමාගේ සිතුවම් තුළ ඔහුට ම ආවේනික තාක්ෂණයක් වේ. සෝලියස් මෙන්ඩිස් මහතාගේ සිතුවම් වස්තු විෂය, රිද්මය හා ශෛලිය අතින් විශිෂ්ටත්වයෙන් යුතුය. කැලණි විහාරයේ සිතුවම් සඳහා ඔහු තෝරාගත් ශිල්ප ක්‍රමය ස්වභාවික මෙන්ම පුරාණ වන්නකි. ඒ සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය අනුසාරයෙන් සිතුවම් සඳහා වර්ණ පිළියෙල කරගත් බව පැවසේ. ඔහු සායම් නිපදවා ගැනීමට කිකිළි බිත්තර යොදා ගත් බවත් ඒ සඳහා බිඳුණු බිත්තර භාවිත කළ බවත් ප්‍රකට ය. සෝලියස් මෙන්ඩිස් සිය බිතුසිතුවම් සඳහා තෝරාගත් වර්ණ සිත නිවන, ශාන්ත ස්වභාවයක් ඇතිකරයි. නිල්, රතු, කහ යන මූලික වර්ණ එකිනෙක මිශ්‍ර කිරීමෙන් ලැබෙන වර්ණයන්ට සුදු වර්ණය මිශ්‍ර කිරීමෙන් ඔහු තම බො‍හෝමයක් සිතුවම් වර්ණ ගන්වා ඇත. වර්ණ ගැන්වීමේ දී ත්‍රිමාන ලක්ෂණ මතුවන පරිදි පින්සලෙන් ඇඳ තිබීමත්, කලු මිශ්‍ර වර්ණයකින් සිතුවම් චරිත මතුකර පෙන්වීමත් විශේෂ ලක්ෂණයකි.
කැලණි විහාරයේ චිත්‍ර ඇඳීම සඳහා ඉන්දියාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන නන්දලාල් බෝස් මහතා එක් අවදියක දී මෙරට කැඳවීය. නමුත් සෝලියස් මෙන්ඩිස් අඳිමින් සිටි සිතුවම් දුටු නන්දලාල් බෝස් පවසා ඇත්තේ ඒ සඳහා යෝග්‍යත ම පුද්ගලයා සෝලියස් මෙන්ඩිස් බවයි.
ප්‍රතිභාපූර්ණ කලාකරූවෙකු වශයෙන් කලා කටයුතු සඳහා ම තම දිවිය කැපකළ මෙතුමා අවිවාහක‍යෙකි. සෝලියස් මෙන්ඩිස් මහතා තම අවසාන කාලයේ දී තමා සතු වූ සියලු දේපොළ අඳ, ගොළු, බිහිරි දරුවන්ගේ ප්‍රයෝජනයට පරිත්‍යාග කළ බව කියවේ. එයට සිවිරාජ ලෙස නම් තබා ඇත. මෙය බෞද්ධ සාහිත්‍යයේ එන නමකි. ඒ අනුව ද ඔහු විසින් නිර්මිත කලා නිර්මාණ වලින් පමණක් නොව සිතුම් පැතුම්වලින් පවා උසස් පුද්ගල‍යෙකු බව ක්‍රියාවෙන් ම සනාථ කොට ඇති බව පැහැදිලිය.
කැළණි විහාරයේ ඇදි සිතුවම්
1.බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කිරීම 2.නාගදීපයට වැඩම කිරීම 3.විජය කුමරුගේ ලංකා ගමනය 4.දළදාව වැඩම කිරීම 5.ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම 6.මහින්දාගමනය 7.සංඝරාජ හිමිට පදවි පිරිනැමීම







සෝලියස්‌ මැන්දිස්‌ මහා කලාකරුවා මියයන තෙක්‌ම තනිකඩව ජීවත් විය. ඔහු සතුව තිබූ දේපළ මාදම්පේ මහවැව ඉඩම සිවිරාජ නමින් අඳ ගොළු බිහිස්රි පාසලක්‌ පවත්වාගෙන යැම සඳහා පරිත්‍යාග කිරීම ඔහුගේ පරිත්‍යාගශීලි බව මොනවට පැහැදිලි වේ. එම කලාකරුවා 1975 සැප්තැම්බර් 01 දින අපට අහිමි විය. ඔහුට මෙම ලිපිය උපහාරයක්‌ම වේවා·


මමද මෙම ගම් පියසේ ඉපිද ජීවත්වීම ලද භාග්‍යක් කොට සලකමි

.

( අන්තර්ජාලයෙන් සොය ගත් ලිපි වල එකතුවක්)

Saturday, January 30, 2016

ලොව සීතලම ගම්මානය ඔයිමියාකොන්






දෙසැම්බර්, ජනවාරි කියන්නෙ තරමක් සීතල මාස 2 ක්. අපේ රට තරමක් උණුසුම් රටක් නිසා නත්තල් කාලයට පැමිණෙන මේ සීතලට අපි කවුරුත් කැමැතියි. ඒත් සෙන්‍ටිග්‍රේඩ් අංශක ඍණ 50 ක් (- 500c) වගේ සීත උෂ්ණත්වයක ජීවත් වෙන්න සිදුවුණොත් ඒක මොන වගේ අත්දැකීමක් වේවිද? එය දැනගන්න Oymyakon ගම්මානයට ගිහින් බලන්නට ඕනෙ.

ඔයිමියාකොන් (Oymyakon) කියන්නෙ ලෝක‍ෙය සීතලම ගම්මානය. එසේත් නැත්නම් ලොව උෂ්ණත්වය අඩුම ස්ථිර මනුෂ්‍ය වාසයක් ඇති ස්ථානය. මෙම ගම්මානයෙහි ජනගහනය 500 ක් පමණ වන අතර වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 67.7 ක් (- 67.70c) ලෙස 1993 පෙබරවාරි 6 වැනිදා සටහන් වී තිබෙනවා.
ජනවාරි මාසයේත් සාමාන්‍ය උෂ්ණත්වය - 500c පමණ සටහන් වෙනවා.



ඉන්ධන පිරවුම්හල
















ඔයිමියාකොන් වෙත ගමන් කරනවා නම්Yakutsk නගරයේ සිට දින 2 ක් පුරා ගමන් කළ යුතුයි. 300000 ක පමණ ජනගහනයක් වෙසෙන මෙම නගරය ලෝකයේ උෂ්ණත්වය අඩුම නගරයයි. (- 340c).
උතුරු සයිබීරියාවේ එනම් රුසියාවේ තමයි මෙම ඔයිමියාකොන් ගම්මානය පිහිටා තිබෙන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර් 750 ක (750m) පමණ ‍උසකින් පිහිටා තිබෙන මෙම ගම්මානයේ දිවා කාලය දෙසැම්බර් මසදී පැය 3 ක් වන අතර ජූනි මසදී පැය 21 වෙනවා.
මේ නිසා ජූනි, ජූලි හා අගෝස්තු මාස වලදී 300c ට වඩා ඉහළ උෂ්ණත්වයන් වාර්තා වූ අවස්ථා ද තිබෙනවා. ඒ කෙසේ වූවත් ඔක්තෝම්බර් මස අවසානයේ සිට මාර්තු මස වන තෙක් සෑම දිනකම උෂ්ණත්වය 00c ට අඩුයි.


ගම්වැසියෙක්...



















ශාක වර්ග වගා කිරීම ඉතා අපහසු නිසා මාංශමය ආහාර තමයි මෙම ගම්වාසීන් වැඩිපුර භාවිතා කරන්නේ. මාළු හා සත්ත්වයන්ගෙන් ලබාගත් කිරි ආහාර ලෙස භාවිතා කරනවා.
බැටරි සහිත උපාංග භාවිතා කිරීමත් ඉතා අපහසුයි. ඒ ඉතා අධික සීතල නිසා‍. ඒ නිසා සංඥා (සිග්නල්) තිබුණත් මෙම ගම්වාසීන්ට ජංගම දුරකථනය භාවිතා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.



වැසිකිළියක්...



























ගමේ වෙසෙන සියලුම දෙනාට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගන්න තිබෙන්නේ එ‍කම එක වෙළෙඳ සලක් පමණයි. මෙම ගම්මානයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් තමයි රථවාහන නවතා තැබීම. බොහෝ දෙනා වාහනයේ එන්ජිම ක්‍රියා විරහිත නොකර වාහනය ගාල් කර තබනවා.
එසේ කර‍න්නේ පසුදින උදයේ නැවත පණ ගන්වන්න නොහැකි වේවි යන බිය නිසා. එසේ නොමැති නම් හීට‍ර් සවි කරන ලද ගරාජයක් තුළ වාහනය නවතා තබනවා. ගෘහස්ථ වැසිකිළි කිසිවක් දක්නට නොලැබීමත් විශේෂත්වයක්.
කඳු වළල්ලකින් වටවූ නිම්නයක පිහිටා ඇති මෙම ගම්මානය එම පිහිටීම නිසාම තද සුළං වලින් ආරක්ෂා වී තිබෙන අතර, ඒ නිසා ම තව තවත් උෂ්ණත්වය පහළ යාම වැළකී තිබෙනවා. ඔයිමියාකොන් නගරයේ නමෙහි අරුත තමයි (නොමිදෙන ජලය) (non freezing water). ලෝකයේ ශීතම ගම්මානයට මෙම නාමය ලැබී ඇත්තේ අසල පිහිටා ඇති උණු දිය උල්පතක් නිසායි.



උණුදිය උල්පත...



















ලියන පෑනෙහි තීන්ත මිදීම, තමා පළඳින උපැස් යුවළ මූණටම ඇලී තිබීම හා බැටරිවල ආයු කාලය ඉතා අඩු වීම මෙම ගම්වැසියන් මුහුණ දෙන දෛනික ප්‍රශ්නයි.
හදිසියේවත් මරණයක් සිදු වුවහොත් එම මළ සිරුර වළ දැමීම තමයි ඔවුන්ට ඇති ලොකුම ප්‍රශ්නය. ඉතා අධික ලෙස මිදී ඇති හිම සහ පස් හාරා වළක් සෑදීම දින 3 ක් පමණ ගතවන ඉතා සංකීර්ණ වැඩක් බවයි වාර්තා වෙන්නේ.

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular