Saturday, November 26, 2016
ටෙලිවිෂණී!
දිනෙන් දින
තරුණවනටෙලිවිෂණී
අදහාගන්න බැරි සුන්දරී පුංචි ම සන්දියේ ගලිවරුත් මට පෙන්නුවා හා හා හරි හාව - වාගෙ මමත් උඩ පැන්නා නිරාහාරව ව සිටි රෑක එබී අල්ලපු ගෙදරට උඹ දෙස බැලූ මගෙ පොඩි දවස සුන්දර ම හිරු මඬල වී මට රැගෙන ආ මල්ගුඩි දවස මට තාම මතකය කල් ගෙවී නයිට්රයිඩර් ප්‍රේමයක් මට පෙන්නුවා එදා සිට මගේ හිත හැම රෑම පැන්නුවා කළු සුදු අතරමැද අලුපාට අතීතය දෙබෑවුණු එක රෑක වර්ණවත් නුඹෙ මුහුණ දැක ගන්න වැසූවෙමි පාඩම් පොත මහ රෑ එකොළහට
ඇවිදින් මැද සාලයට උණා දැමුවෙමි නුඹේ සළුපට අනුරාග ගිනි සිළුව වෛවර්ණ රූ සපුව නාභියත් වටකරන් නාගයෙක් පච්චයක පයෝධර වට පවා
සර්පයන් ඔතාගෙන බැලුවා ය මා දෙස ගොදුරක් දුටු කලෙක ළංවන හැපිනියක ලෙස සුරතින් ගිලිහුණාදුරස්ථ පාලකය බිම වැටි කුඩු වුණා
යෞවනයෙ ඉදිරිපිට...
Tuesday, November 22, 2016
වියපත් සිතුවිලි
ලොල ලොල ගාන විට දත්ටික නොමැති කට
සෙලවෙයි වාරු නැති අතපය තරගය ට
වල එක පයයි ගොඩ එකකුයි තියෙන මට
කළ යුතු දෙයක් නැත මලගම ළඟය හෙට
ආ මග හරි දිගය යා යුතු මග කෙටිය
ඒ මේ ජීවිතේ නැව පැදවෙන හැටිය
වදිනා තැන හබල විසිරෙන පෙණ කැටිය
තව ටික දුරක් වත් පැදගෙන යනු තොටිය
ගොඩ කරගත් සියලු දේ මහමෙර උසට
වැඩකට ගත නොහැක පය දූවිලි ලෙසට
බිහිරිය දෙකණ නොපෙනෙයි කිසිවක් ඇසට
මේ කුණු කය රැගෙන තව දුර යනු කුමට
මේ මහගෙදර ඇති අන්තිම කුටිය කොනේ
ලණු ඇඳ තමයි අවසානෙට ඉතුරු වුණේ
සෙනෙහස දිනූ අය සිටියත් සතර කොනේ
යා යුතු ගමන තනිවම යා යුතුය අනේ
නොතිර සැප සොයා ඉඳුරන් හට රැවටී
නිතර දුකට පත්වෙන කුණුකය නොවටී
සතර ඇත්ත දැනගෙන දුක කරන කෙටී
අජර අමර නිවනින් සැනසීම වටී
Monday, November 21, 2016
කවි සිතුවම් පුබුදනා රාත්‍රිය
සුමුදු මුදු වළා අතරින්
පුන්සද එබෙනා
බැබිල මල් සදිසි
තරු පොඩිති අහසෙ දිලෙනා
කැකුළු මල් ඕවිල්ලෙ
සිගිති පිනි බිදු නිදන රාත්‍රිය
නෙක නාද රටාවෙන්
රැහැයි පළගැටි ගායනා
සුමුදු සේපාලිකා කඩුපුල්ද
මුදු සුවද මුදා සුළගට
නෙත් හරින
තුරුලතා නැලවෙමින් මද පවනෙ
කවි සිතුවම් පුබුදනා රාත්‍රිය
බලන්න නිමේශයකට
කොතරම් සුන්ද
Monday, November 14, 2016
ජීවිත ගමන
ආ මඟ කෙටිය තව යායුතු මඟ දුරය
බැළු බැළු සියළු තැන ඇත්තේ අවහිරය
අප යන මේ ගමන මරණින් කෙළ වරය
එය තව උපතකට සසරෙහි බිහි දොරය
දුක සැප ජය පරාජය උණු කඳුළු සිනා
හමුවී නතර වූවත් ලොව බොහොම දෙනා
සමබර ගතිය හඳුනන වෙර තිබෙන කෙනා
නියමිත ගමන යන්නට හුරු පුරුදු වුණා
හිසමත තබාගෙන ඉසිලිය නොහැකි බරක්
යන්නට තිබෙන්නේ නොසිතුව තරම දුරක්
කවදා දකිනු හැකිදැයි නොම දකිමු තෙරක්
එනමුදු ගමන යායුතුවෙයි රැගෙන වෙරක්
තණඅග රැඳුනු පිනිබිඳු හිරු එළිය දැක
නැතිවන අයුරු දිවියට සම කෙරිය හැක
නොසිතුව නොම පැතුම සුළු මොහොතකදි එක
ජීවිත ගමන කෙළවරවෙයි ගෙනෙන දුක
Wednesday, November 9, 2016
ලොව අපබ්‍ර0ශම ජනාධිපතිවරනයේ ජය Donal trump ට - ජනාධිපතිවරණය ගැන විස්තර ටිකක්
( මෙම සටහන ඉදිරි පැය කීපය තුල යාවත්කාල කරමි. )
ඡන්ද කොට්ඨාස 270 සම්පුර්ණ කරමින් ඇමෙරිකා ජනාධිපතිවරණය ජයගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වෙයි.
දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 290ක් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.
ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට ජයග්‍රහණය කිරීමට හැකී වී ඇත්තේ ඡන්ද කොට්ඨාස 218ක් පමණි.තවත් ඡන්ද කොට්ඨාස 30ක පමණ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතය.මැතිවරණය ජයග්‍රහණය සඳහා ඡන්ද කොට්ඨාස 538කින් 270ක් ජය ගත යුතුව තිබිණි .
රිපබ්ලිකන් පක්ෂය සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ජය හිමි කරගත්තේය.
සසර සැරි සරන පාදඩයාගේ මුහුනු පොතෙන් මෙම කොටස උපුටා ගන්න ලදි ප්‍රාන්ත බෙදී ගිය අයුරු
තොටිල්ල පදවන අත අමෙරිකාව පාලනය කරන්නට තිබුණු ස්වර්ණමය අවස්ථාවක් ඉතා අවාසනාවන්ත ලෙස ගිලිහී ඇත. එසේ වතුදු ජීවන මංතලේ සත් වන දශකයේ පසු වන ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් ව්‍යාපාරික සිටාණෝ අතට අමෙරිකා පාලන යෝධ සුක්කානම ලැබීම වෙනුවෙන් අප ද මෙසේ සුභාසිංසන පළ කරමි.
to be continued...................
Subscribe to:
Posts (Atom)
Top
සාමය උදාවන ගාසා තීරය
යුද්ධය යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...




