Tuesday, October 25, 2016

වෙනස








ගමට කලින් හිරු වැඩියට
මොළවන්නට ලිපක් කොහිද.....
ළඳු දෙණිවල ඇවිද ගිහින්
මිටි බඳින්න දර කොයින්ද.....
රටා තියල අමදින්නට
වැලි මිදුලක් මෙහෙ කොයින්ද
නිල් තණකොළ හැඩට වවපු
සිමෙන්ති බිම හතර වටේ
වෙරළු දං හිඹුටු මෙහෙ නෑ
බෙහෙතකටත් හොයා ගන්න
ගෙදර යන ගමන් ගන්නට
ගහෙන් කැඩුව නැවුම් ඒවා
දිය පාරේ තිත්ත පැටවු
උඩ පැන පැන නටන්නෙ නෑ
ගේ ඇතුළෙ ම මහා පොකුණු
ගෝල්ඩ් ෆිෂ්ලා, සින්දු කියන
දෙ ඇස් පොවන හැම මානෙම
විසල් පවුරු අහස උසට
පීදෙන නිල් කෙත්වතු නැහැ
නිල් අහසට සිනා සලන
හමන සුළඟ සිහිලක් නෑ
ගිනි ගත් හිත් නිවාලන්ට
ගමේ පැලට වැඩිය සැපක්
මෙහි තියේද සොයා ගන්න





1 comment:

  1. අනෙකාගේ දුක අභියස
    කම්පාවෙන හිතක් නැතේ
    මනුස්සකම තටු ලබලා
    ඉගිලී ඇත අහස්කුසේ
    සල්ලි ඕනෙ ඇත්ත තමයි
    දිව්ව කියලා හරි යනවද
    හිතේ සතුට නිදහස් බව
    විඳ ගන්නත් ඕනෙ තමයි
    මෙහැම පිරුණු ගම්මානේ
    සොබා දමත් අඩුව නැතේ
    නගරෙන් බැහැරව දවසක
    ඉන්න වෙලාවක් නැත්තේ........

    ජයවේවා!!!

    ReplyDelete