Thursday, November 19, 2015

Vijaya Koswadiya Volleyball කොස්වාඩියෙ කෙල්ලො වසයි ලන්කාවටම ගහපු නිසයි

..


2015  ජනාදිපති රන්කුසලාන අත් පන්දු කාන්තා තරගය අවසන් මහා තරගය.....ඩයලොග් සමාගම අනුග්‍රහයෙන්.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයත් පිරිමි ශූරතාව බලරැස් ක්‍රීඩා සමාජයත් දිනාගත්හ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් විවෘත වූ සීදූව දවිසමර මහා විදුහලේ අභිනවයෙන් ඉදිකරන ලද ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති අවසන් තරගවලදී තොස්වාඩිය විජය පිල වෙතින් තරග වට 3-2ක් ලෙස රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් පිල පරාජයවූ අතර, බල රැස් ක්‍රීඩා සමාජය වෙතින් තරග වට 3-0ක් ලෙස දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය පරාජයට පත් විය.
කාන්තා අවසන් තරගයේ පළමු වටය රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් පිල දිනාගත් අතර දෙවැනි හා තෙවැනි වට කොස්වාඩිය ක්‍රීඩිකාවෝ සතුකර ගත්හ.එහෙත් සිවුවැනි වටයේ ජය නැවැත ගෝල්ඩන් බර්ඩ්ස් සතුවීමෙන් අවසන් වටයෙන් ජයග්‍රහණය විජය පිලට හිමි විය. කාන්තා අවසන් තරගයේ ලකුණු තත්ත්වය වූයේ 21-25, 25-13, 26-24, 26-28 හා 15-12ක් විය.
පිරිමි අවසන් තරගයේ පළමු හා දෙවැනි වට බලරැස් ක්‍රීඩා සමාජය දිනාගත් අතර උණුසුම් තෙවැනි වටයද බලරැස් පිල සතුවිය. මෙම තරගයේදී පරාජිත දෙබෑගම රන්තරු ක්‍රීඩකයෝ ඉතා හොඳ තරගයක් දීමට සමත් වීම කැපී පෙනුණි. ලකුණු තත්ත්වය වූයේ 25-17, 27-25 හා 28-26ක් විය.
මේ අවසන් තරගයේ ආරාධිතයන් ලෙස ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය, මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා හා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න හා ඩයලොග් ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
අද දින අපෙ ගම මුලු ලන්කාවටම හඩ නගල කිව්ව අපි දිනුම් කියල.මන් ජීවත් වන ක්‍රීඩා කල ගමේ  සහ මෙහෙය වන ජාතික ක්‍රීඩාවෙ ( අත් පන්දු ) සතුටු දායක දවසක් උදා උනා.මාස ගනනාවක් ක්‍රීඩා කන්ඩායම් රාශියක් සමග ප්‍රාදේශිය ,පලාත් සහ අවසාන මහාතරගයක් ලෙස තරග වැද අපරාජිත කන්ඩායමක් ලෙස පස්වන වතාවටත් ජය හඩ නැන්වූ වගයි.
.නමින් කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය ලෙස ගත් කල වසර තිහකට එහා ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන ක්‍රීඩා සමාජයකි.ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කලාපේ ගම අවට පාසල් ඉතා ආඩම්බරෙන් අද දවසත් විද ගත්තෙ..
පාසල් කාලයේ සිටම අත් පන්දුවට හුරු වන අප තරුන පරපුර අත් පන්දුවෙන් තම අනාගතය සකසා ගන්නෙ ඉදිරි අනාගතය තම පාසල් කාලයේ සිටම අත දරාගෙනය......
අපේ ගම කොස්වාඩිය කියා කොහෙ හෝ තැනක් කියනවනම් විජය කිව්වොත් බොහො අය දන්නවා වෙන්න ඇති.
සමන්සිරි සෙනවිරත්න,සුනිල් ප්‍රේපසිරි,සුනිල් ජයවීර අදටත් ල0කාව තුල ජනප්‍රිය නාමයන් ය.

මෙම තරගාවලි සංවිධන යකිරීම සදහා කණ්ඩායම් ඒකරාශී කිරීම් පුහුණුව සදහා යොමු කිරීම සහ ඔවුන්ගේ සියලුම අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන්නේ විජය ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයන් වන
සමන්සිරි සෙනවිරත්න සහ චන්දික ඉලංගකෝන් යන අය මෙහිදී මතක් කල යුතුමයි.



කනගාටුවෙන් හෝ කිව යුතු දෙයනම් මෑත කාලයේදී අත් පන්දු ක්‍රීඩාවෙන් ගිලිහී යන පිරිමි උත්සාහය එන්න එන්නම වැඩි වෙමින් පවතී.වසර කීපයකට පෙර මෙම තරගයේ පිරිමි අනුශූරතා,තුන්වන ස්ථාන කිහිප සැරයක්ම අපි ලබා ගත්තෙමු
නමුත් අප ප්‍රදේශයේ විදෙස් ගතවන ප්‍රවනතාව එන්න එන්නම බහුල වන අතර ක්‍රීඩාවේ මෙහෙ දුන් පෙත්තට පැමිනෙන පිරිමින් සොයා ගැනීම පවා අපොහොසත් තත්වයක පවතී.
හේතුවක්නම් නිවරදි අනාගතයක් සියලුම දෙනාට නැත.ජාතික තලයට හෝ සන්චාරයකට සහභාගී වූ හෝ කෙනෙකුට පමනක් වරප්‍රසාද ලැබෙන අතර අන් අය එක්කෝ ත්‍රිවිද හමුදා කන්ඩායම් වල ක්‍රීඩා කෛරීමට යොමු  වේ. ලැබෙන සුලු පඩියට් වඩා ලක්ශ ගනනින් උපයන ව්දෙස් රැකියා නිසා එතෙර් රැකියා සදහා ජපානය එන්ගලාන්තය ඉතාලිය වැනි රටව්ල අද බොහෝ දක්ශ ක්‍රීඩකයන් ගිස් ඇත.
.තරගය දිනා ජයග්‍රහන අරන් ගෙදර එන ගමන් ලිව්වෙ..





එම නිසා පසුව ලියමි අලුත් තොරතුරු.....