Monday, November 2, 2015

හනික වරෙවු කොල්ලනේ මෙන්න මෙහෙ වරෙවු





හනික වරෙවු කොල්ලනේ මෙන්න මෙහෙ වරෙවු
හනික වරෙවු කෙල්ලනේ නට නටා වරෙවු

අවම බලයෙන් පිලිගන්වන ගුටි දන්සැලට එනවනම් මේ ටිකත් දැනගෙන ආවොත් හොදයි
නැත්නම් හෙටත් කන්න වෙන්නෙ රීප්ප පටි ,බැටන් පොලු කදුළු ගෑස් නෙවේ මීගමුවෙ ඇන්ටනී කාපුව,කටුනායක රොශේන් චානක කාපුව  නොව රතු පස්වලට අකිලල රවිශාන් කාපුව වගේ තමා කන්න වෙන්නෙ ,එහෙමත් නැත්නම් 89,90 කාපුව වෙන්නත් පුලුවන්

කොයියම් ආකාරයක හෝ නිදහසට කරුණු කිව හැකි වුනත් පසුගිය දා ශිෂ්‍ය පෙළපාලියකට හා උදඝෝෂණයකට එල්ල කළ පොලිස් පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැක. අවම වශයෙන් එම ප්‍රහාරය නීතියේ සදහන් පරිදි අවම බලය පාවිච්චි කිරීමක් හෝ නොවේ. එය මුළුමනින්ම පදනම් වී තිබුනේ පොලීසියේ පරපීඩක කාමුකත්වය තෘප්ත කර ගැනීම මත ය. එළව එළවා පහරදීමත් බිම වැටුන පසුව පහරදීමත් අවම බලය පාවිච්චි කිරීමක් නම් ශ්‍රී ලංකා පොලීසියට සිවිල් පාලනය යනු කුමක්දැයි මුල සිට ඉගැන්විය යුතුය. දීර්ඝ කාලයක් තිස්සේ සිවිල් පාලනයෙන් තොරව හදිසි නීතියෙන් හා මර්දනීය ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති වලින් ගොඩනගා ගත් සංස්කෘතියක හැදුනු වැඩුන පොලිස් දෙපාර්තමේන්තුවට මෙම ප්‍රහාරය සරළ අත්දැකීමක් විය හැකිය. එහෙත් නීතියේ ආධිපත්‍යය හා මානව අයිතීන් වලට කළ යුතු ගෞරවය ඉල්ලා සිටි සමාජයකට මෙය තිරිසන් ප්‍රහාරයකි. ඒ නිසාම ගනුදෙනුව බේරා ගත යුත්තේ පොලිස් නිලධාරීන් සමග නොවන අතර යහ පාලනයක් සදහා ප්‍රතිපත්ති ඉස්මුරුත්තේ යවමින් වේදිකාවන්හි කෑ ගැසූ දේශපාලකයන් සමග ය

විරෝධතා...
කාලයක් තිස්සෙ ඉවර නොවන අරගල වල එක් අවස්ථාවක සිසු ඉල්ලීම්.මොවුන් කොතරම් සාධාරනද?තම ඉගෙනීම,කාලය,දෙමවුපිය බලාපොරොත්තු කැප කරමින් සිසු අයිතීන් ඉල්ලීමට පෙල ගැසෙන්නෙ මොන තරම් පරාර්ථකාමී හැගුමෙන්ද.
පවුද්ගලික විශ්විද්‍යාල පනත,නීති විද්‍යාල ගැටළු,උපාධි අසමානතා ගැටළු මේ සා විවිදාකාර ගැටළු ඇති තැන් නිරවුල් කරගන්න අන්තර් විශ්ව විද්‍යාල ශිශ්‍ය බලමණ්ඩලය,ශිශ්‍ය ව‍යාපාර පෙල ගැසෙන්නේ තම ජීවිත අවධානමද තබමිනි.



 comment එකකින් උපුටා ගත්

නුඹලා හට ඇත්තේ මේ රටේ ඔළුගෙඩි සමඟ බද්ධ වූ කුහකත්වයක් හා වෛරයකි.
ඈත පිටිසර, දහසකුත් කම්කටොළු මැද .සිරියාවතීගේ දුවත්, සයිමන්ගේ පුතත් සිය හැකියාව හේතුවෙන්ම අධ්‍යාපනයේ හිනි පෙත්තට නඟිද්දී....


නුඹලාගේ දරැවනට,
දුක් විඳින ජනතාවගේ උරමතින්, සියළු සැප පහසුකම් හා වරප්‍රසාද මධ්‍යයේවුවද, ඔවුන් සමග තරඟ කිරීමට ඇති නොහැකියාව හේතුකොටගෙන නුඹලාට ඇත්තේ බද්ධ වෛරයක් බව ඉතිහාසය පුරාවටම පැහැදිලි වෙමින් තිබේ.
මේ කප්පාදු කරමින් මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ අයිතියම නොවෙද.

ඉතිං තව ඔළු පලපල්ලා... ඉතිහාසයේ කලාමෙන් මොල ගලවපල්ලා... අතපය කඩලා හිරේ දාපල්ලා....
එහෙත් නතර කල නොහැකිනම් සතර අත හොර උපාධි කඩ දමා අපට නොහැකි, නුඹලාට හැකි අධ්‍යාපනය නුඹලාගෙ දරැවනට මුදලට ගෙනත් දීපල්ලා....
මේ අර අදින්නේ එයට බව ඉතාමත් පැහැදිලිය.

ලෝකයක් අධ්‍යා‍පනයේ හා තාක්ෂණයේ නව මං පෙත් සොයා යද්දී අප ආපසු හැරී දුවමු.
කැලේ පිපුන මල් කැකුළු ලෝකයක් දකින්නට ඇති වරම් අහිමිකොට අප තරම් දීන, නිච,මිලේඡ්ච හා කුහක ජාතියක් තවත් නැතිබව ඔප්පුකොට පෙන්නමු...

නුඹලාගේ ලේ පිපාසය හා වෛරය සංසිදේවී...

ඉතිහාසය පුරාම ඉතා මැනවින් දුටිමි
ඒ නුඹලාගේ හැටිය.
නමුත් අවාසනාවනම්..
ඒ පිඩනයට ලක්වන්නාම හරි අපූරැවට එය සාධාරණීකරණය කිරීමට මානබලමින් සිටීති.
බලය නොමැතිවිට එරෙහිවූ දෙයම, බලය ලැබුණු විට අමතක කර දමා එයට මල්මාලා දමාපෝෂණය කරමු. කරමු.

අප පුදුම නොවන්නෙමු....
"ගස්බැලයින්ට අධ්‍යාපනය දුන්නහම, ගහකට යවල පොල්ගෙඩියක් කඩාගන්න ගමක කොල්ලෙකු සොයා ගැනීමට නොහැකිවේයයි" කියුවන් ජාතික වීරයන් වූ අරැම පුදුම රටක් බැවිනි."

මතක තබා ගතයුතු දෙය.
වර්තමාන සිසු පෙල ගැසීම් වල ඉන්න සිසුන් සියල්ලෝම 1989,1990 ට පසුව උපන් අයවේ.එසේම ඔවුන් ඉල්ලීම ඉල්ලන්නෙ එක්සත් ජාතික පක්ශයට අයත් ආණ්ඩුවෙන කියලත් අමතක කර ඇත.යූ ඇන් පී රජයක් කෙසේද විශ්ව විද්‍යාල තුළ සිසු ව‍යාපාර මර්දනය කලේ කෙසේද යන්නත් දන්නවානම් අනාගතයේදී මුහුණ දෙන්නට වන අවධානම බොහෝ භයානකය.ඉතා ඇත දුශ්කර ගම්මානවලින් එදා කුලියක් කරල තම දරුවන්ට උගන්වන්න උත්සාහ කරන දෙමවුපියන්ගේ දරුවන් තමයි බහුල වශයෙන්ම මේ සිසු ව්‍යාපාරවල යෙදී ඉන්නෙ කියල අප කවුරුත් දන්නව හොදින්.

කඩේ යාම

බොහෝ විශ්විද්‍යාල වල මේ වගේ විරොව්ධ්තාවලට බහුල වශයෙන්ම යොදා ගන්නව ප්‍රෙශාල හෙවත් අලුතින් පැමිණි සිසු කණ්ඩායම්.මොකද සරසවියෙ නැවුම් බව තුළ ඔවුන්ට තම පැවැත්ම සදහා යෙදීමට සිදුවන අතර විශේශයෙන්ම නේවාසිකාගාර වල ඉන්න සිසුන්ට බොහෙ සේ බලපාන කරුනකි මෙය.නැත්නම් ඒවායෙ රැදී සිටීමටද ප්‍රශන මත්වේ.
පෙරට එන සිසුන් අතර විවිධ දේශපාලන පක්ශවලට තම ප්‍රවනතාව දෙන අයද  මොවුන් අරද සිටී.ඒ ඇයි ඇතුලෙ ඉන්න වසර 3,හෝ 4 තුල ඔවුන් තම බලය ,පරිසරය සකස් කරගෙන එලියට යනවිට ඔවුන්ගේ අනාගතය සරු කරගන්න මේක තො තැන්නක්,( අත් දැකීම් 1997-2001 වසරේ කොලඹ සරසවියේ සිටි සියලුම ශිශ්‍ය ව්‍යාපාරවල නායකයින් ඇමති ලේඛ්ම,සාමාන්‍යාදිකාරීන්,සම්බන්ධීකරන ලේඛ්මලා වීම)
එසේම බලය පවතින සරසවි ශ්ශ්‍ය සභා කණ්ඩායම් නොරුස්සන අනිත් ශිශ්‍ය ව‍යාපාර ( රජයට සහය දෙන ) සිසු විරෝධතා පාවාදීම්ද සිදු වේ.( උදා...හෙට විරෝදතාවයක් තිබේනම් අද පනිවිඩ මාරගයෙන් ආන්ඩුවේ ඇමතීන් දැනුවත් කිරීම.)



ආණ්ඩුව

අපගේ අවාසනාවටම හැම රජයකින්ම පතවන අද්‍යාපන ඇමතිල තරම් සිසුන් දඩයම් කරන තිරිසන් ඇමතිලා ලැබීම අපගේම වාසනවනය.දැන් දැන් ඇමතිවරුන්ට ආයුධ පුහුණුවද රජයෙන් දෙන්නට සූදානම් වන්නේ හොදකටනම් නොවේ.

පක්ශය හා ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ලබා දුන් පොරොන්දු එකිනෙකට වෙනස් වුවත් බලයට පැමිණි පසු පාලකයන් එකම ආකරයට හැසිරීමෙන් බලයට පැමිණි පසු පුද්ගලයකු පාලනය වන්නෙ බලය විසින් බව ශ්‍රී ලංකාවේ ජනතාවට අවබෝධ වුනු බවට සැකයක් නැත.

80 දශකයේ සිසු ඝාතන වල සිට අප රටේ වඩාත්ම අප්‍රසාදයට ලක්වූ රජයේ දෙපාර්තමේතුව පොලීසියයි. 
දේශපාලකයින් පුහුණු කරවීමට, ඔවුන්ගේ හැසිරීම පාලනය කිරීමට හා ඔවුන් ගන්නා රටට බලපාන තීරන වලට බලපෑම් කිරීමට තබා ජනතා නියෝජිතයන් පත්කර ගැනීමවත් වඩා විධිමත්ව සිදුවේයයි බලාපොරොත්තු තැබිය නොහැකිය.
ඒ නිසා අඩුම තරමේ පොලිස් නිලධරීන් බඳවා ගැනීමට නිසි ක්‍රියාපිලිවෙළක් සකසා සාම්ප්‍රදායික ආයුධ පුහුණුවට අමතරව, විනයාණුකූලව, තිරිසනුන් ලෙස නොව මිනිසුන් ලෙස හැසිරෙන ආකාරය කියා දෙන මානසික උපදේශන වැඩමුළු ආරම්බ කර නැතිකරගත් ජනතා විශ්වාසය ප්‍රතිස්ථාපනය කරගත යුතුව ඇති බව වටහා ගැනීමට පොලිස් සේවයේ බලධාරීනට දැන්වත් නුවණැස පෑදිය යුතුය.


අවධානම.

පොලිස් කොමිසම් සහ වාර්ථා රජයටම හිතවත් පක්ශව ප්‍රකාශ කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශන,ඇමති වාර්ථා තුලින් ගම්‍ය වන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්ය.අගමැති විශේශ  පරීක්ශනයක් පවත්වන්න නියෝග කරන්නේ මොනා කරන්න හිතාගෙන යන්න කාට තේරිවිද?පොලිස් මාධ්‍ය ප්‍රාකශ කල දෙය අනාගතයට කොතරම් අවධානම් වේද යන්න ගැන සලාකා බැලුවොත් මෙය කොතරම දුරට භීශනයකට මග පාදනවාද යන්න ගැනත් අප සලකා බැලිය යුතුය.එමෙන්ම පවතින අස්ථාවර රජය මේ වනවිට පොලිස් අකටයුතුකම් නිසා ජනතාව අතර ඉතාමත් අපකීර්තියට පත්වී හමාරනිසාය


මුහුනු පොත තුලින් සාදාරනත්වය ඉල්ලන නන්ගිල,මල්ලිලගෙ නිර්මාන දකිද්දි අනේ මෙහෙම ලන්කාවක් කියා සිතෙනව
හුදෙක්ම බොහෝ අය කබරගොයත් තල ගොයා කර ගන්නවා මෙන් දේශපාලන් වාසි,වයිරය,පලිගැනීම සහ කොමිටල් අරබයා ලියන,බෙදා ගන්න අදහස් කිසිම වැද ගැම්මකට නැත.අද වෙන්නෙ යම් තැනක සිද්දවෙන දෙය සැනෙකින් සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා හැර එයින් විනෝදයක් ලැබීමය.මෙවන් සිසු පහරදීම් සිදු වූයේ මෑත ඉතිහාසයෙ පමන්ක් නොවන බව අමතක නොකරන්න. ( මාද මෙවන් දේ සම්බන්දයෙන් විරෝදතාවය දක්වා මෙවන්,අකරතැන්බවලට මුහුන දුන් නිසා.) .
අද සිදුවන්නේ ල0කාවෙ දේශපාලනය සිඩු දඩයම  දිගටම පවත්වාගෙන යාමයි.
සිසු සිසු ඉල්ලිම සමග සෙල්ලම් කරන්නේ කවදාවත් දිනා ගත නොහැකි තරගයකට ඇද දමමිනි.පොරොන්දු දී ඒ පොරොන්දු ඉටු නොවුනු කල සිසුන් කුලප්පු කර සිසු ව්‍යාපාර කඩාකප්පල් කිරීමයි.
මෙහිදූ සිදුවන දෙයක්නම් එකම් අද්‍යාපනය ලබන සරසවි සිසුන් අතරද එකම් ගැටලුඑව වෙනස් ආකාරයට ,පාට කන්නාඩිවලින් බැලීමත් දේශපාලන පක්ශ වලට කඩේ යාමත්‍ නිසා සිසු අයිති කිසිදා ඉටු නොවෙ 
සාමකාමි පෙලපාලියකින් ගොස් ඉල්ලීම් කල විට කවදාව්ත් රජය ඒවා ඉටු නොකරයි.
එමෙන්ම රජ්‍යේම අතකොලු වූ සිසුන් මාර්ගයෙන් මේවා කඩාකප්පල් කර සිසු පලිගැනීම්ද සිදු කරයි.
මෙය වෙනස් කල යුතුයි.
මහ පුටුවල ඉන්න මහ මොලගෙඩිද,ඒවාට අනුව යන නීතිය අනිසි ලෙඩ ප්‍රයෝජනය ගන්නා පොලිසියද අවබොද කර ගත යුතු දේ බොහොයි




අවම බලය යොදපු අවස්ථා







උසි ගැන්වීම





අනාගතය