Tuesday, September 22, 2015

...ලොව යුග පිළිබද මත විවරණය කිරීම

...ලොව යුග පිළිබද මත විවරණය කිරීම






හින්දු,ඉස්ලාම්,ක්‍රිස්තියානි යන ආගම් වල පෙන්වා දෙන පරිදි විශ්වය දෙවියෙකු විසින් නිර්මාණය කරන ලද්දකි..හින්දුන්ට අනුව විශ්වයේ නිර්මාතෘ “මහාබ්‍රහ්මයා” ය,ඉස්ලාම් දහමට අනුව නිර්මාතෘවරයා “අල්ලාය “, කිතුනුවන්ට අනුව “දෙවියන් වහන්සේ”ය..බයිබලයට හා කුරාණයට අනුව විශ්වයේ ආරම්භය අවුරැදු 5000කට වැඩි නොවේ.නමුත් වෛදක ග්‍රන්ථ වලට අනුව පෘථිවියේ වයස වසර 362,880,000 කට වඩා පැරණිය..ක්‍රි.පු 6වන සියවසේ භාරතයේ පහළ වු ‍මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ මැවුම්කරැවකු ඇතැයි තිබූ මතය මිත්‍යාවක් බවත්,ලෝකයේ මුල නොපෙනෙන බවත් පෙන්වාදුන් සේක.බුද්ධ කාලයේ පහළ වු ජෛන ආගමේද මැවුම්කරැවකු පිළිබදව මතය පිළිනොගත් බව සදහන්ය..

වෛදික ග්‍රන්ථ වලට අනුව ලෝකයේ යුග හතරකට බෙදා වෙන් කොට ඇත.භගවත් පුරාණයේද ඓතිරීය බ්‍රාහ්මණයේත් මේ ගැන දීර්ඝ විස්තරයක් සදහන්ය..එම යුග 4 මෙහෙමයි...

1.කෘත යුගය
2.ත්‍රෙතා යුගය

3.ද්වාපර යුගය

4.කලියුය විදිහටයි.....

මෙයින් පළමු යුගය වන කෘත යුගයට වර්ෂ 1,728,000 ක්ද

ත්‍රෙතා යුගයට වර්ෂ 1,296,000 ක්ද

ද්වාපාර යුගයට වර්ෂ 864,000 ක්ද

අපි දැන් මේ ඉන්න කලි යුගයට වර්ෂ 432,000 ක්ද වෙන් කොට ඇත... 


දැන් මම හොයා ගත්තු විස්තරේට අනුව ඉස්සෙලම කෘත යුගය ගැන පොඩි විස්තරයක් දාන්නම්.....මේ ගැන මම තාම හොයනවා..මට හම්බවෙච්ච ලිපි වලින් එක ලිපියක් මෙන්න මෙ‍හෙමයි කෘත යුගය ගැන කියලා තිබුනේ....

“කලිං ශයාතෝ භවති
සංජීවා නස්තු ද්වාපාරං

උත්තිෂ්ඨ සෙත්‍රාතා කාතංභවති සම්පද්‍යා තේචරං”


ඓතරීය බ්‍රාහ්මණයෙහි සදහන් ඉහත කී ශ්ලෝකය පවසන විදියට කෘත යුගය කියන්නේ ඉතා උතුම් යුගයක් බවත් එය ඇවිදින යුගය බවත්ය.මහාභාරතයේද මේ ගැන කරැණු දැක්වෙයි..මිනිස්සු රන් භාජනවල බොජුන් ගත් අතර ඉතා දියුණු යහපත් මිනිසුන් බවද ප්‍රකාශ වෙයි. .

අද වගේ අභ්‍යන්තර ගැටුම් වලින් තොර සමාදානයෙන් කටයුතු තළ යුගයකි.කරදරද බොහෝ අඩු විය..ලෝකයේ යහපත සදහා වරින්වර මනුලොවට සම්ප්‍රප්ත වූ මහා විෂ්ණු දෙවියෝ මේ යුගයේද මත්ස්‍ය,කුර්ම,වරාහ,නරසිංහ යන අවතාර ලෙස පහළ වු බව වෛෂ්ණවයෝ කියති.නවීන විද්‍යාවටත්,වාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයටත් එකගව හින්දු ධර්මයේ විෂ්ණු අවතාර දක්වා ඇතැයි කියලා ලිපිය තවදුරටත් සදහන් කරලා තියෙනවා..ජීවින් මුලින්ම ජලයේ පහළ වු බවත් ක්‍රමයෙන් පසුව දිය ලොඩ දෙකේම වාසයට හුරැපුරැදු සතුන්ද අනතුරැව තිරිසන් සතුන්ද ඉන් පසුව අඩක් මිනිස් හා අඩක් සිවුපා ලක්ෂණ වලින්ද පහළ වු බව ජීව විද්‍යාව කියයි...

විෂ්ණුගේ පළමු අවතාරය මාළුවෙකි..
දෙවන අවතාරය දිය ගොඩ දෙකේ‍ම විසිය හැකි කුර්මයාය(ඉදිබුවාය)..

තුන්වෙනි අවතාරය ඌරැ අවතාරයකි...

හතර වන අවතාරය “නරසිංහ අවතාරයයි” (අඩක් මිනිස් රැවක්ද අඩක් සිංහ රෑපයකින්ද යුක්ත)........

ඔන්න ඔහොම තමයි කෘත යුගය ගැන මං හොයා ගත්තු ටික....


ත්‍රෙතා යුගය

මෙම යුගයේදී මහාබ්‍රහ්මයා යාගය ලොවට දුන්නේය..යුගයකින් නව යුගයකට ලොකුම දායාදය නම් යාග කිරීමයි කියල තමා මූලාශ්‍රයන් සදහන් කර ඇත්තේ.විෂ්ණු දෙවියෝ මේ යුගයේදි වාමන,පරිශ්‍රරාම,රාම,චන්ද්‍ර යන අවතාර වලින් පෙනී සිට මහත් වූ වික්‍රමයණ් කළහ..රාමායන කාව්‍යයේ යාගයන්ගේ පළ මහත් විභූතියෙන් යුතුව වර්ණනා කොට ඇත.සූර්ය වංශයට අයත් කකුස්සත,ත්‍රිසංකු,හරිශ්චන්ද්‍ර,මරුදත්ත,සාගර,අංශ්‍රරාම,රඝු,අජ,දශරථ,රාම යන රජුන් මිහිපිට වාසය කළේ ත්‍රෙතා යුගයේදීය..මිනිසුන්ගේ පරම ආයුෂය මෙකළ අවුරුදු 1000 ක් බවත්,මිනිසාගේ උස තුදුස් රියනක් බවත්,ආහාර වැළදුවේ රිදී භාජන වල බවත් මිනිසුන් දාන ධර්ම චර්යාවන්හි යෙදිමින් උග්‍ර තපස් රැකී බවත් භගවත් පුරාණය සදහන් කරයි.එසේම ත්‍රෙතා යුගයේදී මිනිසුන්ගේ පව් කොටස් එකකි.පින් කොටස් 3කි.අපේ වචනෙන් කියනවානම් ඒකාලේ උදවියට ඉහෙන් බහින රෝගයක් තිබුනෙ නැහැලු.මෙම යුගයේ සටන් ගැන දිර්ඝ විස්තරයක් රාමායනයේ සදහන් වෙයි..අවුරුදු 1,296,000 ක් මෙම යුගයට අයත් වී තිබී ඉකුත් වී ඇත..

ඔන්න ඉතින් ත්‍රෙතා යුගය ගැන ඔහොමයි හොදේ...ඹන්න දැන් තමයි මිනිසුන්ගේ පිරිහිම පටන් ගන්නේ..


ද්වාපර යුගය

ද්වාපර යුගයේදී මිනුසුන්ගේ පිරිහීම ක්‍රමත්‍රමයෙන් ආරම්භ වේ..ඓතරීය බ්‍රාහ්මණය පෙන්වා ඇක්තේ මෙම යුගය මද ගමනින් යුක්ත වූ බවයි..මිනිසුන් තඹ මෙන් වටිනාකම අඩුකොට හුවා දක්වා ඇත.මේ යුගයට අයත් වසර 864,000 ක් ඉක්ම ගොස් ඇත්තේය...
දැන් මම මේ කියන්ඩ කියලා ලැහැස්ති වෙන්නේ ඔයාලයි මායි ජීවත් වෙන මේ යුගය ගැන හොදේ..අමුතුවෙන් ඉතින් රහ කොරලා කියන්ඩ දේකුත් නෑ නොවැ..එෟකට කාරි නෑ..අන්තිම යුගය ගැනත් බලලාම යමුකෝ..
ඒ තමයි,

කලියුගය
ක්‍රි.පූ.3102 දී ආරම්භ වූ කලියුගයට වර්ෂ 432,000කි.වෛදික මතය අනුව ඉතාම පිරිහුණු යුගය කලියුගයයි.ඒක ඉතින් මගෙත් මතය තමයි..ඔයාලගේ කොහොමද කියලනම් මං දන්නේ නෑ..කොහොම කොහොම හරි මෙම යුගය අවසානයේදී ලෝක විනාසයක් සිදු වේ..එකල්හි ලෝක සංරක්ෂක විෂ්ණු දෙවියෝ කල්කි අවතාරයෙන් පැමිණ ධර්මය පිහිටුවන බව වෛෂවණයෝ කියති.ලෝක විනාශය ගැන බෞද්ධ පොත පතේද සදහන් වේ..බෞද්ධ මතය අනුව අවසාන කල්පය වු මේ කල්පය හෙවත් මහ භද්‍ර කල්පයයි.මිනිසා ආහාර නිපදවිම අතින් පමණක් නොව නව නිෂ්පාදන සෙවීම අතින්ද මෙම යුගයේදී දියුණුවට පත්වුවද මිනිසා සතුව පැවතියා වු උසස් ගුණධර්ම ක්‍රමක්‍රමයෙන් පිරිහිමට පත්වේ.ඒක ඉතින් පැහැදිළියි නේ...සෑම වෙලාවෙදීම බලාපොරොත්තු රහිත දේ සිදුවන විට පුදුම නොවන ඇතැම් අය”මේ කලියුගයේ හැටි ඉතින් ඔහොමතමා” කියයි..ඇත්තටම ඉතින් මිනිස්සු පිරිහුනාම වෙන්නේ මොනවද කියලා තමන් වත් දන්නෙ නෑනොවැ ඉතින්...!මං හරිය....?
තව තවත් පුරාණ ග්‍රන්ථ වල සදහන් වෙන්නේ ඉතා පිරිහුණු යුගය කලියුගය හෙවත් ඔබත් මාත් ජීවත් වන මෙම යුගයයි....

හම්....! ඕං යුග හතර ගැනම දන්න දන්න තරමින් කිව්වා හොදේ...දැන් ඉතින් ඔයාලගේ ගුණ දොස් තමා බලාපොරොත්තුව..