Saturday, November 14, 2015

ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය..අමානුශිකව වෙඩි තබන වීඩියොව සහිත




ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 129  ක් මියගොස් ඇතැයි ප්‍රංශ වාර්තා පවසයි.
තවත් 300 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇත

පැරිස් පොලිස් වාර්තා වලට අනුව පැරිසියේ නෘත්‍ය ශාලාවක්,කැම්බෝඩියානු ආහාර සපයන ආපනශාලාවක්,ප‍්‍රංශ හා ජර්මන් පාපන්දු කණ්ඩායම් සුහද පාපන්දු තරගයක නිරත වෙමින් සිටි කී‍්‍රඩාංගනයක් සහ කලාගාරයක් යන ස්ථානයන් ත‍්‍රස්ත ප‍්‍රහාර වල ඉලක්කයන් වී ඇත.

සිරියාවට මේ වන තෙක්ම ප්‍රන්ශය විසින් බෝම්බ හෙලන හේතුව නිසාවෙන් මෙම ත්‍රස්ත කණ්ඩායම පහරදීමට පැමිණ ඇති බව ප්‍රහාරයේ වගකීම භාරගන්නා අයි එස් අයි එස් නායකයා පවසා ඇත.

(මේ වන විට ආ ප්‍රන්ශයෙ සහ යුරෝපා රටවල සේවයේ නිරත වී සිටින නිසාවෙන් හදවත දනවන සන්වේදී දසුන් ,පුවත් දැක ගත හැකි ,ඇසිය නිසාවෙන් යමක් ලියන්න සිතුනා අසපු දැකපු දෙයින් ) 

1 වන පහර දීම  කී‍්‍රඩාංගනය
21.20

මුල්ම ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ ප‍්‍රංශ හා ජර්මන් පාපන්දු කණ්ඩායම් තරගයක නියැළී සිටි ස්ටේඞ් ඩෙ ෆ්රාන්ස් කී‍්‍රඩාංගනයටය.
මෙම තරගය නැරඹිීමට ප‍්‍රංශ ජනපති ෆ‍්‍රැන්කොයිස් හොලන්ඬේද පැමිණ සිට ඇත.
කී‍්‍රඩාංගනය පිටත සිටි මරාගෙන මැරෙන බොම්බකරුවන් දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගෙන තිබේ.


නරඹන්නන්ගේ ජයඝෝෂා හඩ පරයා බෝම්බ පිපිරීම් හඬ ඇසී තිබෙන බව සඳහන්ය.
පිපිරීම් හඩ ඇසුණු වහා කී‍්‍රඩකයින් තරගය නවත්වා තිබෙන අතර පේ‍්‍රක්ෂකයින්ද වහ වහා පේ‍්‍රක්ෂකාගාරයෙන් ඉවත්වන කී‍්‍රඩාංගනයට එක්රැස්වී තිබේ.

කී‍්‍රඩාංගනය


ප‍්‍රංශ ජනපතිවරයා ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධරයින් කටයුතු කර ඇත.

2 වන පහර දීම
21.25
දෙවැනි ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ පෙටිට් කැම්බොජේ නම් කැම්බෝඩියානු ආහාර සපයන අවන්හලකටය.



සිද්දිය ඇසින් දුටුවන් පවසන අන්දමට මෝටර් රථ වලින් පැමිණි පිරිසක් අවන්හලේ රැුදී සිටි පිරිස ඉලක්ක කර වෙඩි වරුසාවක් එල්ල කර තිබේ.
පොලිසිය පැමිණෙන විට 15 දෙනෙක් පමණ වෙඩි වැදී මියගොස් සිටියහ.
අවන්හලට අත්බෝම්බ ප‍්‍රහාර කිහිපයක්ද එල්ලවී ඇතැයි පැවසේ.
වන පහර දීම
ඇග කිලි පොලා යන දසුන් සහිත ප්‍රහාර දීම්




නෘත්‍ය ශාලාවට ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සංගීත ප‍්‍රසංගයක් පැවැත්වෙමින් තිබී ඇති අතර දිවි ගලවාගත්තවුන් පවසන්නේ අවි අතින් ගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එක්වනම ශාලාව මැදින් මතුවී හතර අතට වෙඩි තැබීමට පටන්ගත් බවයි.


4 වන පහර දීම


විනාඩි 15 ක් පමණ ඔවුන් මෙසේ වෙඩි තබමින් සිට ඇත.
වෙඩි වැදී සිරුරු එකපිට එක වැටෙද්දී තමන් මෙසේ කරනුයේ සිරියාව වෙනුවෙන් බව ඔවුන් හඬගා කීවේයැයිද දිවිගලවාගත්තවුන් කියයි.
වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරුවන් නෘත්‍ය ශාලාවේ ඉතිරිව සිටියවුන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටියදී එතැන වටළා ඇති පොලිසිය වෙඩි හුවමාරුවකින් පසු ඔවුන් තිදෙන මරා දමා ශාලාවේ සිරව සිටි සාමාන්‍ය වැසියන් බේරාගෙන තිබේ.
වෙඩි හුවමාරුවට මැදිව පොලිස් නිලධරයින් තිදෙනෙක්ද මියගොස් ඇතැයි වාර්තා වේ.
ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති නමුත් මේ පසුපස සිටින්නේ අයිඑස් සංවිධානය බවට ප‍්‍රංශ බලධරයින් සැකකරයි.
මේ දක්වා දියත් කර තිබෙන සෝදිසි මෙහෙයුම් වලින් අයිඑස් සංවිධානය හා සබඳතා පවත්වා ඇති බවට අනාවරණයව තිබෙන පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත්ව ඇත.
වෙඩි තැබීම සිදුවුනු කැම්බෝඩියා අවන්හල පිහිටා තිබෙන්නේ චාලි හෙබ්ඩෝ නම් ප‍්‍රහසන කාටූන සගරාවේ ප‍්‍රධාන කාර්යාලය ආසන්නයේම බව සදහන්ය.





අපහාසාත්මක කාටූන පළකරන්නේයැයි අන්තවාදීන් තිදෙනෙක් පෙර අවස්ථාවකදී මෙම කාර්යාලයට ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ අතර එහිදී චාලි හෙබ්ඩෝ කාර්යමණ්ඩලයේ 13 දෙනෙක් මිය ගියහ.
ප‍්‍රහාරත් සමග ප‍්‍රංශයේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කිරීමට ජනපති හොලන්ඬේ පියවර ගෙන තිබෙන අතර දේශසීමාද තාවකාලිකව වසා දැමිීමට ඔහු නියෝග කර තිබේ.
ප්‍ර0ශ ප්‍රවුර්ති සදහන් කල ආකාරයට තුවක්කු කරුවන් ප්‍රහාර එල්ල කිරීමට පැමින ඇත්තේ සිය දිවි නසා ගැනීමේ  ඇදුම් කට්ටලද සහිතවය.මේ සදහා පැමිනි 8 දෙනාම සිය දිවි නසාගෙන ඇත.
මොවුන් අතර තිබී සොයාගෙන ඇති ගුවන් ගමන් බලපත්‍ර අනුව ඔවුන් ඊජිප්තු,සිරියන්,ඉරාක් සහ ප්‍රන්ශ ජාතිකයකුගෙන් සැදුම් ලත් හොදින් පුහුණුව ලත් කන්ඩායමක් බව අනාවරනය වී ඇත



සිය දිවි නසා ගැනීම්



ත්‍රස්තවාදින් 8 දෙනාම මරුමුවට පත් වී ඇත්තේ

3 දෙනෙකු ක්‍රීඩාන්ගනය අසල්ද
3 දෙනෙකු අවන්හල අසලද
2  දෙනෙකු කළාගාරය අසලද ලෙසය
මෙහි ඇති අස0වේදිම පුවත් වන්නේ අප සියලු දෙනා දන්නා පරිදි පසුගිය මාස කීපය පුරාවටම සිරියාවේ සිට අයි එස් අයි එස් ත්‍රස්තවාදයට බියෙන් ජීවිතය පරදුවට තබා මුහුදු මාර්ගය ඔස්සේ යුරෝපා රටවලට  පැමිනි පිරිස් අතර සිටියෙකුද මෙම 8 දෙනා අතර සිට ප්‍රාහරයට සහභාගී වී ඇත
මා දන්න පරිදි ප්‍ර0ශය ඇතුලු සියලුම යුරෝපා රටවල් මෙම සරනාගතයන් භාරගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයාදීමෙ ප්‍රබල කාර්‍යක නිරත විය.


ක්‍රීඩා0ගනයේ ප්‍රහාරය



මෙහි ප්‍ර0ශ ජාතිකයන් වැඩි පිරිසක් සහභාගි වන නිසා ඔවුන්ට දැනෙන්න ප්‍රහාරයක් එල්ල කරන්නට සැලසුම් කර ඇත 



කළා ගාරයට ප්‍රහාරය

ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ ඇමරිකානු ස0ගීතයට අයත් රොක් වර්ගයට අයත් ප්‍රස0ගයක් පැවති අතර ඇමරිකාව හා උරණ වී සීඉම නිසා එල්ල කර ඇත


කැම්බෝඩියානු අවන්හල



අපහාසාත්මක කාටුන් දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම නිසා ඇතිවූ තත්වයකට පළිගනීමක් ලෙස චාලි හෙබ්දෝ කාර්‍යාලයට  ප්‍රහාරය එල්ල කර ඇත.අවන්හල පිහිටා තිබෙන්නෙ මෙම කාර්‍යාලය අසල නිසා ප්‍රහාරය එල්ල වී ඇත



වත්මන් තත්වය



මේ වනවිට සියලුම යුරෝපා රටවල් තම ආරක්ශක විදිවිදාන තර කර ඇති අතර  ඇමරිකාව,රුසියාව සහ එන්ගලන්තයද අවධානමට ලක්ව ඇත.ඒ අතර ධවල මන්දිරය,රතු පල්ලිය ,ලන්ඩන් නගරය,වතිකානුව යන ලොව පතල ස්ථාන අයි එස් අයි එස් ත්‍රස්ථයන්ගේ මී ලග ඉලක්කයන් බවට ඔවුන් නිවේදනය කර ඇත

 තවමත් නිසියාකාරව මියගිය පිරිස සහ  අතුරුදහන් වූ අයවලුන් සොයන අතර
මේ ඇත්තේ ඉතාලියේ වැනිස් නගරයේ සිට තම උපාදිය ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් කලාගාරයේ පැවති ස0දර්ශනය තම පෙම්වතා සමග නරබමින් සිට පසුව මේ වන තෙක්ම කිසිම තොරතුරක් නැතිව අතුරුදන්වී ඇති කාන්තාවය

පසුව එකතුකල විස්තර

ඉහත සදහන් රූප vedio  රාමුවේ එල්ලි සිටියාවූ කාන්තාව ගැබිනි මාතාවක් වන අතර පසුව ඇයගේ ජීවිතය බේරා දුන් අයට ස්තුති කරමින් මාධ්‍ය ප්‍රකාශයක්ද නිකුත් කර ඇත
එසේම ඉහත ඡායාරූපයේ ස්ටිනා ඉතාලි ජාතික කාන්තාව දින තුනකට පසුව මිය ගිය බවට නන්නාදුනන මිනිස් සිරුරු සහ තුවාලකරුවන් පරික්ශාවේදී සොයාගෙන ඇත
ඒ අනුව මෙම පහර දීමෙන් මිය ගිය සිය්ලු සඛ්‍යාව 132 දක්වා ඉහල ගියේ තවත් අමතර 4 දෙනෙකු එකතු වීමෙනි


වර්ථ්මාන ප්‍ර0ශය

මේ වනවිට ප්‍ර0ශ පුවත් සේවයට අනුව ප්‍ර0ශය මහත් දැඩි අපහසුතාවයකට ආරක්ශාව අතින් මුහුනපා ඇත

ජනතාවගේ ද්යිනික වැඩ කටයුතු තාමත් යථා තත්වයට පත් නොවී ඇති අතර අළුයම නිවසින් [ඉටවන ජනයා නිවසට එනතෙක් ඉතාමත් සැකයෙන් ඉන්නා අතර මී ලග පහර දීම කොයි මොහොතේ සිදුවේද යන බියෙන් සහ සැකයෙන් ජීවත් වේ