Saturday, November 28, 2015

දහම් පාසල් ඉතිහාසය හා බෝසත් දරුවන් තනන පින් බිම





ඉතිහාසය

ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද දහම්ි පාසල දිවයිනේ ප‍්‍රථම දහම් පාසල වශයෙන් ඉතිහාසගත වී ඇත. එය ආරම්භ වූයේ කි‍්‍ර.ව. 1895 අගෝස්තු මස 03 වන ඉරිදාය. එදා සිට අද දක්වා මෙය නොකඩ කොට පවත්වා ගෙන එනු ලැබේ.

දහම් පාසල් ආරම්භ කරන ලද්දේ 19 වන සියවසේ අග භාගයේ පැවති බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නියමුවා ලෙස සැලකෙන ඇමරිකන් ජාතික සෙන්පති හෙන්රි ස්ටීල්  ඕල්කට් තුමා විසිනි. 1880 මැයි මස 17 වන දින ගාල්ල වරායෙන් ශී‍්‍ර ලංකාවට පැමිණි  ඕල්කට් තුමා සත්‍යයට වඩා උතුම් ධර්මයක් නැත යන ආදර්ශ පාඨය යටතේ ලෝකය සියලූ ආගම්, ජාතීන් එකමුතු කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද පරමවිඥාර්ථ සමාගමේ සම නිර්මාතෘවරයා ය. එතුමා සමඟම ලංකාවට පැමිණි රුසියන් ජාතික එච්.පී. බ්ලැවැට්ස්කි මැතිණිය මේ සමාගමේ අනෙක් නිර්මාතෘවරිය වුවාය.

ලංකාවට පැමිණ දෙදවසකට පසු ගාල්ලේ විජයානන්ද මහා විහාරයට පැමිණ එවකට විහාරාධිපතිව වැඩ විසු අක්මීමන ධර්මාරාම මහා ස්වාමීන් වහන්සේ වෙතින් පන්සිල් සමාදන් වී බෞද්ධයන් බවට පත් වූ මේ දෙපළ අතරින්  ඕල්කට් තුමා එවක ශී‍්‍ර ලංකික බෞද්ධයන් යටත් විජිත පාලනයට පත්ව සිටි ඛේදජනක තත්වය දැක සංවේගයට පත් ව බෞද්ධයන් සතු අයිතිවාසිකම් රැක දීමට නිර්භිතව ඉදිරිපත් විය. එහි ප‍්‍රතිඵලයක් හැටියට වෙසක් පෝදින නිවාඩු දිනයක් බවට පත් කිරීමට හැකිවිය
“මගේ හිතට වැදගත් අදහසක් පහළ විය. බෞද්ධ ළමයින් ඔවුන්ගේ ආගම දිවයිනේ තිබෙන හැම පන්සලකම විශේෂ දිනවල නියමිත පැය ගණනක් උගත යුතුය”. මෙම අදහස එතුමාගේ සිය දේශනාවල නොයෙක් වර පවසන්නට ඇත. එතුමාගේ මේ සංකල්පය කි‍්‍රයාවට නැංවූයේ ගාල්ලේ සුබ නිවසෙහි විසු විජයානන්ද විහාරස්ථානයෙහි දායකයෙකු වූ ඩි.ජේ. සුබසිංහ මහතායි. සුබසිංහ මහතා  ඕල්කට් තුමාගේ ප‍්‍රථම භාෂා පරිවර්තකයා විය.  ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් පිහිටවනු ලැබු පරමවිඥාර්ථ සමාගමේ ගාල්ල ශාඛාවේ ලේකම්වරයා වූයේ ද සුබසිංහ මහතාය. මේ අනුව සුබසිංහ මහතා  ඕල්කට් තුමා පන්සිල් සමාදන්ව බෞද්ධයෙකු වු මෙම විහාරස්ථානයේ එතුමාගේ තවත් සංකල්පයක් වූ ප‍්‍රථම දහම් පාසල ඇරඹීමට ද මුලික විය.

අස්සජි මහ රහතන් වහන්සේ උපතිස්ස තරුණයාට දේශනා කළ ‘යේ ධම්මා හේතුප්පභවා.....’ යන ගාථාවේ පළමු පද දෙක ඇසීමෙන් ම සෝවාන් භාවයට පත් වූයේ එ ම පද දෙක පාඩම් සිටීමෙන් නොව එ ම ගාථාවේ තේරුම අවබෝධ කරගත් නිසා ය
  • දහම් පාසලක් යනු.

ධර්මය උගන්වන සහ ධර්මය ඉගෙන ගන්නා ආයතනයකි, දහම් පාසල. කුඩා අවදියේ සිට බෞද්ධ දුවාදරුවන් ට බුදුදහම සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ඇතිකිරීම දහම් පාසල තුළින් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණකි. දහම් අධ්‍යාපනය ලබන දරුවන් ට ජීවිතය සහ ජීවිතයේ යථා ස්වරූපය පැහැදිලි ලෙස අවබෝධ කරවීම දහම් පාසලකින් විය යුතු ප්‍රධාන වගකීමකි.


  • දහම් පාසලක තිබිය යුතු අරමුණු. 

බුදුදහමේ හරය පිළිබඳ බෞද්ධ දරුවා තුළ පැහැදිලි ආකල්පයක් ගොඩනැගිය යුතු ය. හරය නිස්සාරවත් නම්, ශක්තිමත් නැති නම්, වටේ ඇති දෙය කොපමණ අලංකාර කළ ද, පිරිසිඳු කළ ද, එයින් පලක් නැත. කුඩාකල සිට දහම් පාසල වෙත පැමිණ දහම් අධ්‍යාපනය ලබාගන්නා දරුවා තුළ යම් ආකාරයක වැරදි ආකල්පයක් ඇති වුවහොත් හෝ ඇති කළහොත් එය එ ම දරුවා ගේ ජීවිත කාලය පුරාවට ම දැඩි ලෙස බලපෑමක් එල්ල වනු ඇත. කුඩා කල සිට ගසකට වැඩීම සඳහා අවැසි ජලය, වාතය, හිරු එළිය ආදී දෑ නිසි කල ට නිසි ලෙස ලැබුණහොත් එය අනාගතයේ සාරවත් දැවැන්ත වෘක්ෂයක් බවට පත්වනු ඇත. කුඩාකල සිට ම බුදුදහමේ හරය ක්‍රමානුකුල ලෙස දරුවන් වෙත කියා දීම දහම් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණකි.


බෞද්ධ සංස්කෘතිය, සාරධර්ම, සිරිත් විරිත් සියල්ලක් ම දරුවා ට කියාදෙන සහ කියාදිය හැකි එක ම ස්ථානය දහම් පාසල යි. දැනුම පාසලකින් හෝ අධ්‍යාපන ආයතනයකින් හෝ අවශ්‍ය නම් මුදලට පවා ගත හැකි නමුදු සාරධර්ම, සිරිත් විරිත් උගත හැකි වන්නේ දහම් පාසල් අධ්‍යාපනය තුළින් ම පමණකි. දහම් පාසල සහ සාමාන්‍ය පාසල අතර ඇති ප්‍රධාන වෙනස නම් එය යි. එ බැවින් කුඩා කල සිට සාරධර්ම, ගුණධර්ම නිසි ලෙස දරුවන් ට කියා දීම දහම් පාසලක තව ත් එක් ප්‍රධාන අරමුණකි.


  • වර්තමාන අධ්‍යාපන රටාව සහ දහම් පාසල.

විභාග සහ සහතික පත්‍ර පමණක් ඉලක්ක කර ගත් වර්තමාන අධ්‍යාපන රටාව අදවන විට බොහොමයක් දහම් පාසල් ද, ගිලගෙන ඇති බව අප ට පැහැදිලි වේ. අද බොහෝ විට ළමයින් දහම් පාසල් අධ්‍යාපනය ලබන්නේ සහතිකයක් ලබා ගැනීමට මිස ගුණධර්ම හෝ සාරධර්ම හෝ ඉගෙනීමට නො වේ.  පාසලේ දී අපට ඉගෙනීමට සිදු වී ඇත්තේ බටහිර අධ්‍යාපන ක්‍රමය යි. විභාගය සහ විභාග සහතිකය මත පදනම් වූ මෙ ම අධ්‍යාපන ක්‍රමය දහම් පාසලට ගෙන යාම ආගම පිළිබඳ හැඟීමක් ඇති බෞද්ධයන් වන අපට කෙ සේ වත් එකඟ විය නො හැකි ක්‍රියාවකි. මේ බටහිර අධ්‍යාපන ක්‍රමය නිසා අද දහම් පාසල් පමණක් නොව පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ද බිඳ වැටී ඇත.

වර්තමාන ශ්‍රී ලංකාවේ සමහර බෞද්ධයන්ට පොහොය දිනකටවත් පන්සල් යාමට අවකාශ නැත. මක්නිසාද යත් මේ තරගකාරී සමාජය තුළ මිනිසුන් යාන්ත්‍රික වී ඇත. එසේ සිදුවී ඇත්තේ මේ අධ්‍යාපන රටාව නිසයි. අතීතයේ ලක්දිව තුළ එතරම් භෞතික දියුණුවක් නොතිබුණ ද ඉතා උසස් ආධ්‍යාත්මික දියුණුවක් තිබුණි. වර්තමාන අධ්‍යාපන රටාවෙන් සිදුවන්නේ මිනිසාව දැනුමින් පෝෂණය කිරීමයි. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමයට කිසිම දෙයක් පිළිබඳව යථාවබෝධයක් ලබා දිය නොහැක. අතීතයේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය මීට වඩා බෙහෙවින් සාර්ථක විය.



බෞද්ධ ධර්ම කරුණු කටපාඩම් කරවීම හෝ සාරධර්ම ලැයිස්තුවක් ලියා කටපාඩම් කරවීම දහම් අධ්‍යාපන නො වේ. එයින් අදහස් කළේ පාඩම් කර ගැනීම මතක තබාගැනීම නො කළ යුතු දෙයක් ලෙස නො වේ. ප්‍රධානත්වය දිය යුත්තේ දහම් අධ්‍යාපනය පිළිබඳ සහ සාරධර්ම පිළිබඳ ඇති දැනුම ප්‍රායෝගිකත්වය ට ගොඩනගා ගන්නා ආකාරය පැහැදිලි කරවීම යි. ජීවිතයට ගලපා ගැනීම යි.


අස්සජි මහ රහතන් වහන්සේ උපතිස්ස තරුණයාට දේශනා කළ ‘යේ ධම්මා හේතුප්පභවා.....’ යන ගාථාවේ පළමු පද දෙක ඇසීමෙන් ම සෝවාන් භාවයට පත් වූයේ එ ම පද දෙක පාඩම් සිටීමෙන් නොව එ ම ගාථාවේ තේරුම අවබෝධ කරගත් නිසා ය. එ මෙන් ම චුල්ලපන්ථක තෙරුන්ට ගාථා පාඩම් නො වීම නිසා මහපන්ථක තෙරුන් උන්වහන්සේ ව පන්සලෙන් පිටුවහල් කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන්ට සුදුරෙදි කඩක් දී ‘රාජෝ හරණං’ කියමින් එය පිරිමැදීමට උපදෙස් දුණි. ඒ ඔස්සේ සිත යොමු කිරීමෙන් උන්වහන්සේ අරහත් භාවයට පත් විය. එ මෙන් තමන් ඉගෙන ගත් දේ පිළිබඳ යථාවබෝධ තිබිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විශාල පිරිසකට නිවන් මඟ කියා දුන්නේ ධර්මය කටපාඩම් කරවීමෙන් නො ව ධර්මය අවබෝධ කර ගැනීමට සැලැස්වීමෙන් ය. එ ම නිසා තමන් කරන කියන දේ පිළිබඳව මනා අවබොධයක් නොමැති ව එ හි දියුණුවක් ද බලාපොරොත්තු විය නො හැකි ය. මේ අනුව ඉතාමත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් බුදුන් වහන්සේ බුදුදහමේ හඳුන්වා දී ඇත. එ මෙන් ම ගුරුවරුන්ට හොඳ ම ආදර්ශමත් චරිතය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්විය හැක. පාඩම් කර විභාග ලිවීමේ මෙ ම අධ්‍යාපන ක්‍රමය කොහෙත්ම සාර්ථක නැත. මක් නිසාද යත් පාඩම් නො කර මෙ ම විභාග සමත් විය නො හැකි නිසා ය. බුදුරජාණන් වහන්සේ සුදුස්සන් තෝරාගෙන තනතුරු පිරිනැමුවේ මෙ වැනි තරගකාරී විභාග පැවැත්වීමෙන් නො වේ.
.
  • දහම් පාසල් තරඟ සහ විභාග 

දහම් පාසල යනු තරඟකාරීත්වක් නොමැති විය යුතු ස්ථානයකි. බුදුදහම තුළ තරඟයක් කිසිසේත් අවශ්‍ය නැත. නමුත් දහම් පාසල් මට්ටමින් විභාග පවත්වා කොතරම් දුරට දරුවා සාර්ථක ද, නැති ද, යන වග තීරණය කිරීම සඳහා යොදා ගැනීම වරදක් නො වේ. මෙ හි වරදක් ඇති වන්නේ තරඟයක් බව ට පත් වුවහොත් පමණකි.

මෙම තරග පැවැත්වීම නිසා එකිනෙකා තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමිත්වය වැනි හැඟීම් ඇතිවේ. මේවා යහපත් ගුණාංග නොවේ. මෙ සේ බුදුදහම රැක ගැනීමට සිටින අය බුදුදහමේ පිරිහීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කිරීම හදවතින්ම බුදුන් සරණ ගිය පිරිසගේ බලවත් කනගාටුවට කරුණකි. දාන, ශීල, භාවනා ආදී පුණ්‍යක්‍රියා සඳහා දරුවන් සහභාගී කරවීම ත්, දහම් අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයකි. ඒ උදෙසා සියලු දහම් පාසල්, සංවිධාන සක්‍රීය ලෙස ක්‍රියාත්මක විය යුතු ව ඇත.

ළමයින් යොමු කිරීමට දෙමවුපියන්ගෙ කැපවීම

ඉතාම අසතුටුදායක කරුණ නම් වර්තමානයේ අපිට දැකිය හැක්කේ දහම් පාසල් අධ්‍යාපනයට යොමුවන ප්‍රමාණය අඩුවෙමින් පවතින බවක් දැකිය හැක.එයට ප්‍රධානතම හේතුව වන්නේ පසල ඇධ්‍යාපන ක්‍රමයට හුරු වූ සිසුන් ඉරිදා දව පවුද්ගලික පන්ති සදහා යොමුවීමත් , දහම පාස්ල අවතක්සේරු කිරීමත් නිසාය.අවතක්සේරු කිරීම යනු සමාන්‍යයෙන් ...දහම් පාසලකින් බලාපොරොත්තුවන ආධ්‍යාත්මික වටිනාකම නොදන්න නිසා එය දෙස අවිචාරයෙන් බලා දරුව්න එහි ගොස් දැනුමක් ලබා නොගනී යන මතය දැරීම්,තරුණ ආචාර්‍ය  මණ්ඩලය දෙස වැරදි ඇසකින් බැලීම ආදි කරුණු දැක්විය හැක.
( මෙය ගම්බදව විශාල එස වෙනස් තත්වයක් ගනී )

අචාර්‍ය වරුන්ගේ මද බව හා පොත පත පරිශීලනය මද බව
කෙනෙකුට යම් දෙයක් ඉගැන්වීමටනම් තමා දැනුමෙන් සන්නද්දව සිටිය යුතුය.එවිට ගුරු මුශ්ටියකින් තොරව කෙන්කුට දැනුම බෙදා දිය හැකිය කිසි ගැට්ළුවක් නොමැතිව.මා දුටු දෙය නම් බොහෝ ආචාර්‍ය වරුන් වර්හමානයේ පොතපත  පරිශීලනය කිරීම ඉතාමත් පහත් තත්වයක පවති.එසේ වනවිට කෙසේද ඉදිරියට යන්නේ.මෙවැනි තත්වයක් උඩ බොහෝ සිසුන් 8.9. වසර පන්ති වලට පැමිණි පසු වේලාව නිකරුනේ ගතකරමින් සිටීමත් ,දැනුමකින් තොරව ඉරිදා උදැසන ගත කිරීමත් නිසාවෙන් දහම් පාසල් අත ඇරිමට තීරන ගනි.එම නිසා සිසුන් මෙන්ම ආචාර්‍ය මණ්ඩලයේද වගකීමකි දැනුම සොයා යාම.එවිට පිරිපුන් සමාජයකට සියල්ලම නොව කොටසක් හෝ යහපත් විදියට යොමු කිරීමට හැකි වීමෙන් වර්තමානයේ පවතින ව‍යසන තතවය යම්තක් දුරට සමනය කරගන්න හැකියාව ලැබේ





සම්බුදු හිමිගේ සදහ සිහිලෙන් සැනහෙන  අප සිරිලක් දරුවො........

උදාර ගුණ දම් සිත දරුවෝ


No comments:

Post a Comment