Friday, October 21, 2016

සාමා අමර නයනා සමග එක් වූ සල් ගස







මග තොටදී අද සාමා හමු විය
ඇය ගුරුතුමියක් ඉස්කෝලේ
අමරත් බැදලලු පුතෙක් ඉන්නවලු
ඇය කී පසුවයි දැන ගත්තේ

අපි දුට් සල් ගස කපා දමාලූ
මුළු පරිසරයම එහි වෙන්සලු දැන්
දරා ගන්න බැරි ඒ ශෝකෙන් සිටි
නයනා සමුගත්තලු රහසේ

සල් ගස නයනා සාමා සිහි වී
මගේ හදත් සැලුනා රහසේ
කවදත අමතක නොවෙනා කාලෙක
සුන්දර මතක තිබ්බා අප හට

ආයෙත් යන්නට ඇත්නම් පාසල්
හිත මගෙ කියනව මට ඇසුනා
එකේ ප0තියේ ඒ පිටු අතරේ
ආයෙහ්ට් මගෙ හිත ඇදිල ගියා




3 comments:

  1. අපූරුයි දුශාන්. මේක කියවද්දී " සුළඟේ ලෙලෙනා" ගීතය මතක්වුණා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. සාමා තාම ඉන්නවලු. අපේ දරුවන්ගෙ ලෝකවල!! අපි එතැනින් ගම්පෙරලියත් පහු කරන් මහිලාවංශෙට ඇවිත්

    ReplyDelete
  3. '"පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ'" ගීතය නිර්මාණය වෙන්නෙත් එතනින්මයි..

    ලස්සන නිර්මාණයක් දුෂා

    ReplyDelete