Friday, January 3, 2025

මී මල්




 මී පුප් ලදිම් දරු නොලදිම් රන් කැටි පුතා කෝ... කෝ...." 

(මී පුප් = මී පුෂ්ප)

 අලු කොබෙයියෝ කෑ හගන හඩට

 මී මල් සම්බන්ධ කතාවක් තියෙනවා  කොබෙයි අම්මයි තාත්තා යි 

මී මල් ගල් තලාවක වේලෙන්න දාලා ඒවා සිය පුතාට බලාගන්න කියලා ඔවුන් නැවත ආහාර සොයන්න යනවා. 

අව්ව සැර වෙලා මී මල් වේලිලා ඒවා සියල්ලම ගල්තලාවේ ඇලිලා නොපෙනී යනවා. 

කොබෙයි අම්මායි තාත්තා නැවත ආවම මීමල් පේන්න නෑ. 

ඒ මීමල් තමන්ගේ පුතා කෑවා කියලා හිතාගෙන කොබෙයි පුතාව කොටලා මැරුවලු 😥

නමුත් වැස්ස වැටුනම නැවත ඒ මීමල් ගල් තලාවේන් මතු වෙනවා. 

ඒ දැක්ක කොබෙයියා දුකට පත් වෙලා කෑ ගහනවා...

"මී පුප් ලදිම් දරු නොලදිම් රන් කැටි පුතා කෝ... කෝ...." 

(මී පුප් = මී පුෂ්ප)